සාධාරනීකරණය!

12:08 PM Edit This 0 Comments »

ජීවිතේ හරියට ... ස‍දැස් කවියක් වගේ !


එකවගේ රාමුවකට අකමැති වුනාට!
නීති රීති වලට අකමැති වුනාට!
ලස්සන දකින්න හදන්නෙ ... 
පද හතරෙ එළිසමේ අස්සෙමයි !


පද හතරකින් එළිසමේ රැක්කට!
හැම වචන ටිකම ... ලස්සන සදැසක්ම කියන්න බෑ!
හැබැයි පද හතරයි ... එළිසමෙයි නැතුව!
සදැස් හැදෙන්නෙත් නෑ!


ඉතින්....!

ජීවිතේ හරියට ... ස‍දැස් කවියක් වගේ !

වැහි බින්ද

11:19 PM Edit This 0 Comments »




Copied Image from: https://garrettalloway.wordpress.com/photography/you-were-born-in-a-rain-drop/

වැටුනොතින් වැහි බින්දු - නියං සා මිහි මතට
වැහි බින්ද වටී වී - සාගරයක් තරම
වැහි බින්ද වුනත් ලොව-  තියෙන්නට උගේ තැන
බනින්නට එපා එන - ඉඩෝරෙට උබෙ ලොවට

ඉවසපන් වැටෙන කන් - වැහි බින්ද උබ මතට 
වැටුන දා වැහි බින්ද - බලන් උන් උබ මතට
සාගරය වෙනුවෙන් නම් - බලා හුන්නේ උබත්
නොදැනේවි උබ මතට - වැටුන බව වැහි බින්ද



ගන්ධබ්බය!

8:14 AM Posted In , Edit This 0 Comments »

Image coppied from: fumar-porros.deviantart.com

බිදෙන් බිද වැහි බින්දු අතරින්

හෙණ වදිනු දුටුවෙමි අහස් ගැබ.


වෙනදා හැඩූ හති නොඅල්ලා

නිහඩ විය අදුරු කර

සැනසීම දුක ගෙනා

නිතර හැඩූ දුරබනුව.


නිහඩ වී ජීවිතය

ගන්ධබ්බ කර මාව.

ආයෙත්ම හඩනු නුබ

ඈ නමින් දුරබනුව -

සැහැසි වදනක් දෙකක් හෝ 

අහස් කුස හෙණ විලස.


අනේ නිහඩයි සියල්ල

ගන්ධබ්බ කර දිවිය.

තවම නෑ හැගීමක්

කිම කරනු ඈ නැතිව!

කවි හිදුනු කවි පවුර....

12:09 PM Posted In Edit This 1 Comment »




සුදෝ සුදු පසුබිමේ
මළ බැදුන අල්පෙනෙති '''''''
මලානික දෑසින් 
සැමදාම මේ ලෙසින්
ඔහේ උන් බලා උනි 
නැත නැවුම් අරමුනක් '''''''

දිනෙක මුන් තුඩු අගින් 
ඇමිනිච්චි කොල උඩින්
ගනපාට තීන්තෙන්
හැඩ වෙච්චි කැටි වෙච්චි
අකුරකට අකුරක් 
ලන් වෙච්චි ගුලි වෙච්චි
වචනෙකට වචනයක්
ලන් වෙච්චි එක් වෙච්චි '''''''

වැලට වැල කවි පේලි
පදට පද හැගුම් පොදි
ගැහෙන උන් ගේ හැගුම්
මොර නැගුනි ඉපිල්ලී '''''''

අනේ අද තනි වෙලා වැළපෙමින් හූල්ලන
මළ බැදුන අල්පෙනෙති කියන දේ අහපල්ල
සරසවි සිසුවියන් සිසුවන් කියන උන්ගෙ
හැගීමක් නූපදින කාලයක අදෝනාව '''''''
නංගියේ මල්ලියේ තව ටිකයි ඉදිරියට
නැත්තටම නැතිවෙන්න '''''''

මළකාල පුස්කාල දියවෙලා නැතිවෙන්න '''''''
අදහස් කියන ඒ වචනයත් නැතිවෙන්න '''''''

නැත්තටම නැතිවෙච්චි
දාට මේ සුදුපාට 
ගැලපෙනව මළගමට
මිලින වූ මේ පවුර

නුඔලාම කව්ද යත් නෙහදුනන නුඔලාට
කියාදෙන්නට මේක
අද ඉන්න මේ ඉතුරු
අල්පෙනිත් නැතිවේවි '''''''



ප.ලි.
          කලක් නැවුම් ජවයෙන් සාරවත් වූ පරිසරයක, සිසුපුවරුවක අදහස් හෝ ගා එල්ලී තිබිනි. කාලයාගේ පෙරළියෙන් එකී පුවරුව කිසිදු කවියක් නොවැටෙන පතරංග සුදු පවුරක් පමණක් විය. අදත් මේ බිම නව සිසු පිරිසක් වෙසෙත්, පුවරුව නිරුවත් දෑසින් ඔවුන්දෙස බලා සිටී................. කලකට පෙර කවි අදහස් මත ගැටුම් එල්ලාගත් අල්පෙනෙති අදටත් මළකා වැහැරෙමින් සියලු වෙර යොදා පුවරුවේ එල්ලී ඇත.

11:54 PM Posted In , Edit This 0 Comments »

අන්ද මන්ද වී
මා අමතක වී
කාලය ගතවී
නුඔ අමතක වී
යලි ඇහැරුනෙමි
ලියනු රිසියෙමී
නැවතත් නුඔ හා
දීග යන්නෙමී

සමුගැණිමක් නොවෙයි - farewell !

10:27 AM Posted In , Edit This 1 Comment »

පැමිණීමත් - නික්ම යාමත්
 මිතුරෝය..!

දිනෙක - පැමිනියෙමි 
ආ ලෙසින් - නික්ම යමි.

පැමිනීම සිනහවේත් - නික්ම යාම - කදුළේත්
මිතුරන් බව දනිමි.

පැමිනීමට - සිනහවත් 
නික්මීමට - කදුළත් 
ඵලක් නැති බව හගින්නෙමි.

මා උන් කල - මා සිටි බව,
දැනුනා නම්..,
 ඒ ...
අගයන්නෙමි.!


ඉතින් මා යන්නෙමි - ආ ලෙසින් යන්නෙමි
ලොවට රහසින් - සොරකමක් කළෙමි
නුබට රහසින් - මා එකතු කල, 
මතකයන් රැගෙන යමි.


 ආමන්ත්‍රණය: නුඹලාට!

සුභ ගමන් අල්තීනායී

7:59 AM Posted In , Edit This 7 Comments »



එන්න...!
මා නුඹව රැගෙන යමි.
දෑතිතින්ම අල්ලාන....!
මගේ ෆැන්ටසියට.!

එන්න..!
රැගෙන යමි
සුරත ගෙන..
මා දකින සුන්දර ලෝකයට..!

ඉතින් විදින්න ..
ඒ.. සුන්දරත්වය..!
සත්තයි නුඹ ලොබ බදියි දැන්..
මේ ෆැන්ටසියට...!

ඔව් නුබට ලෝබයි..
දැන් මේ ලෝකය නුඹේ...

ඉදින් තව දුරටත් ... නුඹ නරඹන්නකු නොවේ..!
මේ ෆැන්ටසිය නුබේ.....!

දැන් නුඹට දැනෙනව..
දැන් නුඹ පිය නගනව..
දැන් නුඹට තියෙනව..
අරමුණක් .. මාවතක්..
මේ......
ෆැන්ටසියෙන් උත්තේජනය වුනු.
උඹම තොරගත්..!

දැන් ඉතින් කෝ .. කොහිද ?
රැගෙන ආ මා සුරත.!

අත හැරිල නේද ?

නොදැනීම......!.


දැනුනද නුඹට අතහැරැණු බව..?
සත්තයි නුඹ උරණ වෙයි..
මා එක්ක.!

නාවාට... පිය නගන්නට..
ඒ නුඹේ මාවතේ.. නුඹ සමග... නුබේ ෆැන්ටසියට.!

සත්තයි නවතිමි මම.!
නුඹට අවසරයි යන්නට.!
නුඹේ මාවත දිගට.!

රැගෙන එමි තවකෙක් හැකිනම්..!
මේ ෆැන්ටසියට
වාරු තිබුනොත් දෙපයට..
තව දුරටත්..

එයයි මාගේ කාර්යය!

සුභ ගමන් අල්තීනායී..!

පොප්ලරයෝ සිටියෙතින්..!
කියයි ලෝකයට..
අප ද සිටි වග..!

පලි ගැනීම!

11:55 PM Posted In Edit This 6 Comments »


අම්මා පල්ල කෙල්ලේ
නොකපමි මගේ කොන්ඩේ
ඇරගෙන ජනේලේ
ලෙහාගෙන යමි මගේ කොන්ඩේ....

දෙය්යනේ හමු වෙයන්
මේ ලෙසම හමුවෙයන්
ඒ අසුනේම හමුවෙයන්
ඉතින් මම කවන්නම්.....

කොන්ඩය වැවේවා
සිනිදුවට වැවේවා
දිගටෝම වැවේවා
උබව හමුවේවා ....

පැය දෙක හමාරක්
කවපු උබෙ කොන්ඩේ
රසය මගෙ මතකේ
වැවියන් මගෙත් කොන්ඩේ...

උබේ හැඩ අපූරුයි
ෆෝන් එක හැන්ඩියි
ඇත්තමයි සුන්දරයි
නැතිවුනි නම් ඔය කොන්ඩේ...
ඇත්තමයි අපුරුයි.

විලවුන් අපූරුයි
අග හිගත් නැති හැඩයි
ඉතින් උබ ලස්සනයි
කොන්ඩය නම් අදෝමැයි...

මමත් වවන්නම්
අද ඉදන් හොයන්නම්
දිනෙක මුන ගැහෙන්නම්
කෝම හරි කවන්නම්....


පොරබදමි සමග .....

10:04 AM Posted In Edit This 2 Comments »

 හොදටෝම පැටලැවුනු
        ගැට කොබ්බු දෙකක් ...!

තාලයක් තැතිව ඇදවෙච්චි
       දයන්නක්...!

වක් වෙලා වාරු නැති
       වයන්නකට..!

යන්තමින් එක්වෙච්චි
        යයන්නක්!

වෙල්කම් 2013 !

9:27 AM Posted In Edit This 3 Comments »
ගියා එකක්
ආව තව එකක්
වෙයං ඕන එකක්
නෑ මහා ලොකු හිතක්