සුභ ගමන් අල්තීනායී



එන්න...!
මා නුඹව රැගෙන යමි.
දෑතිතින්ම අල්ලාන....!
මගේ ෆැන්ටසියට.!

එන්න..!
රැගෙන යමි
සුරත ගෙන..
මා දකින සුන්දර ලෝකයට..!

ඉතින් විදින්න ..
ඒ.. සුන්දරත්වය..!
සත්තයි නුඹ ලොබ බදියි දැන්..
මේ ෆැන්ටසියට...!

ඔව් නුබට ලෝබයි..
දැන් මේ ලෝකය නුඹේ...

ඉදින් තව දුරටත් ... නුඹ නරඹන්නකු නොවේ..!
මේ ෆැන්ටසිය නුබේ.....!

දැන් නුඹට දැනෙනව..
දැන් නුඹ පිය නගනව..
දැන් නුඹට තියෙනව..
අරමුණක් .. මාවතක්..
මේ......
ෆැන්ටසියෙන් උත්තේජනය වුනු.
උඹම තොරගත්..!

දැන් ඉතින් කෝ .. කොහිද ?
රැගෙන ආ මා සුරත.!

අත හැරිල නේද ?

නොදැනීම......!.


දැනුනද නුඹට අතහැරැණු බව..?
සත්තයි නුඹ උරණ වෙයි..
මා එක්ක.!

නාවාට... පිය නගන්නට..
ඒ නුඹේ මාවතේ.. නුඹ සමග... නුබේ ෆැන්ටසියට.!

සත්තයි නවතිමි මම.!
නුඹට අවසරයි යන්නට.!
නුඹේ මාවත දිගට.!

රැගෙන එමි තවකෙක් හැකිනම්..!
මේ ෆැන්ටසියට
වාරු තිබුනොත් දෙපයට..
තව දුරටත්..

එයයි මාගේ කාර්යය!

සුභ ගමන් අල්තීනායී..!

පොප්ලරයෝ සිටියෙතින්..!
කියයි ලෝකයට..
අප ද සිටි වග..!

Comments

අතින් අල්ලගෙන ආවේ
ගමන ඉවර වෙනකන්
එකට ඉන්න
පොරොන්දුව පිට නේද ..
මම තවම
ඔබ සුරත අතැරිය තැන
ආවේ කොහෙන්ද ..
යන්නේ කොහෙටද නොදැන ..
ෆැන්ටසිය මැද
අතරමග ...
වෙනෙකෙන් කැන්දාගෙන එන විට
හමුවේවි ඔබට
ඔබ මා අත් හල තැනම
තවම උඩබලියගෙන ඉන්න
මාව .....
හූනා said…
@>Gayani Wedage
හම් ඇත්ත..ජීවිතය හඩවයි.!

@>Naleen Dilruksha
ස්තූතියි!

@> ❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀
අලිතීනනායි..!
දුයිෂෙන් පෙන්නාපු ලෝකය..
සුන්දරයි ද?

දුයිෂෙන් මහා කෙරුමෙක් නෙවෙයි..
මග පෙන්නුවා විතරයි..!
ඉතින් නුඹට අවසරයි...!

අතහැරුණු සුරත නැවත අල්ලාන..
නවතී නම් ඔහොම...
හැදින ගෙන උඹ බෝම,
අහිංසක දුයාෂෙන් දහම..!
Chandana said…
හ්ම්... ලස්සන නිර්මාණයක්.
Unknown said…
Digatama liyanna sahodaraya. Rasa windinna puluwan genu minissu me loke thama ithuru wela innawa.
හූනා said…
@bandara.
stutiyi saho. attatama me comments loku hayyak