විදුලිය නෑ....

11:51 PM Posted In Edit This 0 Comments »

අපේ අල්ලපු ගෙදර ආන්ටී හරිම හොදය. ඈ රොයිටරය මෙනි. ඇගේ හඩද මනරම්ය. දෙයියන්ගේ දායාදයකින් ඈගේ කට රිදෙන්නේද නැත.අපේ ගෙදර ආන්ඩුවේ නව ව්‍යාපෘතියට අනුව මම බෝම මෑතකදී ප්‍රමොශන් එකක් ලබා වෙනත් කාමරයකට මාරු කරන ලදි. ඉතින් මාගේ පලමු ක්‍රියාවලිය වුනේ පරිගණකය නිසි පරිදි එක්වර  කාටත් තිරය ඇස නොගැටෙන පරිදි  පිහිටුවා ගැනීමය. ඉතින් දැන් මේ නව පත්වීමට කලක් ගොසිනි. ඇස්වහක් කටවහක් නෑ ඒ කාමරයේ කබරයා සේ නිදාගැනීමට හැකිය. කාමරය අල්ලපු ගෙදරට අඩි කිහිපයක් මෙහායින් තිබීම මාගේ මානව හිමිකම් උල්ලංගනය කිරීමක් වුවද නිෂ්ශේද බලය හා මා ලද වරප්‍රසාද හමුවේ ඒවා පසෙක ලා හැකිය.අල්ලපු ගෙදර ආන්ටිට පිංසිදුවන්නට මුල් කාලයේ මට උදේ නැගිටීමට එලාම් අවශ්‍ය නොවීය. දැන් දැන් කම්මලේ බල්ලා ගානට වැටීම හේතුවෙන් ආන්ටී පරාද වී මගේ නිදි දෙව් දුව ජයගෙන ඇත. අද උදෑසන අවදිවී නිදි මරගාතේ ඇද පාමුල දනි පනි ගෑම අස්සේ  භයානක පිපුරුමක හඩක් යන්තමින් සවන වැකුනද හැගීමක් ජනිත කරන්නට පරිසරය සමත් නොවීය. ඊයේ පෙරේදා දවස් කිහිපයේම දවසට එක ඇදුම බැගින් බරිත කරමින් වැලේ ඔබන්නට සමත් වූ ධාරානිපාත වරැසාවේ පස්චාත් ප්‍රචන්ඩක්‍රියා කරලියට ඇවිත් ඇති බැව් අල්ලපු ගෙදර ආන්ටිගේ ලතෝනිය නන්ස්ටොප් හැගිම් මාලාවක් ජනිතකරන්නට සමත් විය.

පොල් ගස තාල වර්ගයේ ගසකි. මුල් බිස්සක්.අතු ඉති නැති උස ගසකි. මුල් කැටිව පිහිටීමෙන් වුව සෑහෙන තරම් ශක්තියක් පොලොව හා බැදී ඇත. පහසුවෙන් පොල් ගසක් බිම හෙලිය නොහැක. 33000 වොල්ට් විදුලි රැහැන් කදිමය. ඉහල විභවයක් රැක ගනී.බොහෝමයක් වවුලන්ගේ මරණමංචකය තැනීමට උපන් හපන්කම් පෙන්වන්නෙකි. අධිබලැති ට්‍රාන්ස්ෆෝමරයද ආසන්නයේය. මේ කරැණු එක් කල කල පැහැදිලි පරිකල්පනයකට එක් විය හැක. වැස්ස තදින් පැවතුනි. පස බුරැල්යැ.පොල් ගස කූරිය ගැසීය. අධිබලැති විදුලි කම්බි මත පතිත විය. හෙන ගහන්නට ශබ්දයක් ඇති කරමින් පුලිගු පනින්නට ඇත.ගි‍නිගෙන දැවෙන්නට ඇත.අවසන් ප්‍රති ඵලය, අපට විදුලිය විසන්දිවී ඇත. ඇනිටීගේ ලතෝනි විග්‍රහය සනාත කරනු වස් අප නිවසේද විදුලිය නැත.

අහෝ දුකකි ඉරකි තිතකි. පෙර දිනයක රාත්‍රය සිහියට නැගුනි. දෙදිනක් විදුලිය නැතිවිය.නිවෙස් පරිගණකය නින්දේය. ලැප්ටොපයේ පැ.2 හමාරක කාලය සියල්ල කාලය රාමුවක් තුල කල යුතු ආපදා තත්වයක් ජනිත කරමින් රිමයින් කරන්නට විය. ෆෝනයේ බැටරිය ඇස්ලොද ගෙඩි කරයි. භූමිතෙල් සුවද නැහැයට වහනය වෙයි. ලාන්පු තිර දැලි නංවමින් බොස බොස හඩින් නැටවෙයි. පලාතම අඩ අදුරක ශර්ලොක් හොල්ම්ස් කතාවක පසුබිම සකසයි. වැසිකිලියට යන්නට ජලය නැත.කරාමය ශු හඩක් මිස ප්‍රතිඵලයක් නොදෙයි. පැරණි ලිද සිහි කරයි. බාස්කට් අතින් ගෙන සරම දනිසට ඉහලට කිහිල්ලට සිරවී දත් කූරුවිකමින් ලිදට ඇදෙන ගොයියාගේ චරිතය රග දැක්වීමි. බොහෝ පරිකල්පනයන් අනාගත ලෙ‍ා්කය. විද්‍යාවේ අනාගතය..තාක්ෂණය මනස තුල ගිගුම් දෙන්නට විය. 2012 පසු ලොවද ආතර් සී මාමා මෙන් පොතක ලියන්නට කරැණු බොස බොස හඩින් ගලන්නට විය. කණ කීරි ගැහෙන සිරි සිරි වැසි පොද මැද මරණයේ අදෝනාව ගයන රැහැයි හඩ මැද අත්භූත සිදුවීමක හඩ නංවමින් තාලයට ‍ෆෝනයේ ලෝබැටරි සංඡාව හැඩවෙයි. භීෂණ සමයක වපසරිය සිහියට නැගෙයි.89,71 මේ දැන් වුව පරිකල්පනය කොට චිත්‍රයට නැගිය හැක. ‍මේ අදුරැ ැාත්‍රින් දෙක නිමා කරමින් පෙරදා පැමිනි විදුලිය අද උදෑසන ආන්ට්ගේ අදොනාව හඩවයි මම හීනෙකින්වත් නොසිතන්නට ඇත. සියලු ලට්ට ලොට්ට ගෙන නිවසින් පැන ගතිමි. අදත් පෙරදින මෙන් අදුරැ පසුබිමක ලෝකයක් පරිකල්පණය කරන අටියෙන් සමුගනිමි.

මිලිටරිය හා ලංකාව....!

11:48 PM Posted In Edit This 0 Comments »



      හම්....ටිකක් බර මාතෘකාවක් නේද?.ඔය වෙග් බර මාතෘකා කතා කරන්ඩ තරම් ඩයල් ඒකක් නෙවෙයි මම.ලොකු ලොකු කතා නැතුව මම දකින දේ, හිතන දේ කියල දාන්නම් ‍ මේම. මේමයි කතාව. සෙබලා කියන නම ඇහුනම ඔයාලට මොන වෙග් හැගීමක්ද ඒන්නෙ?. ඇත්තටම පුංචි ඒකෙක් ගෙන් ඇහුව කියමු. කව්ද සෙබලා කියන්නෙ?. ඔය වගේ බෝමයක් පුංචි අය අහන තාලෙ සරල ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියාම අපි හිරවෙනව. ඒකට හේතුව මම හිතන්නෙ අපි හිරියටම ඒ දේ ගැන හිතල නෑ, අපි නොසලකා හැරලයි තියෙන්නෙ අපි ගාව තියෙන්නෙ ඒ ගැන හරි පැහැදිලි කිරීමක් නෙවෙයි, නිකන්ම නිකන් හැගීමක් විතරයි අපි ඒ දේ දන්නවා කියල අපේම හිත රවට්ට ගත්ත. හම් දැන් කව්ද හැබෑමට මේ සෙබළ කියන්නෙ?. මමත් හරියටම දන්නෙ නෑ. හැබැයි මට හිතෙනව මේම. සෙබළ කියන්නෙ යම් කන්ඩායමක පොදු සතුරකු සමග යුද්ධයකදී හෝ ඒවන් විශේෂ ලෙස හදුනාගත් අවස්තාවකදී ඒ සමූහය නියෝජනය කරමින් සටන් වදින පුද්ගලයකු කියල. එතකොට මේ සෙබලා කියන වචනයට තව ගොඩක් විශේෂණ පද එකතු කරන්න පුළුවන්. මේ සෙබලාම අර කියපු යුද්ධය හෝ හදුනාගත් විශේෂ අවස්තාව කියන රාමුවෙන් පිටදි සාමාන්‍ය පුරවැසියකු වෙනව. ඉතින් සෙබල කියන්නෙ රැකියාවක් වෙන්නත් පුළුවන් ඒ වගේම සේවාවක් වෙන්නත් පුළුවන්. ඒ මට හිතෙන හැටි. මොකද ඒක දරන අරමුණ හා අවස්තාව අනුව වෙනස් වෙනව කියලයි මට හිතෙන්නෙ. මේම හිතන්න, හොදයි ඔන්න අපේ ගමට බෝම තද උවදුරක් එනව හිතමු.ගමේ ගම් මුලාදෑනිය මේ පිලිබද නිල වගකිව යුත්තා. ඕං ගමේ කස්ටියක් ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙලා ගම රකින්න. එතනදි සේවාවක් කියමු. ඕං ඔහොම. ඉතින් මේ විදිහට ගත්තම මේ සෙබළ කියන පට්ටම සමාජ දේවත්වයකට බෝම ලගින් නෑකම් කියනව. ඒ නිසාම සෙබල කියන පට්ටම ක්ෂණිකයකින් විරුව දක්වා පෙරලෙන්නට පුළුවන්. දැන් විරුව කියන වචනෙට පැහැදිලි කිරීමකුත් කරන්න ඕනද? අයියෝ කොටි වල්ගෙ එල්ලුනා වගේ. ඒක ගැන මම කියන්න ඕන නෑ නේද? දැන් ඔයැයිල අහපු විරුවො මතක් කරන්ඩල බලන්න. “හම් අන්න හරි මොකක්ද?“ “කෝ“ ? “ආ? කැප්පටිපොල?“ “හරි හරි තව කියන්න බලන්න.“ “වීර පුරන් අප්පු!“. “හම් තව..“.දුටු ගැමුනු!!!!!! . ම්.....ම්.... දුටු ගැමුණු ????? හම්... එයා අපි රජෙක් කියමුකෝ.. දැන් දස මහ යෝදයන් ගැන එහෙම අහල ඇතිනෙව මේ ළමයි? හරි දැන් නම් එහෙම එක දෙක කියවෙන්නෙ ඔය. ගෝටයිම්බර..........,වේළු සුමන..........,පුස්ස දේව..,නන්දි මිත්‍ර,ගෝඨාභය,බැසිල්,මර්වින්,දුමින්ද ...... හා හා හා වැරදුනා නේද? සොරි සොරි අන්තිම 4 නෑ. ඔය ගොඩක් කතා තියෙන්නෙ ඒ අය ගැන, අපිත් ඇස් උඩ තියාගෙන කට ඇරගෙන අහපු. ඇත්ත කතාව කෝම තියෙන්න ඇද්ද? ඒ කාලෙත් මේ ඊයෙ පෙරේද වගේ කේස් ගිහින් තියෙනව. අර දුමින්ද, භාරත කේස් එක වගේ.. ගෝටයිම්බර, මහාසේන කේස් එක. කරුමෙ කියන්නෙ බෙහෙතකට වත් කියන්න අර එළාර රජතුමාගෙ විසිස්සෙන් එක නමක් වත් මතක නැති හැටි. ජන්මෙ ගතියද මන්ද (හිහ් !). දැන් කොම කොම හරි විරුව කියන පට්ටම සෙබල කියන එකට වඩා පට්ටම පට්ටමක් නෙ. දැන් මේ විරුව කියන පට්ටම මිනිසුන් අතර දේවත්වය දක්වාම යනව. ඇත්තතටම ඒ එදා ලංකාවම එක්සේසත් කරන්න අවුරුදු ගානක් යාපනයෙ රජ කල රජ කෙනෙක්ගෙ බලවත් සේනාවක් පරාජය කරද්දි ඔය කී දාහක් සෙබළු මැරෙන්න ඇද්ද? ආ.. සොරි සොරි දිවි පුදන්න ඇද්ද? දැන් අපිට මතක තියෙන්නෙ දස මහ යෝදයන්ගෙනුත් 3යි 4යි. අපි කියමු කෙනෙක් මේ සෙබළ කමට එන්නෙ සේවාවක අරමුණින් කියල. තවත් කෙනෙක් එන්නෙ රැකියාවක අරමුණින් කියල. මේ කොම වුනත් ඒ අය කරන කාර්්‍යය සුළුපටු නෑ. වන්දනීයයි. ප්‍රශ්නෙ තියෙන්නෙ මේ සෙබලා කියන චරිතය, මෙහෙයවන්නකුට, දැඩි රාමුවක ඉදන්, දැඩි සේවයක් කරන්නෙක්.දැන් මේ දස මහා යෝදයන් අපි අතර විරුවන් වෙන්නත් අර එළාර ගෙ විසි මහ යෝදයන් විරුවන් නොවෙන්නත් බලපාන්නෙ මම මේ කියන කාරණය වෙන්න ඕන. අපි හසලක ගාමිණී විරුවෙක් විදිහට සලකන කොට කොටින්ට වෙනමම විරුවන් ඉන්නට ඇත්තෙත් ජේ. වී. පී. එකට වෙනමම විරුවන් ඉන්නට ඇත්තෙත් ඒ හින්දම වෙන්ට ඕන. දැන් මේ සෙබළා, විරුවා කියන රේඛාව වෙන් කරන්නෙ කෝමද කියන එකයි ගැටළුව. අපි හෙමින් දැන් කාලෙට එමුකෝ. අපේ ඉතිහාසෙ අපිට විරුවන් හමුවෙන්නෙ ඔය ඒ කාලෙ රජ වරු අතර සටන් නැතිනම් දුටුගැමුනු සිදුවීම නැතිනම් නිදහස් අරගලය නැතිනම් ඊලාම් සටන නැතිනම් හැත්තෑ ගනන් වල අසූ ගනන් වල විමුත්ති අරගලය ආයෙත් සාමෙන් පස්සෙ වකවානුව දෙවන ඊලාම් සටන. මම අර මතු කරපු කාරණය වැදගත් ඇති මගෙ හිතේ. සෙබලාගේ හුදු අරමුන සතුරා විනාස කිරිම වුවත් සෙබළා මෙහෙය වන්නාගේ අරමුණ ඔහු විරුවකු කරන්නට සමත් වෙනව. 





      දැන් මිලිටරිය කියන වචනෙට අර්ථ කථන සපයන්න මම උත්සාහ කරන්නෙනෑ. මම හිතන විදිහට ඇත්ත කතාව නම් බොහෝ මිනිස්සුන්ට හමුදා සෙබළා පිළිබද පැහැදිළි හොද අවබෝධයක් වත් තියුනු හැගීමක් වත් තිබුනෙ නෑ. විටෙන් විට ඒක මිනිස්සු තුල ස්ථාපන කරන්න එක එක රජයන් උත්සාහ ගත්ත. බහුතරයක් ඇත්ත මානුශික හැගීම තිබුනෙ සෘජුවම හමුදා පවුල් වල සාමාජිකයින් අතර කියල මට හිතෙනව ඒ තමන්ගෙ පුතාගෙ සොහෙයුරාගෙ ආලයෙන් සමස්ථ හමුදාවටම ආරෝපනය වූවක්. “රන් වැටක් ලෙස“ “මා ආදර ණීය මගේ“ “සෙබලානණේ“ වගේ ගීත බොහෝ දුරට ඒ කාර්යය කලා. “රණ බිම මැරුණේ සිංහලයකු නම්“ වගේ ගීත තරමක් දුරට තවත් කාර්යයක් කලා කියල මට හිතෙනව. ඒත් ඒ වරින් වර දැල් වෙමින් දුබල එළියක් විහුදුවමින් දැල්වුනු විරුවා කියන ටියුබ් බල්බය මෑතකදී “යුද“ ජයග්‍රහණයත් සමග ෆ්ලැෂ් බල්බයක් මෙන් එළිය විහිදුවන්නට වුනා. මේ කතාවට මම පුංචි කතාවක් කියන්නම්. අම්බලන්ගොඩ ටවුමෙ ඉන්නව තරුණ පහේ වීදි වෙළෙන්දෙක් මෙයා කාලෙන් කාලෙට නොයෙක් දේවල් කරනව වියත රැක ගන්න. සුවිප්,කාලෙකට නාරං,කාලෙකට ඇපල්,මේ දවස් වල අර පහේ කාසි චේන් බස් රථ වලට නැගල විකුනනව. ඔය කියන කාලෙකදි මගේ යාළුවෙක් එක්කල ඔය බස් එකකට නැග්ග වෙලාවක මිනිහ නැග්ග මරු හෑල්ලක් කියාගෙන.කියු දේ හරියටම තේරුනේ නෑ. හැමෝටම කොල වගයක් බෙදාගෙන බෙදාගෙන ගියා. මෙයා සාමා්‍යයෙන් එහෙම බිස්නස් කරන්නෙ නෑ. ඒ වෙලාවෙ බස් එකේ හොද බිස්නස් එකක් මිනිහට තිබුන. සෑහෙන දෙනෙක් ඒව මිල දීගත්ත.නැගිටල උන්න අපි දෙන්න ටිකක් එබිල බැලුව මොනාද කියල. එක් පැත්තක ඒ දවස් වල සුප්‍රසිද්ධ රණවිරු ඡයාරූපයකුත් අනෙක් පස දෑත විදා ගත් අති ගරු ජනපති තුමාගේ ඡායාරූපයත් රැගත් ස්ටිකරයක්. මිනිහ කාලෙ තාලෙට මින්ස්සුන්ගෙ උව මනාව තේරැම් ගත්ත නියම බිස්නස් කාරයෙක්. ඒ තමයි මම කිව් දේට සාධකයක්.සෙබළා යන චරිතයට කිසිදු ප්‍රහාරයක් එල්ලකිරීමට මා කිසිම විටකත් උත්සාහ දරන්නට කැමති නෑ. ඔහු නියම මිනිසෙක්. නමුත් ඔහු හසුරවන පාලක අරමුණ බෝම වැදගත්. අද විතරක් නෙවෙයි රජ කාලෙ ඉදන් සෙබලා කියන චරිතය මහජන හිතසුව පිනිස පොදු සතුරා විනාස කරනු වස් යොදාගත්තාට අමතරව හුදෙක් පාලක පන්තියේ උවමනාව ඉටුකරගැනීමටත් භාවිතා කල බවට අවිවාදයෙන් පරිකල්පනයක් ගොඩ නගන්නට හැකියි. උදාහරණ අවශ්‍ය නැතුවා විය යුතුය. මෙම ලිපියෙන් සෙබළාට හෝ විරුවාට පහර නොවැදිය යුතුමය මන්ද යත් සෙබලා ලෙසින් හෝ විරුවා ලෙසින් ඔහු කරණ කාර්යය ඔහු තරම් කැපවීමකින් භක්තියකින් ඉටුකරන්නකු සොයා ගන්නට මිහිපිට නැත. ඔවුන් කල පරිත්‍යාගයන් අපට සිතා ගන්නටවත් නොහැක. යුද්ධයකදි මිනිස් බලය ඊතා වැදගත් සාධකයකි. මෙහිදී මෙම සෙබල මළමුලු සදහා සේවයට බැදීමද එක් සමාජ කාරණයක් වී හමාරය. මව් බිමට කකියන ලෙයින් ඔද වැඩී මරාගෙන මැරෙමියි සේවයට බැදි සොල්දාදුවන් මෙන්ම ඉතින් ඕලෙවල් ඉවරයි,නංගියි අම්මයි කොමද කන්නෙ,මටත් රස්සාවක් ඔන. මේ කියන හිස්තැන පිරවන්නටත් සෙබලුන් නිර්මාණය වූවා විය යුතුය. යුද්ධයක් හා බැදි බොහෝමයක් කරුණු කාරනා ඇත. එක් විදෙස් බැංකුවකට රටක් පමනක් නොව රටවල් ගොන්නක් අල්ලේ නැටවීම කජුකන ක්‍රියාවකි. එසේම යුද්ධයකදී මාධ්‍ය කරන කාර්යය සුළු පටුනොවේ. මා පෙර කිව් පරිදි පොදු ජන මතය තුල විරුවකු නිර්මාණය කිරීම මෙන්ම ජ්‍යාත්‍යාලය බලෙන් හෝ ඔළුවට රිංගවීම පාලක පන්තියකට බෝම වැදගත් කාරණාවකි.මේ ක්ෂණිකයෙන් ලංකාව තුල නිර්මානය වූ මහා විරුවාගේ තිබිරි ගෙය නිර්මාණය වී ඇත්තේද පැහැදිලි මාධ්‍ය ව්‍යාපාරයකිනි. එසේ නිමැවූ විරුවා, මාධ්‍යය වානිජ්‍ය කරණයේ, රියැලිටි කරණයේ රගන්නට තරම්, මේ සයිකෝව එක්තරා මාධ්‍යයක සැලකිය යුතු රසික පිරිසක් නරබන මාධ්‍යය කාල සීමාවක් වෙන්කර පිරවන්නට සමත් වී ඇත. හමුදාවක් නිර්මාණය කිරීමේදී මොරාල් කියන වචනයට ලැබෙන තැන ගැන අමුතුවෙන් කතාකරන්න දෙයක් නැති තරම්. මේ මොරාල් දැඩිව තබාගැනීම යුද්ධයකදී කෙතරම් වැදගත්ද යන්න ඔබටම පසක් වනු ඇත. අනේ මන්ද මමත් ටිකක් බරසාර වුනාද කියල.මේ මොරාල් හදන්න හමුදාවක ඇතුලත කරන ක්‍රියාදාමයන් සොයා දැනගන්නට වටිනව. ඒ වගේම බහු ජන මතය මත මේ මොරල් පවත්වාගෙන යාම පාලක පන්තියකට හෙළුව වහන්න පිරුවටයක් කරගන්නටත් රටක් නැගී සිටින්නට කිහිලි කරුවක් ලෙස පාවිච්චි කරන්නත් පුළුවන්. මම මේ කියාගෙන ගියේ ටිකක් හංගල ගහපු කරුණු ටිකක්. පැහැදිලිවම මොරාල් එකත් මහජන මතයත් කියන කාරණය ඔස්සේ ප්‍රස්ථුතය ගැන හිතන්න පෙළබවීමක්. මට අවශ්‍යය පෙන්නන අපිට හිතන්නැයි බලෙන් කියන දේට එහාහින් හංගපු දේ හිතන්න පෙලබවීමක්.


      දැන් මේ යුද්දෙ අවසානයත් එක්කල මට තිබිච්ච ප්‍රාතමිකම අදහසක් තමයි දැන්මේ ලංකාව තුල තියාගත්ත සැලකිය යුතු පිරිසක් හමුදාවට මොකද කරන්නෙ කියන එක. මම කිව්වෙ ප්‍රාතමිකව. ඒ කියන්නෙ විසුරවන එක නෙවෙයි. මොකද මට අහන්න ලැබිච්ච විදිහට අන්තිම කාලෙ අවු 16 ඉක්මවු දෙමාපිය කැමැත්ත පිට අවම සුදුසුකම් යටතේ කෙටි පුහුනුවකින් විශාල ප්‍රමාණයක් හමුදාවට බදවා ගත්ත. මේව ලිඛිත සාධක හෝ ඔප්පු කරන්න සාධක ඇතුව කියපු කරුණක් නෙවෙයි ඇත්තටම කට වචනයෙන් දැනගත් කරුණු මත කියන දෙයක්. මම හිතුව කාලයක් මෙහෙම ම පවත්වාගෙන ගිහින් සාමකාමී පසුබිමක් යටතේ අවශ්‍යතාවයට පමණක් රදවාගැනීමකින් ඇතුලුව අතිරික්තය විසුරුවා හරීයවි කියල. යම් කිසි නිසි වැැඩපිලිවලක් ඇතුව. විශ්‍රාම වැටුප් සහ සරිලන දීමනා සහිතව. මොකද යුද්ධයක මානසිකත්වයක මොරාල් එකක් එක පාර සිවිල් සමාජයට මුදා හරින්නෙ නැතුව ක්‍රමානුකූලව ඒ අතිරික්තය ගෞරවාන්විතව සමාජ ගතකරයි කියල. මට හිතෙන විදිහට එතන ටිකක් සංවේදී සමාජ කාණයක් තියෙනව. ඒක මගේ හිතේ මැවුනු මතයක් විතරයි. හපුච්චේ මාව එල්ලයිද දන්නෑ මේක දැක්කොතින් ගොට මාම.අදින් පස්සෙ සුදු වෑන් තියා සදු කාර් එකක් දැක්ත් හැංගෙනව. මම දන්න අතීතයේ ඉදන්ම සෙබලා පොදු මහජන තර්ජන හමුවේ පමනක් නොවෙයි හුදෙක් පාලක පන්තියේ තර්ජනය හමුවේත් සුළු පටු නොවන කාර්යය භාරයක් ඉටුකලා. උදාරණ මම කියන්ඕන නෑ. ආ.. හා.. ආන් ඒක තමයි, ඔය මතක් වෙන්නෙ හෙමින් සැරේ...! මෙතනදි සතුරා ගේ ස්වභාවය ගැන කෝම වෙතත් විනාශ කිරීම සෙබලාගේ වගකීම වුනා. ඒ කාර්යය නිවැරදිව ඉටු කිරීමේදී අරමුන අනුව පාලක පන්තියටත් හදුනාගත් පිරිසක් විරුවන් වුනා. ඒ විරුවන් පොදු සෙබල තනතුරට අමතර තවත් කාර්යයන් ඉටු කලා යැයි පරිකල්පනය කිරීම බෝම පහසුයි මගේ හිතේ. එදා ඉදන්ම දරුණු ගනයේ වර්ජන එහෙම නැවතුනේ හමුදා මැදිහත් වීමෙන්. මම මතු කරන්න යන වැදගත්ම කාරනේ මේකයි. මම හිතනව අද ලංකාව ගරු මහින්ද රාජපක්ෂ ජනාධිලති තුමා පාලනය කරන්නෙ හතරෙන් එකක ප්‍රමාණයක් පමණයි කියල. ඉතිරි හතරෙන් තුනම හමුදා යාන්ත්‍රණයෙන් එක් පුද්ගලයකුගේ පාලනයේ හැසිරෙනව කියල. මහින්ද රාජපක්ෂ පොඩි පුතු නාවික හමුදාව නියෝජනය කරමින් ඉන්නා වකවානුවක.බොහෝමයක් අමාත්‍යාංශ රාජ්‍ය ආරක්ශක අමාත්‍යාංශය යටතට ගැනෙනව. ඒ සමගින්ම ඒවා පිලිබද වැඩිදුර සොයා බැලීම්, නිල වශයෙන් කෙටසකුත් නොනිල වශයෙන් බොහෝ කෙටසකුත් ඇහිරෙනව. යුද ජයග්‍රහණයත් සමග සියලු බාධකයන් යුදමය විලාසයෙන් විසදෙන්නට යන සේයාවක් පෙන්නුම් කරනව. සිවිල් වෙළද අධිකාරියට එරෙහිව පළමු ප්‍රහාරය දියත් වෙමින් විරුවා සෙබල වෙලෙන්දා චරිතය නිරූපණය කරනව. ඒ සමගම ඇරබෙන හමුදාමය ගොවි යුගයක් නිර්මාණය වෙනව. අවශ්‍යතාවය අනුව උතුරටත් නැගෙන හිරටත් බොහෝමයක් ගොනු වූ හමුදාව ලංකාව පුරා ස්ථාන ගතවෙනව. මට තේරෙන මගේ පුංචි මෝඩ මොලේ අනුව එක් ක්ෂණිකයකින් දැන් ලංකා පාලනය හමුදාවට භාරදිය හැකියාවක් තියෙනව මේ ස්ථානගත වීමත් සමග. විශේෂයෙන් මම හිතන විදිහට හමුදා බුද්ධි අංශය අගනුවර කේනද්‍ර නොකර ගනිමින් ලංකාව පුරා විහිදෙනව. බොහෝමයක් අමාත්‍යාංශ ආරක්ෂක අමාත්‍යාංශයට ඈදිමත් සමග ඒ සියල්ලට හමුදා සහය ලැබෙනව. මතභේදයන්ට තුඩුදෙන ඕනෑම අමාත්‍යාංශයක් ආරක්ශක අමාත්‍යාංශය යටතට ගැනීම මත ක්ශනිකයෙන් ඒ මතබේද සුන්වී යනව. විශේෂයෙන් විරුද්ධ ජන මතය. මෑත මාස කිහිපයක ඇතුලත කිසිදු පැහැදිලි ගනයේ උත්ගෝශණයක් හෝ මහජන මතය පෙන්වීමක් දකින්නට නොලැබෙනව. මොකද පොලීසිය දෙකේ කොලේට වැටීම මත මහජනයා පොලීසියට පහරදීම දක්වා පොලීසිය බලු වෙනව. කරලි මර්දණ ඒකකය නාමික වහයෙන් පෙරමුන ගන්නා අතර දෙවන වල්ල හමුදාාමය වීමෙන් ජන මතය ඉබේම දියාරු වී යනව. දැන් කියන්ඩ හදයි චිකේ මූට තියෙන කුහක කුප්ප කම මූ බලන් ඉන්නෙ ලේ වැගිරෙනකන් කියල. නෑ මම කියන්නෙ සාම කාමී මහජන මතය ප්‍රදර්ශණය කිරීමකට වත් යන්නය මහජනයයා නොපෙලබෙන තැනට ඒ ඉගිය ප්‍රමාණවත් වෙලා තියෙනව. ඒ සමගම නගරාලංකරණය නමින් අගනුවර පසුබිම සෑදෙමින් යන නිමිත්තට කිසිදු තර්ජනයක් නොවෙන්නට ඒටද හමුදා සහාය නොමදව ලැබී තියෙනව. සංවර්ධනයට. ඒ නමින් ඉඩම් විශාල ප්‍රමාණයක් හමුදා පාලනය යටතට පැවරිලා තියෙනව. සෝමාවතිය අවට,පොලොන්නරුව සමහරක්,කොහිලවගුර වත්ත (කරන්දෙනිය),සිංහරාජය අවට. මේවගේ බොහෝමයක් ඉඩම් අයිතිය දැනට හමුදාව යටතට ගැනිල තියෙනව. අධිකාරය එක් පුද්ගලයකු වටා ගොනුවෙමින්. පොලීසිය ග්‍රාම නිලධාරී චරිතය දක්වා යවමින් සියල්ල හමුදාමය වෙමින් යනවා යැයි මට හිතෙනව. අධ්‍යාපනය කෙරේ දැක්වු හමුදා සහය ගැන අපි කොමත් උනන්දුයි. රැග වෙනුවට නායකත්ව පුහුනුවත්, කුප්පි වෙනුවට pop වැඩසයහන් ආදේශයත්. නවක පිළි ගැනීමටත් පුංචි ආදේශයක් ලැබිල තියෙනව. මට ආරංචිවෙන විදිහට මෙහි යටි අරමුන අනාගත පරිපාලන රහස් ඔත්තු කරුවන් හදුනාගෙන වෙන්කරගනිමින් නිර්මාණය කිරීමයැයිත් අසන්නට ලැබෙනව. නවතම ප්‍රවන තාවය අනුව,ගෝඨාභය මහතාගේ පෞද්ගලික ආරක්ෂක ආයතනය සමස්ථ ලාංකික සරසවි ආක්‍රමණය කරමින් යනව. මා රුහුණු සරසවි මිතුරකු පැවසූ කරුණු අනුව පැහැදිලි සිසු මර්ධනයක් ඒ හරහා කරමින් යනව. මේ කන්ඩායමත් හමුදා විශ්‍රාමිකයන් ගෙන් සැදුම් ලත් ඉතා ජවසම්පන්න කාරිය අතුරරටම ඉටුකරන පිරිසක් බව වාර්තාවෙනව.

    හමුදාමය කාර්යය පැහැදිලිවම රටට නිශ්පාදන දායකත්වයකින් සිවිල් සමාජ ගත වන්නේනම් හා හුදු පාලක අරමුනු ඉටුකරන කුක්කන් රෑනක් නොවන්නේ නම් මැනවියැයි මට හිතෙනව. මා මේ දැක්වූ කරුණු වලින් හැගවෙන්නේ හමුදා සෙබලාට නැතිනම් අපගේ විරුවාට කෙරෙන කොනිත්තියක් නොව ඔවුන්ව සාහසික ලෙස හෙහෙය වන පාලක අරමුනෙට කෙරෙන්නකි. ඒ නිල ඇදුමට යටින් සැගවි ගත් සොදුරු මිනිසාට කෙරෙන පහරදීමක් යැයි නොසිතන්න. වැරදිලාවත් ඔබට එසේ සිතුනේ නම් එයටද වග කිය යුත්තේ විරුවාට ඒ අසාධාරණය කරන්නට පසුබිස සැකසූ ඒ පාලක අරමුණමය. මෙම ලියමන පහර දෙන්නට නොව සිතන්නට පොලබවන්නටය.! 

(කරැණු සදහා රිවිර වැනි මාධ්‍යන් ඔස්සේ යන්න. උදා :- 2011 සැප් 18 - පිටු 4,5,7,17,19)

කියවන්න විදින්න....

12:08 AM Edit This 0 Comments »

   හම්... අහන්න!. පළමු ආදරය. ඔබේ පළමු ආදරය......දැන් ඔබට ලංවිය නොහැකි මගක. ඔබට පැහැදිලියි දැන් ඈ නුඔට ලංවනු නොහැකි ලොවක. ඈ අත වරදක් නෑ. නුඹත් අසරණයි. දැන් රැවෙලා. නුඹ තනිවෙලා. කනුවකට හෙත්තුවෙන්න. අහස දිහා බලන්න. හද පායල නේද? දැන් හීනියට නැගෙමින් තීව්ර වන නමුත් ලතාවට ඇහෙන මදුර සැක්සෆෝනයක හඩ ඇහෙනවද? ක්ලැසිකල් ඩ්‍රම්ස් වාදනය, හිනියට මතුවුනු බොන්ගො රිද්මය.... පැහැදිලි පියානෝ  මුසුව.. ඔව් පියානෝව, පිරිසිදු පියානෝ හඩ, වරින් වර හෙමින් නමුත් හදවතට කිති කවන.G-ෆලූට් ස්වර කැටි වෙමින් එක් වෙමින්. ගිටාරයක්! ඔව් ගිටාරයක් එක් වුනොත් මේ සංද්වනියට?. ඉලෙක්ට්‍රික් ගිටාරයක්! හම් ඉලෙක්ට්‍රික්. පුළුවනිද උබට වාවන්න? නුඹ ඈට සමුදිය යුතුයි. නුඹට පැහැදිලියි.. ඈත් උබත් දෙපසක දෙමගක. දැන් ඈ අයිති වෙනම ලෝකයකට. හම්.. අහිංසක සිනා රැල්ලක් උබේ මුවග, පිටවුන පුංචි හම් හඩක්. දෙනෙත් අදුරු බව ඇත්ත දිලිසෙනව නේද හද එළියට? උබ දැන් ඇයට සමුදිය යුතුයි!.පුළුවනි ද??? හම්....! 

              මේ හද....! ඈටත් ලස්සනට පේනව ඇත්ද? ඈට...! ඈට.. මට වඩා ලස්සනට පේනව ඇති...! හම්... ඹව්.. ආයෙත් අර හිනාව... හන්තානට... මේ හද පායනකොට.... ලස්සන ඇති. නුබ තනි නෑ මේ රෑ. ඇහෙනවද හඩන රැහැයි හඩ ? ඒ උබේ තනියට. ඒ භාන්ඩයට කියන නම මම දන්නෙ නෑ. සාධකය, ඒ නැගෙන හඩ. රැහැයි හඩ, මේ රාත්‍රිය බව කියාදෙන්ට. ඇහෙනවද? ඇහෙනවද? ඕං උබ වටේට දුවගෙන ඇවිත් වයන වයලින් හඩ? 2ක් හෝ 3ක්. නෑ 1ක් වෙන්ට බෑ. 2ක් වත්. ඇහෙනවද? උබ තනි නැහැ. සැක්සෆෝනයකට පුළුවනිද මේතරම් හිතක් හඩවන්න. දැන් පුංචි වැහිපොදක්.. පුංචි හීතලක් නුඹට. නෑ ඒක බාධාවක් නෑ පසුබිම් සංගීතයට. දැන් උබට මැවෙනව නේද ඈ ගිය හැටි ඒ දින වල කුඩේ යටින් සීරැවෙන්. දැන් ඈ හැන්දෑවක දේව දාර ගස් සෙවනින් සැදුනු පාර මැදින් සිරි වැස්සට කුඩේ යටින් යන තනිවූ ඈ නුඹට පේනව නේද? ඈතින් යන ඈට කියන්ට දෙයක් තියෙනවද උබට? කොමද නුඹ පතන්නෙ ඇයට තනියක් දැනෙන්ට එපා කියල? උබ කියන්නෙ වෙන ඇසුරක් පතන්නද ඇයට? හම්!. එපා උබ අඩන්න... ඉන්න මම අඩන්නම් ... උබ වෙනුවෙන්.උබේ මනෝ ලෝකය තනිවුනු ඈ සමග යනවද මහවැලි ඉවුරට? බාධාවක් නෑ සංගීතය..! පුංචි සිලි සිලි සුලගක් ගස් කොලන් හෙමින් කිතිකවමින්. හම්. ඇයත් කනස්සල්ලෙන්. ඈ දුකින් බිම බැලුව නේද? එපා අහක බලන්න.. ඒ උබේ හිත කියන දේ නේද? ආසයි නේද ඒ ලස්සන ආයෙත් දකින්න... උබ කියන්නෙ ඇයට දුක්වෙන්ට එපාද? උබේ මතකය ගුලි කරල පොඩි කරල වීසි කරන්න මේ මහවැලි දිය රැල්ලට??? හම්....!!! මට වචන දියන් යාළුව........................ මම හඩන්නම් උබ වෙනුවෙන්.. හීනියට කිති කවන පියානෝව පොඩි කරන්නද මම? ඇති මේ මනෝ ලෝකය දැන්! ආයෙත් කනුව මුල...  ඒ අහස.. වැස්ස තුරල් වෙලා.. වලාකුලක් වත් නැතිව වැස්ස, ඒ වැස්ස අහවරවයි. හම්.. උබේ ඒ හිනාව රැකගත්ත කම්බුලේ තියෙන්නෙ ඒ වැස්සෙ සලකුනක්ද? සුන්දරයි... උබ තනි නැහැ. මේකට කියන්නෙ ආදරයද? මම දන්නෙ     නැහැ.

           සැක්සෆෝනයකට පුළුවනි බෝම හිනාවෙන් ඉන්න මිනිහෙක් වුනත් අඩවන්න.ඒකට වයලීනයක්, පිරිසිදු පියානෝ හඩක්. ඒ මදිවට ෆ්ලූට් එකක් එක් වුනාම තව කියන්නත් දෙයක් ඉතුරුවෙනවද? හොදයි.... සැක්සෆෝනයක්,බොන්ගො වාදනයක්,පුරාවට හීනියට පසුබිමින් ඇහෙන ක්ලැසිකල් ඩ්‍රම්ස් වාදනයක්(එකොස්ට්‍රික් ද කොහෙදයි කියන්නෙ, අර පින්සලකින් වගේ වාදනය කරන ක්‍රමය).ෆ්ලූට් එකක්,පියානෝවක්, වයලීන් 2ක් හෝ 3ක්. මම මුලින් හිතුවෙ 1ක වයලීනයක් කියල. දෙපාර තුන පාර අහනකොට තේරුනා එතන වයලීන් 2ක් වත් තියෙන්න ඕන කියල. තව ඉලෙක්ට්‍රික් ගිටාරයක්. ගිටාරය ඇරුනම අනෙක් සියල්ල unplug භාන්ඩ මට තේරුන විදිහට. මේ සෙරම එක්වෙලා අමර සිරි පීරිස්ගෙ මදුර ස්වරයත් එක්වෙලා සංවේදී ලෝකයක් මවල තියෙනව. “හන්තානට පායන හද ලස්සනයි ද කියන්න!“.හා අමතක වුනා කියන්න. තව එක සංගීන භාන්ඩයක්. මේ අපූරු සංගීතය රැයක තනිකම ගෙනහැර පාන්න, ලස්සන රැහැයියෙකුව අනුකරනය කරන බාන්ඩයක් යොදාගෙන තිබුන. මම ඒකෙ නම නම් දන්නෙ නෑ.( ප්ලාස්ටික් දාර සහිත භාන්ඩයක් උඩින් අතිල්ලෙන ඩ්‍රම්ස් කූරකින් මේ වගේ හඩක් නිපද වෙනව).

කරුණාකරල මේ ලියමන හිතට වදින්න,අඩුම තරමෙ රාත්‍රී 11න් පස්සෙවත් තනියම හෙඩ්ෆොන් දාගෙන හොදින් සින්දුව අහන ගමන් කියවන්න. සින්දුවක් බොක්කටම වදින්න රසවිදින්න ක්‍රමයක් කියන්නද? සමහරු දන්නව ඇති. සින්දුව කනට ඇති කියන කල් ශබ්දය වැඩි කරන්න. කන දන්නව ඒකෙ ගාන. මට නම් ටිකක් සද්දෙට ඕන. දැන් බෙල්ලෙන් ඔළුව පහතට එල්ලෙන්න හරින්න රිදෙන්න නෙවෙයි. හරියට ඔළුවට අත ගහගෙන වගේ.ඇස් පියා ගන්න, ආන් හරි. දැන් වාදනය වෙන සින්දුවේ පසුබිම් සංගීතයට හොදින් ඇහුම්කන්දෙන්න. ඒ එක එක වාදන භාන්ඩයන්ගේ හඩ වෙන වෙනම හදුනගන්න උත්සාහ කරන්න. නෑ නෑ. ඒක ගීයට බාදාවක් නෑ. පුරුදු වුනාම පුදුම මිහිරක් දැනෙයි. මොකද අපි සමහර වෙලාවට සින්දු අහනකෙටෙ එහෙම වාදනයක් ගියාද කියලවත් තේරෙන්නෙ නෑ. ඒකෙන් වෙන්න සංගීතඥයා මතු කරන්න හදපු භාව ප්‍රකාශනය අපෙන් ගිලිහිලා ගිහින් වෙන අමු ගතියක් මතුවෙනව. බලන්න ඉන්දියානු සංගීතයන්ගෙ තියෙන පූර්ණ බව. ඒ අය ගීතයක පසුබිම් වාදනයකට සංගීත භාන්ඩ වැඩි ප්‍රමාණයක් යොදාගෙන හිස් බව මකනව. ඒ ගීතයකට මම කිව් ක්‍රමය යොදාගන්න ගියාම සංකීර්ණ වෙනව. අපේ සංගීතය ටිකක් ඉඩ හසර තියෙන සංගීතයක්. සමහර ගීතවල පසුබිම් හිස් බවක් පවා තේරෙනව.  දැන් දෙවැනි පාර අහන්න. දැන් පුළුවනි අරඅර්ථය ගැන ගැබුරින් හිතන්න. මේ මම මේ සින්දුව දෙපාරක් 3න් පාරක් නෙවෙයි 4ක්, 5 පාරක් ම අහල නැගුනු හැගීමක් පරිකල්පනය කරන්න දරපු විකාරක්. මට මැවුනෙ පාසැල් ප්‍රේමයක් වගේ නව යොවුන් ප්‍රේමයක්. ඈ පේරාදෙනිය සරසවියට ඇතුලු වෙනව. ඔහු විශ්ව විද්‍යාල වරම් නොලත්. දැන් ඈ දුරස් වෙලා. මට හැගුන පරිදි. මෙහි කොතැනක වත් ඇයට වත් වරදක් පැටවිලා නෑ. ඒ කියන්නෙ නවමත් දෙදෙනාම ආදරෙන්. නමුත් ඔහුට ඇගේ දුරස් බව දරාගන්නට නොහැකියි. ඇයට එහෙම නෑ කියන්න සාධක නෑ. ඔහු තීරණය කරනව. ඈට වෙනම ලොවක් උරැමයි. ඔහු වෙන ලොවෙක. දැන් කාලය ඇය මුදවන්න. ඔහු නිසා විදින පීඩාවෙන්. ඉතින් සමු දිය යුතුයි. හදවතින් නෙවෙයි යාතාර්තයට ඉඩ දී. දැන් ඕන් මෙතෙන්ට දේශපානමය විග්‍රහයක් ගේනටත් පුළුවනි. ධනේශ්වර වාදී විනිමය සමාජ සන්ධර්භය තුල විශ්ව විද්‍යාල පුවේශය හා බැදුනු සමාජ ස්ථර ගත වීම්. හා පේරාදෙනිය සරසවිය වැනි ආකෘතික ආවෘත උප පරිසරයකට ඇතුල් වූ විනිමය සමාජ විලම්බීතය. මේ වගේම විවෘත ආර්තික කුඩුම්බිය තුල ආදරය වැනි මානුශික හැගීම් වානිජමය වී වෙන්දේසි වීම.  වගේ මාතෘකාවක්....!! හිහ්...!!!! පුහ් ...!!!!. ඒ වගේම මෙහෙම කතාවකුත් කියන්ට පුළුව්නදත් බැලුව. සරසවිය තුල හැදී වැඩී දැඩී වූ ආදරයක්. ඔහු ඉහල වසර සිසුවෙක් ඈ ඊට වසර දෙකක් පමණ පහල වසර සිසුවියක්. දැන් ඔහු සරසවියෙන් නික් මී. ඇය තවමත් ඇතුලේ. නමුත්  “හන්තානට පායන හද ලස්සනයි ද කියන්න?“ කියන පදයෙන්ම මගේ හිතෙන් ඒ අදහස පහවුනා. මොකද ඔහුත් පේරාදෙනි සරසවි සිසුවෙකුව සිටියානම් ඒ හන්තානට පායන හදේ ලස්සන දැක තියෙන්නට ඔනෑ. ඔයින් මෙයින් මම මගේ කතාව මෙහෙම හැදුව. ඈ ද කනස්සල්ලෙන් බව කියන්නට ද සාධකයක් හමුවුනා. “ලතා මඩුළු අත වනාවි එපා අහක බලන්න“ කියන තැන බලන්න. ඒ වර්ස් එකේ හැටියට මැවෙන්නෙ මහවැලි අසබඩ ගං ඉවුරක්. ඉතින් දැන් පංචි සුළගක් හමනව. තනිවී කල්පනාලෙවේ කනස්සලු වන ඈ දුකින් අහක බලනව. නැතිනම් දුකින් බිම බලනව. මේ සිරි විදින්නට අඩගසන තුරැ ලතා ඈ විසින් මගහරිනව. ඔහුගේ ආයාචනය. විදවන්නට එපා! ඔහුගේ මතකය ගුලිකර මහ වැලියට දමන්න!. ඔබ සැහැල්ලු ඒ සුන්දර කෙල්ලම වෙන්න! කියන එක. ඔං ඔහොම කතවෙක් ගොඩනගන්න පුලුවනි. මේ කතාවෙ ගොඩක් අඩු පාඩු ඇති. ඔයාලට ෆීල් නොවෙන්න ඇති. හිතිච්ච ඕන අටමගලයක් ලියල යන්න. ජය!


හන්තානට පායන හද - ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හද - ඔබට හැකිය දකින්න
//

අදුරු ලලා වහිනා කල - සරසවි බිම තෙමෙන්න //
කුඩෙ යටින් ඔබ යන කල - එපා තනිය දැනෙන්න

හන්තානට ....

ලතා මඩුළු අත වනාවි - එපා අහක බලන්න //
මා ගැන මතකය ගුලි කර - මහ වැලියට දමන්න

හන්තානට ...



ගායනය:  අමරසිරි පීරිස් මහතා




Artist - Amarasiri Piries
Song - Hanthanata Payana
Beat - 3/4
Key C major 

කාල තරණය...

8:22 AM Posted In , Edit This 0 Comments »


හයි...! සෑහෙන කාලෙකින් මේ පැත්තෙ ආවෙ ලියන්න කියල. කවි නම් වැලෙන් වැල එක් වෙවී ලියැවෙනව ඒත්, මම ගැන මම ලියන්නෙ කිලෙකින්. 
       අපුච්චේ අදනම් මම ඉන්නෙ මාරම කැළබීමකින් අඩියක් තියල අඩියක් ගන්නෙත් මාර සීරුවට.මොකද අපි කරන බෝම සුළු දෙයකින් මහා අනාගතයක් තීරණය වෙනව කියල මෙච්චර සීරියස් හිතුනෙ ඔන්න දැන් තමයි. කොම් පූටරේ වෙලාව කියන්නෙ 11.37 යි කියල. මම, මේ කියවන ඔයා... අපි හැමෝම ජීවත් වෙන්නෙ හැසිරෙන්නෙ මොන අරමුණකින්ද ?. සමහර විට බෝම සුළු අරමුණු. ඉගෙන ගන්නෙ? රස්සාවකට. රස්සාව? ජීවිකාවට නැත්තම් තව පරස්තාවකට. පරස්තාව? ජීවිකාව? මිනිසාගේ මූලික අවශ්‍යතාවයට. මිනිසා පරිණාමයේ සිටම ගෝත්‍රික සතෙක්.මිනිසාට බැහැ තනිව වාසය කරන්න.මිනිසට තියෙන්නෙ බෝම සංකීර්ණ වගේම බෝම විලම්බීත බෝහෝවිට දොම්නස්, කුතුහලයෙන් ඇවිස්සුනු සිතුවිලි. මේ සිතුවිලි මිනිසාව පාලනය කරනව. සිතුවිලි නැත්නම් චිත්තයන් කියන්නෙ එක් බලවේගයක්, මිනිස්සු කියන්නෙ දෙගොල්ලක් විදිහට හිතුවොත් මොකද වෙන්නෙ. එහෙනම් චිත්තයන්ගේ උවමනාවට, බෝම කුමන්ත්‍රණ කාරීව මිනිසා රූකඩ විදිහට රගපානව, ඒ බව වත් නොදැන. (චිත්ත පරපෝශිතයෝ- විද්‍යා ප්‍රබන්දය ගැනත් මතක් කරගන්න,http://sansarasidu.blogspot.com/2011/01/blog-post_22.html). මම මේ  කිව් අදහස මතුවුනෙත් මම හිතන විදිහට මිනිසාගේ සිතුවිලි දරන ගොජබ්භ භාවය නිසා. මොකද මිනිස් සිත කොයි වෙලාවෙත් සැකෙන්, කුතුහලයෙන් දුකෙන් පිරෙන්න පුදුම ආසාවක් දක්වන්නෙ. ඉතින් මිනිස් සිත හරිම කැමතියි තමන් කුමන්ත්‍රණයකට හසුවී ඇත. යන සැකෙන් පිරිල ඊට විරුද්ධව හිතන්න. හපුච්චේ දැන් තේරෙනව නේද මම පත්වෙලා තියෙන මානසික කැලබීම. මේ මම දරන අදහස් ටිකක් මික්ස් වෙලා කොම් පූටරේ යුතුරු පුවරුව මාර්ගයෙන් නොට් පැඩ් එකකට වැක්කෙරෙනව.

      මටත් වෙලාවකට පිස්සු. ඒක දැන අවබෝධ කරගැනීමෙන්ම සම්මත පිස්සු භාවයෙන් ටිකක් ඈතට යනව. මගේ කියැවිමේ දැනුම ටිකක් නෙවෙයි බෝම දුර්වලයි. මගේ දැනුම කියල කියන අඹ මල් රේනු ඇබිත්ත හැදිල තියෙන්නෙ කියන්න බැරිතරම් ලැජ්ජා සහගත විදිහට. මොකද ඒක සම්මතයැයි පිළිගත්ත ක්‍රම වලින් නෙවෙයි.කොහේදෝ හරි මොකක් හරි වෙලාවක අහුල ගත්ත කෑලි කෑලි මතකයේ යාන්තමට ඡායාවක් විදිහට තමයි. හෆොයි මොකෑ මේ යස අපූරැවට හිටපු හූනට වෙලා තියෙන්නෙ. කතාව මේමයි, මේ මොහොතකට කලින්, මම කාලෙකට කලින් හම්බෙලා උඩින් උඩින් බලල එච්චර හොද එකක් නෙවෙයි කියල, පස්සෙ වැඩක් නැති වෙලාවක බලන්න දාල තිබ්බ ෆිල්ම් එකක් බලල තමයි මේක වුනේ. මගේ මංඥං විග්‍රයක් එක්කල ඒ ගැන කියාගෙන එන්නම්.


කාල තරණය ගැන ප්‍රබන්ද වැහි වැහල තියෙනව.එක එක විදිහට එක එක තාලෙන්. කාල තරණය.... හම්. අපිට හමුවෙච්ච ප්‍රධාන මාන 3ක් ගැන තමයි අපි කියන්නෙ. දිග, පළල, උස. කාලය තවමත් අපි මානයක් විදිහට භාවිතා කරන්නෙ නෑ. කාලය කියන්නෙ මොකක්ද කියන එකත් මට නම් ටිකක් ව්තර මංඥං කරවන අදහසක්. ඇත්තටම මොකක්ද කාලය කියන්නෙ? මම මේ කව්රුවත් කියපු එකක් නෙවෙයි කියන්නෙ. ඒ නිසා වැරදෙන්න පුළුවන්, තව බොහෝ අර්ථකතන තියෙන්නත් පුළුවන්. ඉතින් කාලය... කාලය කියන්නෙ මම දකින විදිහට අපි කරන වැඩ මනින්න තියෙන මිම්ක්. ඒක තීරනය වෙන්නෙ මිනිසාට වැඩක් කල හැකි වේගය මත. නැත්නම් මිනිසාට සංවේදනය වීමේ තරම මත. සාමාන්‍ය මිනිස් වර්ගයාට අඩුවැඩඩි වුවත් ආසන්න මායිමක් විදිහට තත්පරය ඒකකයක් වෙලා තියෙනව. ඒක තත්පරය වෙලා තියෙන්නෙ අපිට සංවේදනය වෙන සීමාවත් එක්කල. මට කොම කලත් තත්පරයකට වචන 4කට වඩා කතා කරන් බැහැ. ඒ තත්පරය, මගේ හැකියාව අනුව. ටියුබ් බල්බයක් තත්පරයකට පනස් වාරයක් (50Hz or 60Hz)නිවි නිවී දැල්වෙනව. නමුත් මට පේන්නෙ ඒක දිගටම පත්තු වෙලා තියෙන විදිහට. ඉතින් මේ තත්පරය මිනිසාගේ සංවේදනයේ හැටියට. ඉතින් කාලය කියන්නෙ මිනිසාගේ සංවේදනයත් මිනිසාගේ හැකියාවන්ගේ වේගයත් මත විචලනය වන රාශියක් විදිහටයි මම දකින්නෙ. විශේෂයෙන් මිනිසාගේ සංවේදනයේ හැටියට. ඉතින් ඒ අනුව මේ සියල්ල මිනිසාට කාලය හා සාපේක්ෂයි. මට මතක විදිහට මම 7 දි 8 දි වතර ඇහිච්ච දෙයක් තමයි, නිවුටන් මහත්තය වෙන්න ඕන පොඩි න්‍යායක් ඉදිරිපත් කලාලු කාලය ඉක්මවා යාම ගැන. ඕං පුංචි උන්ට දැනගන්නත් එක්ක කාරිය මම කියල දෙන්නම්. මේමයි, ඔං හරියටම සංවෘත කොච්චි පාරක් තියෙනවළු හරිය. සංවෘත කීවම ලේසියට වගේ වෘතයක්!!!! (රවුමක්! රවුමක්!...) කියමුකෝ. ඔං මේ කොච්චි පාරෙ කොච්චියක් දුවනව හරිය. දැන් කොහෙන්ද මේක පටන් ගන්නෙ. ඉතින් කියන්න අමතක වුනා, මේ  කොච්චි පාරෙ එක තැනක තියෙනව ලොකු දුම්රිය පොලක්.මේ දුම්රිය පොලේ තියෙනව හැමෝටම පේන්න ලොකු රවුම් ඔරලෝසුවක්. ඔන්න හරියටම යක්කු ගස් නගින හරි මැදියම් වෙලාවට හූ කියාගෙන මේ කෝච්චිය දුම්රිය පොලෙන් පිට වෙනව. දැන් බබාල නොවෙන එවුන් අපේ මැණියැන්දෑව මතක් කොරහල්ලකෝ. අනේ ඒ අහිංකී මේකට පලි නෑනෙ. මම කෙටියෙන් කියන්නම්. ඉතින් දුම්රිය පිටවුන ගමන් තත්පර කට්ට 12 ඉදන් රවුමෙ දුවන්න ගන්නවනෙ. මේ දුම්රියට එක් වටයක් යන්න එක් තත්පරයක් නම් යන්නෙ. දුම්රියේ වේගය වැඩි කලාම තත්පර බාගය වුනා හිතන්න. ඉතින් මේ විදිහට වේගය වැඩි කරන් වැඩි කරන් ගියොත් එහෙම ගත වෙන කාලය අඩු වෙලා අඩු වෙලා ආලෝකයේ වේගය ඉක්මවූ දවසට කාලය සෘන විය යුතුයි කියලයි මම අහල තියෙන්නෙ. ඒත් එක්කම මගෙ පිස්සු මතකය කියනව අන්ස්ටයින් මාමද මන්ද පහු කාලෙක ඕක බොරුයි කියල ඔප්පු කරල පෙන්නුවළු නෙ. පව් වැඩේ නේද?. මොකද ඔය ලොකුවට තාම අපිට හිතාගන්න බැරි දේවල් කියපු, සොයාගත්ත ලෝකෙ තාම එකම වැඩ්ඩ අන්ස්ටයින්නෙ.ශුවර් එකට මිනිහ තමයි ඔක කරන්න ඇත්තෙ. අම්මේ ඔක අහපු මුල්ම වෙලාවෙ මම අප්සෙට් ගිය තරම. දැන් එක කෙලියයි අප්පට සිරි ගජ අතිතයට යතැකිනේ. ඔං ඒ දවස් වල ඔළුව පොලේ ගහන් කල්පනා කලා අතීතෙට යන්න. හිතන්න මේ මම මේ ලැප් එකේ ටයිප් කර කර, හෙඩ් ෆොන් එක කනේ ගහන්, ඉන්න සරම පිටින් අතීතයට වැටුන කියල. නිකන්ම නෙවෙයි එළාර දුටු ගැමුණු යුද්දෙ මැද්දට. ඔන්න මගේ වම් පැත්තෙන් කන්ඩුල හස්තිය පිට දුටු ගැමුණු කුමාරය එනව, දේව, හස්ති, අශ්ව, පාබල, සකල විද ආයුදත් එක්කල. දස මහ යෝදයො ටික තමයි ඉස්සරහින්ම, අර ඉන්නෙ ගොටයිම්බර අයිය. මං වගේමයි. ඔන්න දකුනු පැත්ත බලනකොට ඉස්සර මතක තිබ්බ දැන් මතක නෑ හස්තියගෙ පිටේ එළාර කුමාරය (මට නඩු දායිද දන්නෑ) විසි මහ යොදයො පිරිවරාගෙන දුටුගැමුණු වගේම එනව සටනට. මම ?. හරියට ට්‍රොයි ෆිල්ම් එකේ ආරම්භක දර්ශණය මතක් කරගන්න. අන්න ඒවගේ මැද්දෑවට වැටුන කියන්ඩකෝ. මක් වෙයිද? මම යටි ගිරියෙන් මොරදෙයි.මොබයිල් එක ඇදල අරන් 119 ඩයල් කරයි. හොදයි මේන්න දුටු ගැමුණුලට වැඩ ගොඩයි. එක එක මිනිස්සු රූප, හැම වැඩ කිඩක්ම තියෙන පොතක් වගේ එකක් එක්කල කනේ අමුතු එකක් ගහගත්තු, අමුතු ජීවියෙක් හම්බ වෙලා. පුංචි පතුරු කෑල්ලකට මිනිහ කතා කරනව. එක කෙලියයි. (පර්ල් හාර්බර් ෆිල්ම් එක සිහි කරගන්න).         
මොනවායින් මොනා වෙයිද ? නේද ? ( මම අනිවාර්යෙන් ගොටයිම්බර මමාට පගාවක් දීල ගැමුණු කුමාරයට සෙට් වෙනව මොකද මම දන්නවනෙ දිනන්නේ ඒ අය කියල.අනික දැන් අපේ රටේ පාලනයත් දුටුගැමුනු පරපුරේ කීවම කොමත් සැලකිලි).

       මේ ෆැන්ටසියෙ වැඩි වෙලාවකක් ඉන්න බෑ. මොකද මෙන්න මේම කතාවකුත් මම අර එක්කම අහල තියේ. ඒක තමයි මම අතීතයට ගිහින් මගේ තාත්තතව මැරුවොත් වර්ත මානයට මම කොයින්ද කියන එක.හෝ මම අතීතයයේ හෝ පැවතිය නොහැකිය කියන එක. හැබැයි මේ තර්කය අනාගතයට යන අයට වලංගු නෑ. ඒ අයට ඕනෑ තරම් අතල් ගතෑකි. පද්දතියට හානියක් නෑ.
( ද ටයිම් මැශීන් ෆිල්ම් එක හෝ පොත මතක් කරගන්න)

 ඉතින් කාල තරණය කියන්නෙ පුදුම ආසාවකින් හිතන්න හිතන්න ආතල් වැඩි වෙන මාතෘකාවක්. අනාගතයට යෑම කෝම වෙතත්. අතීතයට යෑම බෝම සංකීර්ණ මතයක්. මොකද මා පවත්න්නේ මා අතීතයේ නිර්මාණය වූ බැවින්. මාගේ නිර්මාණය අයිති අතීතයට. ඉතින් මා අතීතය ට පිවිසියේ නම් මාගේ නිර්මාණය අභිබවා ගොස් ඇත්තනම්. මා එහි පැවතිය හැක්කේ කෙසේද? කෙසේ හෝ මා එලෙස අතීතයට ගියේ නම් දැන් මා සම්බන්ධ කරුනේදී මා අත්විදින්නේ සැබෑ අතීතය නොව මායාවකි. කිමද යත් මා යන්නෙක් එහි නොපැවතිය බැවින් කිමද මා යන්නෙක් ඒ අතීතයට අයත් නැති බැවින්. නමුත් ඒ මා සම්බන්ධ කරුනේදී පමණි. මා කෙසේ හෝ අතීතයට ගියයේ නම් මා අතීතයට ආගන්තුකයෙක් මෙන්ම මා අතිවිදින්නේ මායාකාර අත්විදීමකි. එහිදී මාගේ ක්‍රියා කාරීත්වය නිශ්ක්‍රීය නම් තරමක් දුරට සාධාරණය. කිමද යත් මා අතීතයේ පළමු වරට පොළවේ පය තබන විට පෑගී මිය යන කූඹියකු ගේ පරපුර වර්තමානයේ කූඹියාගේ පැවතීම නැති වනබැවිනි. එසේ නම් මා අතීතය නරබන්නකු පමනක් විය යුතුය. මට අතිතයේ කිසිවක් කල නොහැක. අනාගතයට මෙය පොදු කරුනක් නොවේ. ඉතින් මා නැරඹූ චිත්‍රපටය ගැන කතා කරමු.

co-executive produser --> Janis Chaskin
executive produser --> Robert shage & Richard saperstein 
හා  Gregory Hoblit produsing 
හා Toby Emmerich ගේ රචනයක් 
FREQUENCY (2000) නමින් එළි දකිනව නිව් ලයින් සිනෙමා නිර්මානයක් විදිහට.
එක් ගිනි නිවන බටයෙක් 1960 දශකයට අයිති. එක් වික්‍රමයකින්, පවුල් සංස්ථාව පිළිබද චිත්‍රපටයක් ලෙසින් ආරම්භ වී දිග හැරෙනව. ළමයි දෙන්නෙක් බිරිදක් ලස්සන පවුලක්. වර්ථමානයේ කොළුවෙක් අවු.36ක විවාහය දෙදරා ගිය පොලිස් නිළධාරියෙක්. මෙම පොලිස් නිළධාරියාගේ වර්ත මානය හා ගිනි නිවන බටයාගේ වර්ථමානය ( අතීතය ), සමගාමීව දිව යනව. මේ පොලිස් නිළධාරියාගේ සොහොයුරා සමග මහ ගෙදරදී පරණ වැල්ව් තාක්ෂණයෙන් සැදුම් ලත් හාෆ් ඩුල්ලෙක්ස් (වෝක්ටෝකි පරිදි) තාක්ෂනයේ රේඩියෝ තරංග සංනිවේදන උපකරණයක් මුල්ලකින් සොයාගෙන වැඩ කර බලනව. ගිනිනිවන බටයාගේ වර්තමානය බේස්බෝල් මගින් ඇලලී ගිය වකවානුවක්. මේ උපකරණය මගින් මේ ගිනි නිවන බටයාත් වත්මන් පොලිස් නිළධාරීයාත් සම්බන්ද වෙනව. මෙයට හේතුවක් ලෙස සූර්යය විකිරණ ක්‍රියාවලියක් ( සූර්යය සුළන් ) පෙන්වන්ට උත්සාහ කර තිබෙනව. දැන් පොලිස් බටයාගේ වර්ථමානයේ සුළභ නැති මේ උපකරණය ගිනි බටයාගේ උපකරණයේ සංඛ්‍යාතය හා සුසර වෙනව. මේ අමතන්නේ කව්දැයි හදුන්වා දෙන්නට බලන කල එකම උපකරණයේ කේත අංකය දෙපසම උපකරණ බව දැනී දෙදෙනාම අවුලකට හා කැළබීමට පත්වෙනව. මේ කළබලය අතර ගිනිබටයාගේ සිගරැට්ටුව මේසය මත ගිනි ඇවිලී මේසය තරමක් දැවී යන්නේ පෙලිස් බටයාටද එය මායාවක් ලෙස දර්ශණය වෙමින්. ගිනිබටයා තම දරැවාට අමතන ආකාරයෙන් මේ මිය ගිය තම පියා බව හදුනා ගත් පොලිස් බටයා ඔහු මේ විකිරණ විපර්යාසය නිසාවෙන් අතීතයෙන් එන එකම උපකරණයේ සංඛ්‍යාතය වර්ථමානයේ තම උපකරණයෙන් නිකුත් කරණ සංඛ්‍යාතය හා සම්බන්ධ වී ඇති බව තේරැම් ගෙන. පියාත්,මවත් මරණයෙන් ගලවා ගෙන වර්ථමානයට ගෙන්වා ගැනීමේදී තමාගේ වර්ථමානය තමාටම පමණක් මායාවක් මෙන් මොහොතින් මොහොත වෙනස් වන ආකාරය හා එමගින් සැගවුනු අපරාධයක අපරාධ කරු ඉතාමත් සුන්දර අයුරින් විනාශ කරන අයුරු චිත්‍රපටායේ දැක්වෙනව. වගේම තමාගේ කුඩා අවදියේ අතීතය සමග උපකරණයෙන් සජීවීව කතා කිරීමට තරම් රචකයා සුන්දර වී තිබෙනව. තිර රචකයා, තම පියා සමග උපකරණයෙන් අතීතය සමග සජීවීව කතා කරන අතර තුර පියාගේ පසුම්බිය වර්ථමානයට ගෙන්වා ගන්නා අන්දමත් ඉන් අපරාධ කරුගේ ඇගිලි සලකුනු හදුනා ගන්නා අන්දමත් දක්වන්නට තරම් සුන්දර වූ අන්දම අපූරුයි. මෙයට භාවිතා වෙන්නෙ බෝම සරල න්‍යායක්. ඒ නම්. පියාට සජීවී කතා කරන අතර තුර තම පසුම්බිය තව වසර 30ක් කිසිවෙකුට සොයාගන්නට නොකිවේයයි සිතෙන තැනෙක සගවන්නැයි නර්ථමානයෙන් පුතා පවසන අතර. එය සැගවූ තාත්තා එසැනින් පුතාට ඒ තැන ගැන තොරතුරු දීමෙන් සජීවීව එසැනින් වර්ථමානයේ පුතා එය ලභා ගන්නා අන්දම අපූරුයි. මේ සංසිද්ධිය විද්‍යානුකූලව පහදන්නට ඇදාගත් ප්‍රස්ථුතය වූ, සුර්යය විකිරණ විපර්යාසය ( සූර්යය සුලන් විපර්යාසය ) අනාගත 2012 සංසිද්ධියටද මේදින වල බහුලව කතාබහට ලක්වන්නක්. 

ඉතින් මේ 2012 වේ වී කියල මටම හිතෙන මගේම අදහස් ටිකකුත් ඔන්න තෙරපෙන්න ගන්නව. හැබැයි ඉතින් දැන් ලියන්න බෑ බෑ වගේ. දැන් මේ කොම්පූටරේ වෙලාව 2.20යි. අපරාදෙ එසයිමන්ට් එකේ වෙලාව. කමක් නෑ පාඩුවක් නෑනෙ. ගෙදරට නෙට් තිබ්බනම් දැන් අප්ලොඩ් කරනව.මොනා කරන්නද උදෛ් වෙනකම් ඉන්න වෙනව. ඉතින් 2012 වේවි කියල කියන්න තර්ක කරන්න පුළුවන් මගේ ගල් පැලෙන මංඥං අදහස් ටිකකුත් එක්කල ආයෙ දවසක හමුවෙමු. එතකන් ගොහින් එඤ්ඤං.

එක දවසක් රෑ.....!

11:57 PM Posted In , Edit This 0 Comments »



බොහෝමයක් නිදාගන්න වෙලාවක කොලේකුත් පෑනකුත් මගේ අත ලගට ආව. ඊයේ ඉදන් උණ ගතියට ආපු වියලි කැස්ස මාව පෙලන්න ගත්ත. පැන අතට ආවෙ අරමුණක් හොයාගෙන නෙවෙයි. පෑන හදවතට දක්වන්නෙ පුදුම ලෙන්ගතු කමක්.පෑන මාව හදවතේ අසරණ කම ලෝබ කමක් නැතුව පහුරුගාන්න තනන වග මට තේරුම් ගියා.මොනව නමුත් මේ ලියැවෙන්න යන දේ ,මම ගැන මම පිටුව පුරවයි කියල හදවතට එහාගිය කෙනෙක් මට ටොකු අනින්න, කොනිත්තන්න වුනා. අකමැත්තෙන් නමුත් අසරණ කමින් පෑන කොලයට සමුදුන්නේ හද පිරි ලෝබ කමකින්. අර පෙලබීම නිසාමයි. මේ වගේ වෙලාවකට මට පිහිටට එන තව කෙනෙක් ලහි ලහියෙ සූදානම් වුනා. තනිවෙච්ච මගේ අලුත් කාමරේ සුදු පාට පොත් තාප්ප 3ක් මැද.මෙයා මට ලියන වැඩවලට පුදුම සුවපහසු යාළුවෙක් වුනා.ඒ එයාගෙ යතුරැ පුවරුව මට දක්වන පුදුමාකාර සුව පහසුව නිසාමයි.මගේ යාළුවොනම් මෙයාට ගොඩක් නම් කියනව. හූනගෙ ලී මෝල,හූනගෙ බරකරත්තෙ, මේවගේ ගොඩක්. හැබැයි ගොඩක් අය අතර ජනප්‍රිය හූනගෙ සර්වරේ කීවම. p3 ටොශීබා සැටලයිට් වර්ගයේ නොට් බුක් එකක්. 128 ram,6GB HDD,16 VGA, Xp දාල යුනිකෝඩ්,ඔෆිස් ,මදුර,වීඑල්සී,කේම් ප්ලේයර්ස් තව සෑහෙන මෘදුකාංග තොගයක් කරගහගත්ත. මාතර වව්නියා පදින තිරික්කලයක් වගේ භාන්ඩයක්. මේකට මේ නම වැටුනෙම ඒකෙ         සුවිශේෂී කම නිසාමයි. ඒ තමයි වේගය. 650 mmx නිසා වගේම එක්ස්පී එක්කල පුදුම තාලෙ වේගයක් තමයි එයා අපිට දෙන්‍නෙ.“මේක ලැපක් නෙවේ බන් සර්වරයක්“ කියල ආත්මෙ බේරගෙන අපේ එවුන්ගෙ කුණු කතා නෑහුනු ගානට මෙයත් කරගහගෙන කාලයක් මං පැද්ද.තාමත් මෙයා ජනප්‍රියයි.මදුර වලින් විතරක් වුනත් පුදුම සහයක් දෙන්නෙ. බෝඩිමේ ඉන්න කාලෙ වෙන කැම්පස් වල ප්‍රෙජෙක්ට් ටයිප් සෙට් කරල වේල් 2ක් වෙනුවට එකක් හරි හම්බ කරගත්තෙත් මෙයාට පින්සිද්දවෙන්ට තමයි.
         මොකක් නමුත් ලියැවෙන්න ඕන කියල වට පිටාව කියද්දි ඒකට හරියන සංවේදි වටපිටාවක් හදවත ඉල්ලන්න වුනා.බෝම ඉවසිමෙන් vlc plylist එකට සොෆ්ට් ක්ලැසිකල් හින්දි සින්දු ටිකක් එකතු වුනේ අවුරුදු ගනනක් මා එක්කල පුදුම හැල හැප්පීම් මැද ඉන්න එකම හෙඩ්ෆෝනය කනේ ගහගෙන.කැඩිච්ච ආර්ම් එක බැදපු තබ කම්බිය කෙස්ගස් උගුල්ලනව කියන එක මම අත්දැකීමෙන් දන්නා  ඇත්ත ආයෙත් සනාත වෙන්න ගත්ත. ටික වෙලාවක් අමුතුම ලෝකෙක ඉන්නකොට එලියෙ අමෝරා වැස්සක් වහිනව බව තේරුනේ ඇගට දැනෙන සීතලත් එක්කල.විනාඩි කිහිපයක් මගේම ලෝකෙක පාවුනු අතරෙ යාන්තමට ඇස් කොනින් වගේ වීදුරු ජනේල ක්ෂනික ඒකාලෝක වෙනව පෙනුනෙ දරුණූ අවදානමක් අත ලග කියන ගමන්. මොහොමඩ් අලීට වඩා හයියෙන් ගොරවන සද්දෙ ඇහුනෙ දඩ බඩ සද්ද දෙක තුනකුත් එක්කල. වෙන්න යන කේද වාචකය ඉවෙන් වගේ දැනෙන්න ගත්තෙ දෛවයේ සහජ දැන්ම් දීම් හැම දරුණු සිදුවීමක්ම ස්වභාවිකව කලින් දන්වනව වගේ.ගෙරවීමෙ හඩ පුංචි කාලෙ ඉදන් අහල තියෙන්නෙ මෙහෙටම ආවේනික එකම තාලෙකට. ස්වභාවික ගෙරවීම අවසනය මතුකරන්නෙ අපේ ගෙතුලින් නැගෙන කටහඩඩක රෞද්‍ර ගෙරවීමකින්. එක පාරම දොර ඇරන් අම්ම කඩන් පාත්වුනේ දේවලෙ කපුව ස්ත්‍රෝත්‍ර කියන ශෛලියක් අනුරූප කරමින් 3,4 විටක් අනතුරු අගවපු බව මා දෙසවන් නොවැකුනු බව පවසන්නට මා පමා වැඩි බව,නිහඩ නිසල බිත්ති පවා මට ඉගි කලා.
    ඒ අවසරයෙන් මා මිතුරා ට හදිසි සමුදීමක් ලබා දෙන්නට මට සිදුවී හමාරයි.අසරන මොහොතට පිහිටට එන පෑන කොලය තාමත් මා දෙස ප්‍රසන්න මුහුනින්.ඉදින් මා පෑන දැන් නුඹට කියාවි...........
        .... පුංචි විරාමයක් අරන් තේකක් අරන් ආයෙත් ආවේ පෑන දෙයක් ඉල්ලන නිසයි. මාව මේ තත්වෙට අසරන කලේ කුමක්දෝ තාමත් හරිහැටි නොදත් දෙයක් කියන්න තතනන මගේ ඇතුලෙ ඉන්න මම. මේ මොහොතෙත් මා වටේට ඉදන් මට ඔච්චමට  විරිත්තන සුදු පොත් කදු 3 මට මාව සොයන්නට පොළබවනව.මේ ඇකඩමික් එකත් පටන් අරන් දැන් ටික කලක් කියල පොතක් හරි මොනවද මේ කියල බලන්න ඕන නේද කියල මේ අය මගෙන් අහනව. ජීවිතේ සිරුවට හැඩි වේගෙන යනව නේද කියල මට පසක් වෙන්න ග්ත්ත.උගුර හූරල දාපු කැස්ස මැඩගෙන උතුරට 2ට තේ එක ගිල්ලෙ ජීවිතේ නීරස මොනවට පැහැදිලි කරමින්. මේම යනකොට මට දාර්ශනික අදහස් එනව. මට හිතෙනව දිනන්න හොද නෑ කියල. ඔබ දිනල තියේද ? ඔව් !. ඔබ දිනල ඇති . අභිමානයක් නේද ? සතුටක් ! ඔව් සතුටක් ! ඉන් පස්සෙ ??? ප්‍රශ්නාර්ථයක් ? ආයෙත් දිනන්න ඕන.. දිගටම දිනන්න ඕන ! හති නැද්ද ?? දැන් ඉතින් රැක ගත්න ඕන අභිමානය..! අර තිබිච්ච සතුට නෑ නේද ? අන්න ඒ හින්ද තමයි මම කීවෙ දිනන්න හොද නෑ!. කතාවක් තියෙනවනේ.“ ලෝකය තැනුනේ දිනුවන්ගෙන් නොව පැරදුනන්ගෙන්ය !“ කියල. කීවෙ කවුද කියල අහන්න එපා.....


 “ මෙගා මයින්ඩ්! “ බැලුවද ? මෙගා මයින්ඩ් මියයන ග්‍රහලොවක අනාගත පුරුක. මොහුත් එක්කල පෘථිවියට එනව තවත් මියන ග්‍රහයක අනාගත පුරුකක්.ඔහු තමයි තිතරම දින්නෙ.“ මම තමයි නරක චරිතය! “. මෙගා මයින්ඩ් කියාගන්නව. දිනන කම් මෙගා මයින්ඩ් තරග කරනනව. දිනෙක මෙයා දිනනව. ඉන් පස්සෙ ......!!! අපූරැයි. අපූරැ 3ඩී ෆිල්ම් එකක්. බලන්න... බලන්නම ඕන!.


    මම..! මට මාව හොයා ගන්න ඕන.මට මාව මගහැරිල කියල හිතෙනව. පසු පෙලට යන්න. හැංගෙන්න.සීරියස් චරිතයක් වෙන්න ඕන.. වෙලාවකට මම මට කියනව.ඒත් අමාරුයි. මම මෙයා..! කියල කෙනෙක් ආයෙත් දකින අය කියනව. ඉතිින් මම ආයෙත්.....!! හ්ම්.. ! . මට හිතෙනව වෙනසක් ! වෙනසක් ඕන කරනව ! ඉතින් දැන් ඇති. සුදුපාට පොත් කදු 3ක් ! ඉදපල්ල මම එනකන් ..! තව එක වචනයයි ලියන්නෙ. ඔබට සුබරාත්‍රියක් ! . මට... නෑ නෑ තියෙනව හොයාගන්න මාව ...! ඔයාල නිදාගන්න....

බලු කතාවක්...!

1:05 AM Posted In , Edit This 0 Comments »

බලු කතාවක් කියන්නද?
මම මෙච්චර කාලෙකට බ්ලොග් එකේ මේ වගේ කතාවක් කියල නෑ.කමක් නෑ ඔන්න ඔහේ කියල දාමු.බලු කිවෙ චාටර් කතාවක් නෙවෙයි.සිරාම සිරා බලුම බලු කතාවක් කියන්න හදන්නෙ.
අපි සුරතලේට බල්ලො කොච්චර ඇති කරනවද?බල්ල කියන්නෙ මේ සුරතල් ගනයට වැටෙන නේක විද සත්ව ලැයිස්තුවේ උඩින්ම ඉන්න සතා ආයෙ ඒකෙ තර්ක දෙකක් නෑ.දැන්  පූසො මට ගේම දෙයිද දන්නෑ.හොදයි බල්ලා කියන්නෙ කකුල් හතරෙන් ඇවිදින, මයිල් ගොඩක් පිරැනු, කොයි වෙලාවෙත් වගේ වැනෙන, උපහරණවලටත් ගොඩක් සම්බන්ද නැට්ටක් තියෙන, අපූරැ සතෙක්(නාවල කරල ගත්තම).දැන් මේක මැක්ක ගෙ කතාව වගේ. හැබැයි ඇත්තටම බල්ල කියන්නනෙ මාර දේවල් කියන්න පුළුවන් සතෙක්.“මම මහත්තයට බල්ලෙක් වගේ සේවය කලේ“මේ බල්ලගෙ විස්වාස වන්ත කම කියන කතාවක්.“ඒ ඉන්ස් පැක්ටර්ට බල්ලෙක්ට වගේ ඉව තියෙනව“මේ සුක්ශම බුද්ධිය කියැවෙන කතාවක්.මේක කියනකොට මතක් වුනේ,බල්ලොයි පොලීසියයි අතර පුදුම සම්බන්දයක් තියෙන්නෙ. ඒ ගැන කතා නෙකර ඉන්න එක ඇගට ගුණයි. බල්ල! වනචර කමේ,ගුණ මකු කමේ,විස්වාසවන්ත කමේ,බුද්ධිමත් කමේ,වගේම පෝසත් කමෙත් මිම්මක් වෙලා කියල කියන්නම ඹ්න නෑනෙ.පොශ් කෙල්ලන්ගෙ මායම් එකසිය විසි අටට එකකතු වෙච්ච එකක් තමයි සත්ව කරැණාව! බලුපැටියෙක් දැක්කම,“ආනේ බලන්න අසරණය!අනේ පව්! මේ මිනිස්සු හරි නරකයි!“ඇත්තටම ඒ අයට ඒ කරැණාව මනුස්සයෙක්ට නම් හිනෙකින්වත් පහල වෙන්නෙ නෑ.
ඇල්ටේශන්,පොමනේරියන්,බුල්ඩොග්,බොක්සර්,ජර්මන් ෂෙපඩ් වගේම වල්නේරියන්,ත්‍රීවීල් මොඩල්,ලාදුරැ ස්කින් වගේ ලංකාවෙ වර්ගත් ඉන්නවනේ.
     හොදයි හොදයි මේ ලස්සන බලු කතාව බලුම වෙන්න නොදී තාලෙකට එමු එහෙනම්.ඕන්න නිව් ජර්සි වල වගේ ඈත (CARY) පන්සලක පුංචි බලු පැටියෙක් උපදිනව.අම්ම තාත්ත පෙල පත නම් දන්නෙ නෑ.මේ ලස්සන පංචි බලු නයිදෙ ලස්සන පෙට්ටියක දාල ජපානෙ ටෝකියෝවට යවනව තෑග්ගක් විදිහට.තෑපෑලෙන් දුම්රියෙන් ගුවනින් ඩක්කුවෙන් ලොරියෙන් ට්‍රෙලියෙන් දිග ගමනක් එන මේ පුංචි නයිදෙව "හිබුයා" දුම්රිය ස්ථානෙදි මග හැරෙනව.පෙට්ටියෙන් එළියට පනින පංචි බලු රාල උතුරට දකුනට වගේම දන්න කියන හැම දිසානතියකටම දුවල අතර මංවෙලා අන්තිමේදි Dr.Eisaburo Ueno කියන මහාචාර්ය වරයට ටොකියෝ විශ්ව විද්‍යාලෙ ඉදන් ගෙදර යන මගදි හමු වෙනව අර කලින් කිව්ව දුම්රිය ස්ථානයේදි. ඇත්තටම කීවොතින් හමුවුනා කියන්නත් බැරි වගේ.පුංචි බලු පැටිය මේ ප්‍රොපා හොයාගෙන කකුල් දෙක ලගට ආව කීවොතින් නිවැරදියි.මේ පංචි බලු නයිදෙගෙ අයිති කාරය හොයන්න කිසිම සාධකයක් මේ වෙන කොට ඉතිරි වෙලා නෑ.ඒ සීන් එක මේම කියන්න ගියොතින් මට මේක ඉවර කරන්න වෙන්නෙ කොටස් ගානකින් සමන්විත ලිපියකින්.දුම්රිය ස්ථානාධිපති මේ පුංචව භාර ගන්නෙත් නෑ. ඉතින් ඔන්න මේ බලු කේස් එක මේ ප්‍රොපාට සෙට් වෙනව. හැබැයි පොපාගෙ ගෑනි බල්ලන්ට කැමති නෑ. ඉතින් බල්ලව හංගල තියාගන්න වුනත් ගෙනාපු දවසෙම මාට්ටු වෙනව හරිද?.බල්ලගෙ අයිති කාරය හොයන්න පොස්ටර් ගහල එහෙම බල්ලව තාවකාලිකව තියා ගන්න අවසර ලැබෙනව.කාලයක් යන කොට මේ ප්‍රොපා මේ බල්ලගෙන් තොර ජීවිතයක් නැති ගානට සමීප වෙනව.

     හා කියන්න අමතක වුනනෙ මේකට නමක්.හොදයි බල්ලෙක් නේ, දාමුද නමක්? “කඩිය“ ම්හු! හරි මදි නේද? “ටොමී“!“ජිමී“ ,“වයිට“,“බ්‍රව්නී“ අනේ මන්ද දැන් දැන් වීර චරිත,වගේම අපහාසයට උප හාසයට ප්‍රසිද්ධ අයගෙ නම් පවා භාවිතා කරනවනේ.හැබැයි මූට වැටිච්ච නම මේ සේරමගෙන් වෙනස්.“හචිකො“!!!. මේ මොකක්ද? අර බලු  කුක්කගෙ බෙල්ලෙ තිබුන පටියෙ එල්ල තිබුන පොඩි ටැග් එකක්. මේ ප්‍රොපාට උන්න ජපන් බොක්කක්.මිනිහ මේක දැකල තේරැම කියාපි.“හචිකෝ... කියන්නෙ වාසනාව.හචිකො කියන්නෙ වාසනාව දෙව්ලොවින් පොලවට ගේන සංකේතය“.ඉතින් මේන් මේක අහපු නිසා මේ දඩොරි පැටියව හචී යැයි නම් ලබනව.



              දැන් ඉතින් ඇයි මේ කතාව මේ අමාරැවෙන් කියන්නෙ.මේක මරැ කතාවක්.මේ බල්ලා මේ ප්‍රොපා එක්කල අමුතුම බැදීමක්.සතෙක් මිනිසෙක් අතර ඇතිවෙන අනුවේදනීය බැදීමක් පලකරපු නිසා තමයි මේක කියන්නෙ.මේ ප්‍රොපා වැඩකරන්නෙ ටොකියෝ යුනිවර්සිටි එකේ සංගීත අංශයේ.ඉතින් මිනිහ වැඩට යන්නෙ අර හිබුයා දුම්රිය පොලෙන් දුම්රියට ගොඩ වෙලා.මේ යන හැම දාම හචී පස්සෙන් ඇවිත් ප්‍රොපා ට සමුදීල දුම්රිය ස්ථානයේ දොරකඩ පාර එහාපැත්තෙන් තියෙන ගල් බංකුව මත ඉදගෙන ආයෙත් වැඩ ඇරිල ප්‍රොපා එනකන් ඉන්නව.දවසක් ප්‍රොපා යුනිවර් සිටි එකේදි හාට් ඇටැක් එකක් හැදිල රෝහල් ගත කරනව.මේ ප්‍රොපා ඒ මේ ලොකෙන් හුස්ම ගත්ත අන්තිම දවස.මේ සීන් එක හචී දන්නෙ නෑ.හචී තාමත් අතනමයි ප්‍රොපා එනකන්.හචී දන්නෙ  කෝමද තමන්ගෙ මාස්ටර් මේ ලොකෙන් තමාට හොරෙන් සමු අරගෙන පෙට්ටියකින් හොර පාරෙන් ගෙදර ඇවිත්.පවුලේ සේරමගෙම හරසර මැද්දෙ අඩි 4ක් යට හැංගුනා කියල.මෙච්චර සමීපව ඉදපු මාස්ටර් මේම තමන්ට අසාධාරණයක් කරයි කියල පිලිගන්න හචී සූදානම් නෑ. හචී තාමත් මාස්ටර් එනකන්!!!.
           මේ කරදරයෙන් ප්‍රොප් පවුල ගම හැරල යනව.යනකොට හචී වත් එක්කන් යනව. හැබැයි හචී නෙවෙයි වෙනස් වුනේ.මිනිස්සුන්ට අමතක වෙන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ කියන එක හචී කෝමත් දන්නව.හැබැයි හචී එහෙම නෑ. මේ දුර ගෙවාගෙන හචී ආයෙත් අර නගරෙට පයින්ම එනව.ඇවිත් ආයෙත් මාස්ටර් ට්‍රෙන් එකෙන් ගෙදර එනකන් බලාගෙන ඉන්නව.ඒක එයාගෙ වගකීම!.හචී ව අදුනන අහල පහල කඩ සේරම හැම මනුස්සයම අනුකම්පාව දෝරෙ යන්න උදව් කලා.තත්පර මිනිත්තු පැය දින සති මාස වලින් නෙවෙයි අවුරැදු වලින් හචී හචීගෙ යුතුකම ඉටු කලා.දිනක් ප්‍රොප් බිරිද අනුස්මරණ දිනයකට මේ නගරෙට ආව.ඒ එනකොටත් හචී හචීගෙ රාජකාරීයේ.මේ හචි බව හදුන ගන්න මහ වෙලාවක් ගියේ නෑ.කාන්තාවක් තම ස්වාමියට දක්වන ආදරයත් බල්ලෙක් ඉදිරියේ පරාද වෙන හැටි මේ කාන්තාවට තේරැම් කලේ කදුලු වගුරැවපු දෙනෝ දහක් මැද්දෙ. හචී පත්තර පිටු අතරට ආව.
හචී මැරැනෙත් මේම ම තමයි.
                                 හචී ඉපදුනේ  1923  
                                ප්‍රොෙෆසර් මැරැනෙ 1925 මැයි
                                හචී මැරැනෙ 1934 මාර්තු

  හචී අවුරැදු 9ක් ඒ සේවට ඉටු කලා.මේ හචීව මතක් වෙන්න අදටත් ජපානයේ හිබුයා දුම්රිය ස්ථානයේ ඉදිරිපිට ලෝකඩ හචී තම මාස්ටර් එනකන් බලන් ඉන්නව. හත්තිලව්වේ මේ බලු සීන් එක මම කෝමෙයි දන්නේ??. හචීකෝ ස්ටොරි කියල ෆිල්ම් එකක් තිර්මාණය වෙලා තියෙනව kristina boden ගෙ සංස්කරණයෙන්.මට මේ ෆිල්ම් එක හමුවෙලා බලල තමයි මට සීන් එක ක්ලික් වුනේ.කලින් කනින් කොලින් අහල තිබුනට.





ඇත්ත හචී ගෙ විස්තර බලන්න පුලුවන් http://en.wikipedia.org/wiki/Hachik%C5%8D පාරෙන් ගියාම.මටනම් කියවන්න වුනේ නෑ.මම මේක ලිව්වෙ ෆිල්ම් එකේ විස්තර හා මට ක්ලික් වෙච්ච තාලෙන් විතරයි.


තාමත් හිබුයා දුම්රිය ස්ථානයේ හචි පිලිමය තම රාජකාරියේ.......



 ඕං ඉතින් මගේ අත්දැකිමකුත් එක්කාසු කරන්නම කියල හිත කියනව.

                  මම 6 ඉදන් 10 වෙනකම් පාසල් ගියේ පාසල් සේවයේ.කරන්දෙනියෙ කැරෑව කියන හන්දියේ ඉස්සර ආප්ප කඩයක් තියෙනව.මම පාසැල් සේවයට නගින්නෙ මෙතනින්.අපි පුංචියි.මේ එළිය වැටීගෙන එන පාන්දර වැඩට පාසල් යන කවුරැත් දකින්න කැමති දර්ශණයක් තිබුන. ඒ තමයි මේ ආප්ප කඩේට ඉස්සරහ තිබුන පත්තර කඩයක්.මේන් මේකෙ මාමා ගාව උන්න ලස්සන බල්ලො දෙන්නෙක්.හැම උදේකම ආප්ප කඩෙන් ආප්ප ගෙනැල්ල කඩල උඩ දැම්මම උඩ පැනල කටින් අල්ලන් ඉස්සරහගාත් දෙක උස්සන් සේරම කාල නටන එක තමයි මේ දර්ශණය.උසම උස බල්ලො දෙන්නෙක්.මේ මාමල කාලෙකින් මේ කඩේ අස්කරන් වෙන ගමක පදිංචියට ගියා.කි.මී. 11ක් විතර දුරින් ගමකට.සතියකින් විතර අරින් එක බල්ලෙක් විතරක් උදේ අර වහපු කඩේ පිලේ ඉන්නව දැක්ක. හැමෝම මේ ගැන කතාව.නම “කුකූ“.මෙයා ගොඩාක් කාලයක් අර කඩේ පිලේ උන්න.වට පිටාවේ හැමෝම තරගෙට කන්න දුන්න.ආායෙ කවදාවත් ගෙදර ගියේ නෑ. මැරැණෙත් එතනමයි.තාමත් ඒ හන්දියේ හැමෝම මේ කුකූව දන්නව.මේ මගේ කතාව. මෙම්වගේ බලු කේස් ගොඩක් ගොඩක් අය ට කියන්න තියෙනව.ඒක මාර සුන්දරයි. මේ දේවල් ගැන හිතත්දි මගේ හිත මගෙන් අහපු ප්‍රශ්ණයක් තියෙනව.ඇත්තටම මිනිස්සුන්ට සුරතලෙක් මොකටටද කියල.මේ ප්‍රශ්ණෙට දෙන්න උත්තර ගොඩක් ඔයාල දන්නව ඇති.මටත් කියා දෙනවද??

පාපොච්චාරණය!

11:43 PM Posted In Edit This 0 Comments »




          ඔන්න කාලෙකින් ආයෙත් ආව පුංචි අවුරැදු තැග්ගකුත් අරගෙනම-හොදයි කියන්න හදන්නෙ පුංචි කතාවක්-අශ්වය මැරිල ස්ථාලෙ වහල දාල පාරක් පාරක් ගානෙ රස්තියාදු වෙන හැට පැනල හොට බිම ඇනිච්ච තාලෙ කව්බොයි කෙනෙක් ‍ගෙ අතීත කාලෙ සිද්ධ වෙච්ච අනුවේදනීය වීර කතාවක් වගේ එකක් මේ කියන්න තනන්නේ-
දැන් කව්ද මේ කව් බොයි එතකොට-දැන් මේක කතාවක් කිව්වට නිකන් මේක ගුවන්විදුලි ඩම එකක් වගේනේ නේද? හොදයි මෙන්න පළමු රෑප රාමුව-ඔන්න දැන් ඔයාලට මැවිල පේනව කව්ද බොයියෙක්ව නේද? හරියට අර සිරසෙ පෙන්නුව කව්ද බොයි කාර්ටූන් එකේ වැඩර් වගේ- නෑ නෑ නෑ පොඩ්ඩක් පැටලිලා පොඩ්ඩක් ෆොර්වර්ඩ් කරන්න අන්න අන්න හරි
ඔන් දැන් ඔයාලට පේන්නෙ අර ඒකෙ උන්න මිට්ටො 4 දෙනා-ආන් ඒවගේ කව්ද බොයියෙක් ගැනයි මේ කතාව-ඒ කියන්නෙ වැඩර් වුනාට කතාවෙ පධාන චරිතෙ වුනාට මේක ආරොහ පරිණාහ දේහධාරී පධාන චරිතෙකට උචිත ජාතියේ එකෙක් එහෙම නෙවෙයි- දැන් තවත් පැටලිලාද මොකක්ද මේ අට මගලෙ කියල-හරි හරි ඔහොම යන් කො ඉස්සරහට-
තාම තිරය ඇරැන විතරයිනේ- හොදා මොකාද මේ බොයිය? වෙන කව්රැත් එහෙම නෙවෙයි මේ මම තැන මම ම තමා ඉතින්- මාතෘකාව පේනවනේ පාපොච්චාරණය!(confession)-ඔන්න දැන් සීන් එකට එකතුවෙනව තව ෆ්රේම් එකක් හරියට අර X-files වල එෆ බී අයි එකේ ඉන්වෙස්ටිගේට් රෑම් එකේ මැද්දෑවෙ තියෙන මේසෙ මතක් කරගන්න
        ආන් ඒ වට පිටාවට^ අර පළමු විස්තර කරණ ලද (නොගැලපීම) ‍අමාරැවෙන් ඇගිලි පටලමින් කියන්න තටමන කව්ද බොයියව ඉන්දවන්න- ඔන්න දැන් හරි- ඔන් මිනිහ වමාරන්නයි යන්නෙ කව්රැත් නොදන්න- ඇත්තම කිව්වොත් මේ ලියන මමයි^ කතාවෙ පධාන නිලියක් එනව මගදි^ ආන් ඒකියි ඇරැනම කව්රැත්ම නොදන්න සිදුවීමක් ගැන-
දැන් මේක එපා වෙලා වගේද? වටෙන් ගොඩෙන් තැතුව එන්නම් කො කාරනේට- මේ කියන රෑප රාමුවෙන් පෙන්නෙන හාදය මමයි- මොකද මේ කියන්න යන්නෙ මගේ ඇත්ත සිදුවීමක්!-මාව දන්න මේ බ්ලොග් එක ඇස ගැටෙන මාව දන්න කියන අයවත් මේ කියන්න යන කතාවෙන් කියැවෙන්නෙ මගේ දැන් දකින පතිරෑපය නෙවෙයි-මොකද මම ඒ දවස් වල වෙනමම චරිතයක්-‍
වැඩිය වැඩ දාන්නෙ නැති කව්රැත් අතර අපසිද්ධ පූස් චරිතයක් වගේ- මම ලියපු සමහර කවි දැකපු^ මාව හොදටම දන්න කෙනෙක් ඇහුව^ කෝමද ඔයා මේ විරහව^ ආදරය ගැන කවි ලියන්නෙ කවදාවත් ඔයාට අත්දැකීමක් නැතුව කියල^ ඒකට ඔයාට අයිතියක් නෑ කියල-ඔන්න ඔන්න දැන් පසුබිම් සංගීතයක් එහෙම ඇහෙන්න ගන්නවද හරියට අර ඒකොන් හාදය අම් මිස්ටර් ලොන්ලී කියල මොර දෙන
සින්දුව වගේ-හරි ආයෙත් යමු කතාවට-කතාව ඇත්ත මට එහෙම සිරා කතාවක් කියන්න තරම් චාන්ස් එකක් තාම ලැබුනෙ නෑ- හැබැයි මේ කියන කාරන‍ය ගොඩක් අය නොදන්න එකක්-
        දැන් කොමද මේක පටන් ගන්නෙ?ස්කොලෙ නම නොකියත් බෑ කියලත් බෑ අනේ මන්ද? හොදයි ඔන්න වහෙන් ඔරෝ කිව්ව^ අම්බලන්ගොඩ^ ගාළුපාරට මුහුන ලාපු සුපසිද්ධ පධානතම පාසලකට 6 වසරට කොළු පොඩ්ඩෙක් එනව ස්වීට්!-ශිෂ්‍යත්වෙන් හරිද?^ දැන් කියන්න බලන්න කව්ද මේ කියල?හොදයි!ඔන්න 6 7 8 ඉන්පස්සෙ ලෙකු ස්කෝලෙ 9 10 11 ඔන්න එතකන් මේ චරිතෙ කිසිම කතාවක නෑ-
ඇත්තටම පුංචිම පංචි සිද්ධියක්( 7 දි ඒකත් මරැ මම පස්සෙ කියන්නම් )ඇරෙන්න කිසිම කතාවක නෑ-ඔන්න 11 දි මිනිහ පොඩි ඇඩ් එකකට සෙට් වෙනව මොකද දන්නවද පාසලේ පෙරදිග සංගීත සංසදයෙ එකෙක් වෙනව-පාලාත් කලාප සමස්ථ ලංකා ඔං ඉතින් දිගටම ඔය ආතල් එක තමා-ඒත් ඉතින් අපි නෑනෙ සද්ද-12 13 ඔන්න මේ කතාව වෙන්නෙ 13 මුල් කාලෙ-ස්කොලෙ 12ට එනව කියන්නෙ නිකන්ම විප්ලව කාරයො ටිකක්
බිහිවෙනව-හරියට ලයිසන් චන්ඩි වගේ-ඇත්තටම සුදු කලිසමට ආව කින්නෙ අමුතුම පෙරලියක්-කටුස්සෙක් යන්නෙත් ඩයිනෝසරයෙක් යනව වගේ-බස් එකේ කලිසම පරිස්සන් කරගෙන ෆුට්බොර්ඩ් එල්ලිලා^සීසන් ගැන් එකක් වෙලා සීටීබී 2 වෙන්න සින්දු කියන එක ඇරෙන්න වෙන ආතල් එකක් ඇත්තෙම නැ වගේ-ඔන්න 12ට අලුත් සෙට් එකක් ඇවිත්-අපි 13_ඔන්න ටික කාලෙකින් ස්කෝලෙට අලුතින් එකෙක් දෙන්නෙක් ආව-අපේ උන් ලෑස්තිය රැග් කරන්න-මහ රැගක් නෙවේ බිස්කට් කේක් ගෙන්නගෙන කන එක තමයි ඉතින්-අපි අපේ පාඩුවේ කාටත් කරදරයක් නෑ හරිය!-
          ඒ දවස් වල නිකනුත් මගේ වේගය පැයට හැට තමා-දන්න අය දන්නවනේ මගේ දිග පළල? උස තමයි මගේ විශේෂම ලක්ෂණය කියල කව්රැත් දන්නවනේ- ඉතින් හිතින් මවල බලන්න හැටට හැටේ බටු ඇටේ වගේ සුදු දිගක් ගහගෙන ජෑම් වෙච්ච ටයිම් එකක බස්ටැන්ඩ් එකට යන කමකට නැති එකෙක් ගැන-ඔන්න එහොමයි ජීවිතේ-දවසක් අපේ පන්තියෙ එකෙක් එක්කල ගාළුපාරෙ එනකොට ඉස්සරහින් කෙල්ලො දෙන්නෙක් යනව දෙනෝ දහක් මැද්දෙ-
මම ඉතින් ඕවට නෑනෙ-මගේ සයිස් වගේ ඇති-කොන්ඩ කරල් 2ක් බැදල රතුරිබන් එකෙන් සමනල ගැටේ දමල-බෑග් එක අළුත් පටි ගොඩයි එල්ලෙනව-ඔන්න මාත් එක්ක ආපු මෑන් මේකිට එක එක දේවල් කියන්න ගත්ත-නෝ රෙස්පොන්ස්- ඒක උගේ සිරිත කෙල්ලෙක් දැක්කොත්මොනාම හරි කියන එක-මු මොකක් හරි කට හැඩිච්ච කතාවක් කිව්ව නරක එකක් නෙවෙයි මට දැන් මතක නම් නෑ මොකක්ද කියල-මේ විහිළුවට අර ගර්ල් හැරිල බැළුව එකපාරම. පංචි බයකින් පංචි හිනාවකින්-එතකෙටෙයි මමත් දැක්කෙ කව්ද කියල- මට කවදාවත් ගර්ල් කෙනෙක් ගැන එහෙම හැගීමක් අද වෙන කනුත් ඇතිවෙලා නෑ එදා වගේ-මම දන්නෙ නෑ මොකක්ද වුනේ කියල-හරියට ‍හෙනයක් වැදුන වගේ-ඒ හිනාව නම් මට තාමත් මතකයි-මේ වෙකොටත් ඒ ගර්ල්‍ගෙ යාළුව මගේ යාළුවත් එක්ක බරටම පැටලිලා වාදෙ-මූ කිය කියන එකට ඒකිත් මොනාම හරි කිව්ව-මමයි මේ ගර්ල් සද්ද නෑ- හැබැයි මට වුනේ මොකක්ද කියන්න මට අදත් වචන නෑ-කරන්ට් වැදුන වගේ මතක විදිහට අරැ මාව ඇදගෙන ගියේ මොකද මම හිටි විදිහටම උන්නද මන්ද-උට මගේ වගක් තිබ්බෙ නෑ උ හිටියෙ අර අනිත් ගර්ල් එක්ක එකට එක කියන සිහියෙන් ඌට මාව මතක් වුනා නම් වුනේ මිනිහට මිනිහගෙ බර දීගෙන උන්නු ආදාරකේ මගහැරෙනව කියල විතරයි-මිනිහට ආදාරකේ ඇදන් යන්න ඕන නිසාම මමත් ඇදන් ගිහින්-ටිකකින් කිසිම දෙයක් නෙකියන මමත් කියවන්න ගත්ත -
ඔන්න එදා දවස ඉවරයි මමත් ඉවරයි- ගෙදර ගියා කෑව නිදාගත්ත මොනා කරත් ඒ හිනාව මාව කෑව-පස්සෙ මම හෙවව කවුද මේ කියල-අපේ ඉස්කෝලෙට අළුතෙන් ඇවිත් ආර්ට්ස් වලට-ටික දවසක් ලයිබරියට වෙලා ඒ ගර්ල්ව බලා උන්න- හැබැයි මේ වෙනස් කම් කව්රැත් දන්නෙ නෑ-දවසක් ගේට් එක ගාව හැමෝම වගේ යනකන් උන්න වෙන එකෙක් එක්ක ඌ දන්නෙත් නෑ ඇයි කියල-එදා මට මිස් වුනා-එදා මිස් වුනා මිස් වුනාම තමයි-දවස් දෙක තුනකින් කවසක
පන්ති යන අතර මග රේල් පාරෙ මම විතරයි රේල් පීලී දෙකේ ඇතින් කපල් එකක් එනව-ඉතින් මට මොකෝ- හැබැයි ලන් වෙනකොට පොඩ්ඩක් මාව අපහසුතාවෙට පත්වුනා-ආවෙ වෙන කවුරැත් නෙවෙයි පධාන නිළිය- දැනට කතාවට සම්බන්ද නොවුනු ‍කොහේද දන්නැති වෙන ෆිල්ම් එකක නළුවෙක් එක්ක-එතකොටත් ඒ දෙන්න වෙනම ෆිල්ම් එකක් පටන් අරන් කියල තේරැනා-මම පන්ති ගියා ගෙදර ආව ස්කොල් ගියා-ඒ ගර්ල් ස්කෝලෙ ඇතුලෙදි ඕන තරම් හමුවුනා
මට මේ කෙල්ලට මූණ දීගන්න බැරිවුනා-මම ඒකිව මග ඇරිය-!!! දැන් නිකන් ඇහෙනවද ෆිල්ම් එකේ අන්තිම සින්දුව පසුබිමින්^ හරියට ටයිටැනික් සොන්ග් එක වගේ- මේ ටික ලියන කොට මට මතක් වෙන්නෙ මංජුල වෙඩි වර්ධනගෙ බත්තලන් ගුංඩුව පොතේ අවශේෂ ඒත් විශේෂ චරිතයක්-මතක නම් සින්බෑඩ්- සින්බෑඩ් ට ගෑනු අරහන් පුදුම විදිහට විවේචනය කරන්නෙ- හැබැයි ඒ උගේ පෙර අත්දැකීමක වේදනාව උපහාසයකට උපේක්ෂාවකට පෙරළුන හැටි-
ඇත්තටම ඒ පොතේ ඒවගේ තවත් චරිත තිබුන මට හරියටම නිච්චියක් නෑ-පුළුවන් නම් කියවන්න මැක්ස පොත ආයෙ වචන නෑ කියන්න-මම 3පාරක්ද කොහෙද කිවයව්ව-පුළුවන් වුනොත් ඒගැන විචාරයක් ලියන්නම්-නැත්නම් කියවල එන්න අපි පොස්ට් එකක් ඇරල කමෙන්ට් වලින් විචාරය කරමු-අවශ්‍යනම් කමෙන්ට් එකක් දාන්න මම ලින්ක් එකක් එවන්නම්-
    ඔන්න ඉනින් මම සිම්බෑඩ් වුනේ නෑ-හැබැයි මම ඒ මතකය සම්පූර්ණයෙන්ම මරල දැම්ම-දැන් නිකමට වත් ගොඩ එන්නෙ නෑ-හැබැයි ඒකි දකිනකොට^ සමහර හිතට ලං වෙච්ච වෙලාවට තාම ඒ හිනාව මරන්න බැරිවුනා- ඒක නිකන් අපරාදයක සුලු මුල කියා පාන මූසල සාක්කියක් වගේ-පාරින් පාර උඩ එනව-හැබැයි ඒකට බෑ මාව පරද්දන්න-මම සින්බෑඩ් වුනේ නෑ-හැබැයි තාමත් මට කිසිම කෙල්ලක් ගැන ඒ වගේ හැගීමක් නම් අහලකවත් නෑ-හොදයි මේ යන්න
ෆිල්ම් එකේ^ ද එන්ඩ්!- දැන් මේ ටයිටැනික් සින්දුව හැරෙනව බජව්වකට පපර බැන්ඩ් එකකට^ ඒ මගේ හැටි -ඔන්න දැන් මේ  යන්නෙ ෆිල්ම් එකේ නාමාවලිය-මේක කියන්න හිතුනෙ ආයෙ මේ ලගදි දවසක මට ඒ අපරාදයේ සාක්කිය^ ෆිල්ම් එකක් හින්ද මාත් එක්ක  හොල්මන්  කල හින්දත් ^මගේන් දෙතුන් දෙනෙක් 25ක් වෙනකම් මොකද කලේ කියල අහපු එකට උත්තරේකුත් දෙන්න හිතිල-හොදයි පුළුවන් නම් Daisy-2006 කොරියන් ෆිල්ම් එක හොයාගෙන
ඉන්ග්ලිශ් සබ්ටයිටල්ස් ‍දාගෙන දශමයක් යවන්නැතුව කකුල් දෙක පුටුව උඩට අරන් සැපපහසුවට සැහැල්ලුවෙන් බලන්න-මම එහෙම බලල වෙච්ච දේ පතිථලේ තමයි මේ-මරැ ෆිල්ම් එක-!!!හැපි එන්ඩින්!! හිනා කටයි බත් දෙකටයි!! සිනා බෝ වේවා!!සුභ අළුත් අවුරැද්දක් වේවා!!!

ඡන්දෙ...

2:25 AM Edit This 0 Comments »
             අර මෑතකදී කියල කලින් දාපු පොස්ට් එකේ ම පසු දවසෙ ඔන්න ප්‍රසන්ටේෂන් දීල මම ගෙදර ආව.ආවෙ යාළුවෙක්ගෙ ආච්චි කෙනෙක් අන්තරා වෙලා මළගෙදරට.ඊතින් ඔන්න එදා රෑ යන්න සෙට්වුනා නයිටට.මගේ බයික්

එක ගෙදරින් පන්න ගත්තෙ අදෝනා දේශනා ගොඩක් මැද්දෙ.ඉතින් මමයි තව එකෙකුයි මගේ බයික් එකේ ගියා මළගෙදරට.රෑ වෙනකම් ඕමි ගහන ගමන් කයියක් දාන් උන්නු සෙට් එක රෑ වෙනකම්ම පිස්සු කියෙව්ව හැරැනු

කොට වෙන දෙයක් කලේ නැති ගානයි.ගොඩක් සෙනග හිටපු මළගෙයක්.එක දේශපානල පක්ෂයක් සම්බන්දවත් ටික දෙනෙක් උන්න.මේ ඡන්දෙ කාලෙනෙ.පොලිස් මාමල දේශපාළන ඇත්තො එහෙමත් ඇවිත් ගියා.
     මළගේ තිබුනෙ යාළුවගෙ මාමලාගෙ නිවසෙ.අපි එකම තැන ඉන්න බැරි නිසා අපි ගියා යාළුවාගෙ නිවසට.ගිහින් අපිටික විතරක් වුනාම ඉතින් ආයෙ කියන්න දෙයක් තියේද වල් පල් දෙසුව එක තමයි ගමටම

ඇහෙන්න.ඔම ඉන්න අතරෙ හෙට මරණෙ වැඩ කරන නිසා.මරණ දැන්වීම් ගහන්න යන්න කතා වුනා. ඔන්න ඉතින් පාප්ප බාල්දියකුත් හදාගෙන අපි කට්ටියම ගියා පොස්ටර් අලවන්න.සේරම අපේ උන් 6ක්

උන්න.ගමේ කොල්ලෙකුත් ඇතුළුව.එතකොට රෑ 1.40 විතර ඇති. අපි ගිහිපු පාරෙ දැන්වීම අලවන්න කියල ඉඩක් තිබුනෙ නෑ මොකද දැනවීමක් ඇලවිය හැකි සෑම තැනකම ඉහල ඉදන් පහලමට එකම මූණු පෝලිමක්

අලවලා.ඉතින් අපි කොහේ කියල අලවන්නද.අපිත් තියෙන හැම තැනම මරණ දැන්වීම ඇලෙව්වා.මේම පාරෙ දිගේ කියව කියව පෝස්ටර් අලව අලව යනව.මම තමයි පාප්ප ගාන්නෙ,තව එකෙක් අලවනව.අනිත් උන්

කියවනව. ඕක තමයි ක්‍රමේ.ඕම යදිදි මග ආප්ප කඩයක් තිබුන.අපේ උන් එතනින් ආප්පත් අරන් තිබුන.කඩේ ඉස්සරහ උඩුකය නිරාවරනය වෙච්ච ටිකක් 4 6 සයිස් එකෙක් උන්න.අපි කඩේ ඉස්සරහ පාරෙන් අනිත්

පැත්තෙ තියෙන ලයිට් කනුවෙත් පොස්ටරයක් අලවලා ගියා.ටිකක් දුර ගියාම ටිකක් කළුවරේ වගේ තිබුන කණුවක පොස්ටරයක් අලවන්න කියල මම පාප්ප ගානකොට ස්කූටියක් ඇවිත් නවත්වනව ඇහුන.මම කීව මොකක්ද

බලපන් කියල.හැරිල බලනකොට ඩයල් එකක් බයික්කෙන් බහිනව.මගේ අනික පෝස්ටරේ අලවන්න හැදුව විරයි.පොර කඩාගෙන පැන්න."තෙපි මොකද යකෝ පොස්ටර් වහන්නෙ කියල" මම කීව අයියෙ මෙ මරණ

පොස්ටරයක් කියල. මිනිහ කියාපි. "මරණ නෙවෙයි බොල ඕන ..........ක් ගහ ගනියව්.. තොපි කොහේද? කව්ද තොපි එව්වෙ..." මේ වගේ හරි දුන්දර විදිහට අපිත් එක්කල කතා කලා අපි මීට

කලින් ගහපු ටික ගලවන්නත් කීව.අපි ඒවෙනකොටත් පාප්ප ගාල තිබ්බෙ පොස්ටරයක මූණ උඩින් බැලින්නම් මේ පොස්ටරේ ඉන්න හාදයගෙයි අපිට මේ තද දාන හාදයගෙයි එක හැඩහුරැකම් තියෙනව. නිවුන්නු වෙන්ටැ. මරණ පොස්ටරේ අතේ තියාන උන්නු අපේ එකාගෙ මූණට ටෝච් එක ගහගෙන ඩයල් එක දැන් ටිකක් රැඩිකල්.අපිත් මුකුත් කීවෙ නෑ,මොකද මොනාවේවිද කියන්න දන්නෙ නෑනෙ. ටිකක් තද දාපු එකා ගපු සේරම ගලවපල්ල මම ආයෙත් එනව කියාගෙන ගියා. ඔන්න දැන් කස්ටිය ආයෙ පෝස්ටර් අලවනව.දැන් හරි වැඩේ කොහෙද අලවන්නෙ අරෑගෙ ඇතැරිය කියමු ආයෙ අලවන්න වෙන්නෙත් වන එකෙක්කෙ මූණ උඩින්නෙ. ඊගාවට කව්රැ ඒවිද දන්නෙ නෑ. දැන් ඉතින් මූණ තියල අංකෙ වැහුව.අංකෙ තියල නම වැහුව.ආයෙත් දිගටම අංකෙ වහ‍න එක හොද නෑනෙ අංකෙ තියල මූණ වැහුව. ඔය වගේ දිගටම අපිත් මොකාගෙ මොකක් හරි වහගෙන ගියා. අපේ එකෙක් මළගෙදර යාළුවට කෝල් එකක් දාල කියල මූ ආව පිලගෙන තවඑකෙක් එක්කල.විස්තරේ අහගෙන ගියා කතාකරන්න කියල. දැන් ඒ පැත්තෙ ගහල ඉවරයි. ඔන්න අපි ආපහු එනව.මේ ආප්ප කඩේ උන්නෙ උෟ කියල පස්සෙයි මතක් වුනේ.දැන් මුකුත් සද්ද නෑ. ඔන්න අපි අනිත් පැත්තට යනව. ආව බීපු පොරක් බයිසිකල් කටුවකින්. මල්ලිල කව්ද? කාටද වැඩකරන්නෙ ? කාට වුනත් කමක් නෑ අපිත් දැනගන්න එපැයි අපේ ගමනෙ..... ලතාවට පදමට කිව්ව. අපි කිව්ව මළගෙයක් කියල. "ආ එහෙමද... හරි හිරි හරි අවුලක් නෑ මල්ලිල යන්න.. චමින්ද අයියේ..." අපේ එකෙක් සිගරට් බාගයකින් සංග්‍රහකලා මිනිහ නැවතුනා අපි ආව විනාඩියක් ගියෙ නෑ දඩස් ගාල සද්දයක් ආව. මිනිහ පාර ඉබිනව. ඔන්න ඉතින් අනිත් පැත්තෙත් පොස්ටර් ගහල මළගෙදරට ආව. අර පොස්ටර් අලවපු යාළුවට අපේ උන් විහිළු කරන්න ගත්ත ටෝච් පාර වැදුන ගමන් බයවුනා කියල. රෑ එළි වෙනකම් කියව කියව ඉදල 5.15ට විතර අපි එන්න ආව. මොට බයික් දෙකෙන් අපේ පැත්තට යන 3ක් ආව. මීදුම වැටිල පාර පුරා මාරයි.කෑ ගහගෙන සින්දුවක් කියාගෙන ගෙදර ඇවිත් පැයගානක් නිදාගත්ත ඇරියස් එක්කම. අර 9න් එක් පක්ශෙකින් තරග කරපු චමින්ද අයියා,අනේ මළ ගෙදරටත් එන්න ඇති.අත්දෙක අකතු කරන් කට පුරා හිනාවක් දාගෙන.අනේ අපි චන්දෙ දෙන්නෙ මේම බත් කන හරක් නාම්බන්ටනෙව.අපි එදිදි 5යි ගානක් කීවනෙ.හැබැයි එළිය වැටීගෙන එනව ඔන්න අපි එද්දි අපි දැක්ක වෙන කට්ටියක් කට්ටිය බෙදාගෙන යනව වෑන් එකකින් පාප්ප බාල්දියයි පොස්ටර් මිටියයි පින්සලයි දෙන්නයි ගානෙ හන්දි හන්දි වලට.අනේ හැබැයි ඒ පෝස්ටරේ චමින්ද අයියගෙ නෙවෙයිදෝ කොහෙද. අනේ අපි ගහපු මරණ පොස්ටරේටත් වෙන දේ අපිට ඉවෙන් වගේ පැහැදිලිව තේරැනා. ඔන්න බලන්න මේ දවස් වල රැයක් පහන් වෙද්දි තාප්පයක්, ලයිට් කනුවක් අවම වතාවන් 2ක් වත් පොස්ටර් තට්ටු 2ක් වත් දරාගෙන්නව. 11.30,1.30,3-4,සමහරවිට උදේ 5-6 වැටී ඇති ‍ආලෝක තත්වය අනුව, පොස්ටර් වදිනව.ඒකයි මේ දිනවල තත්වය. අනේ අපිට සේවය කරන්න විදින දුකක්.

මැතකදි...

12:59 AM Edit This 0 Comments »
              ඔන්න අපේ ප්‍රොජෙක්ට් එකක ප්‍රසන්ටේශන් එකක් ඇවිත්.අපි ටීම් එක සෑහෙන කැපවීමෙන් වෙලාවටම ඇක්ටිවිටි සබ්මිට් කරන උන්නේ..ඔන්න ඉතින් ලේට් සබ්මිට් රිපෝට් එකයි හෙට දෙනන් තියෙන ප්‍රසන්ටේශන් එකයි දෙකම එක පාර හදන්න වෙලා.ඉතින් මමත් හොස්ටල් නැවතිලා බරටම අල.හොස්ටල් එකේ ඉන්න අපේ මකුනො අපේ යාළුවො.උන් තමයි අපේ වටිනා අලවෙන වෙලාව අපිත් එක්ක බෙදා හදාගෙන රෑ දෙගොඩ හරිය වෙනකම් වෙනසක් නැතුව අපිත් එක්ක ඉන්නෙ.ඉතින් මේ අසරණ සත්තු ගැන හොස්ටල් පරිපාලනයට ඉව වැටිල.මකුනන්ට බේත් ගහන්නයි සූදානම.හොස්ටල් දින 3ක් වැහුව.ඔන්න ඉතින් හෙට උදේ ප්‍රසන්ටේශන් කියමු.හවස වොලිබොල් ගහල එහෙම අපේ එකෙක් අඩගැහුව දන්න බෝඩිමක් තියේ එකෙ ඉමු කියල. ඉතින් අනේ ඔන්න මමත් ගියා.බෝඩිමක් කීවට මමත් බොඩිම් වල උන්නනෙ.මේක ටිකක් වෙනස් තාලෙ බෝඩිමක්. වැඩි සද්ද නෑ.කියවන්න පොත් ගොඩයි.මම ඉතින් අදුනන්නෙත් නෑනෙ.පූස වගේ උන්න. ඔන්න ඉතින් මගේ මගපෙන්වන්න නාගමු කියල මට පාර පෙන්නුව. එක තැන කාමර 2ක් තිබුන.මට එකක් පෙන්නුව.එතකොට එතන ලයිට් එකක් දාල ‍එහෙමත් නෑ. ඉතින් ඔන්න පෙන්නපු එකට මමත් ගියා.ලයිට් එකත් දාගත්ත. කොමඩ් එකයි,ටැප් 2යි,බේසම් 2යි කොප්ප 2යි ඇරැනම ශවර් එකක් පේන මානෙකනෑ.ගෙදර හැටියට ශවර් එකක් නැතිවෙන්නත් බෑ වගේ. ඉතින් පුතේ මම ගෙනාපු ටවල් එක දාන්න වත් රැක් එකක් නෑ.මට දැන් මාර සීන් එක. මම ඒත් බැලුව යකෝ මේකෙ කලින් නාපු එවුන් නෑවෙ කෝමද කියල.දැන් ටිකක් කැරකි කැරකි උන්නු මම මොනා කරන්නද ඔන්න ඔහේ නෘමු කියල හිත හදාගත්ත. බිත්තිය දිගේ තියෙනව එලියට පැනපු pvc බට ලයින් එකක්.ඇදන් ආපු සරමයි සාලුවයි මේකෙ ගැහැව. දැන් හරි නාන්න විතරයි තියෙන්නෙ.දැන් කෝමද නාන්නෙ???. බේසමට වතුර පිරෙන විදිහට ටැප් එක ඇරිය ඔන්න ඉතින් පාරෙ ටැප් එකකින් නාන්නෙ කෝමද ඒවිදිහට නෑව.මට ඇහෙනව කට්ටිය දොර ලගින් යනව පවා. මොනා කරන්නද නෑව. දැන් මට මාර ප්‍රශ්නෙ මේ ගොල්ල සේරම නෑවෙ මෙහෙමද?.ඉතින් මේම යනකොට නාල ඉවරයි.දැන් ඉතින් පිහිදාගෙන එහෙම එලියට ආව. ඉලන්දාරි දෙයියනේ මෙන්න අර එතන තිබුන කාමරේ දොර ඇරිල තිබ්බ.දැන් අර ලයිට් එලියට ‍ඇතුල පේනව.ලස්සන කිරිටෙයි ශවර් එකක් එක්කල බාත්රෑම් එකක් තියේ කියන්ඩකෝ.හත්තියව්වයි දැන් මොකෑ කරන්නෙ.නාල අහවරයි නෙව.මට ආයෙ පැනල අරකෙන් නාන්න හිතුන. දැන් මට ඉවෙන් වගේ තේරීගෙන ආව ඇයි මම අච්චර අමාරැවෙන් නෑවෙ කියල.ඔන්න ඉතින් මුකුත් වුනේ නෑ වගේ මාත් එලියට ආව.එලිය ඉදපු හැමෝටම ඇහෙන්න ඇති මම ඒකෙන් ‍බේසමට වතුර පුරව පුරව නාපු නෑම.

ඇත්තටම යාළුවත් ජොක් එකට කලදෙයක් නෙවෙයි.‍මිනිහටත් ඒක කියන්න මගහැරිල.අනේ කව්රැත් ඇහුවෙ එමහම නෑ.ඇත්තටම ඒක මාර සුන්නර බෝඩිමක්.ඔන්න ඉතින් මම එහෙමම ඇවිත් සාලෙ තිබුන මේසෙ ලගින් වාඩිවෙලා පත්තරයක් කියවන්න හිතුව.පත්තරේට යටවෙලා තිබිල පොතක් අහුවුනා. "අනුරාගයේ මුල්පොත" කමලා දාස් ගෙ Alphabet of the Lust කියන කෘතියෙ සිංහල අනුවාදය.ඔන්න ඉතින් අර සිද්ධියෙන් ටික ටික ප්‍රකෘති වෙන්න නෙවෙයි වෙනම ලෝකයකට යන්න ඒ පොත මට පාර කිව්ව.අතට ගනිද්දි හිතුවෙ මේ මොනවගේ පොතක්ද කියල.මගේ ඉදිරියේ ඉදපු යාළුවට පේන්න ඇති පොතත් එක්කල මගේ විකාර.මොකද මට ඉබේම හිනා යනව විමතිය පලවෙනව වැඩ ගොඩයි. පොත නම් මාරයි .අවාසනාවට කියවන්න වුනේ භාගයයි.ආන්දෝලනාත්මක පොතක්.නිර්ව්‍යාජ විදිහට කතා කලයුතු දේවල් සමාජය හමුවේ හැගීම් ගලනයේ ස්වරෑපයන්,දේශපාලනයේ ඇතුල් පැත්ත.මේ වගේ ගොඩක් වටින පොතක් කියල තේරෙන්න වැඩි වෙලාවක් ගියේනෑ.ආයෙමත් කියවනව කෝම හරි කියවන්න ඕන.ඉතින් ඔයාලත් කියවල එන්න.අපි කතා කරමු ඒ ගැන.

සිංදුවක් ගැන...

9:39 PM Posted In Edit This 0 Comments »


හිතන්න...
               මහනුවර එක් වැඩි කළබල නැති වීදියක,වටපිටාවම ලා අදුරක ගිල්වූ වරැවක,අහංසක තරැණයකු, කුඩයක් යටින්, තුරල් වෙමින් යන පොද වැස්සට බේරෙන්නට පොරබදමින් ඇවිද යයි!.හාත්පස වැහි අදුරින් බර වී,අරමුණක් නැති දෑස අහසට එල්ලවී,ඉගිල යන ලිහිණින් හැගීමක් නැති හැගීමක් මතුකරයි!. අරමුණක් නැති දෑස ගෙන ආ හිස් අහස් කුස ලිහිණින්,මේ දසුනම මතකයට කැන්දයි!. මතක් කරන්න...පෙරදිනක මේ දෑසම අහසට එල්ල වුනා!.මේ ලිහිණින්ම ඉගිළුනා!.මේ වැස්සමයි!. පය විටින් විට සීතල කරන මේ ඇදීයන දිය දහරාවන්, දේදුන්නක සිරි මැවූ අපූරැව. වැටුනු විදුලි පහන් ආලෝකය මැවූ දේදුන්නක සිරි!. බරවෙමින් යන හදවත සිහි නගයි ඈ එදා එකට මුකුළු කරමින් මේ විදියෙම ගිය හැටි කුඩේ යටින්!.මවමින් හුන් උපේක්ෂාව පිරි විරහවක්, සිතුවිලි සිතුම් පෙළ  බිදිමින් පිළිවෙල!.නැහිවී යයි මඩ වතුර පහරක්.හිත් නැති රිය සකක් නැංවු සරදමක්!.ඒ රැව මොහොතකට පෙර බර කල හදවත.ඇදී යයි හිත් නැති සක හිමි රිය වීදුරැ ප්‍රතිබ්බය මැවූ රිය තුල උනුහුමට උන් රැව!.සැරසෙන නැගෙන්නට නිරායාස වදන් පෙළ,නගන දොස් රිය සක ගැන.හිරවී වචන සැනසුනා හදවත බරකරමින් නැවතත්!. නුඔට දොස් නෙකියමි සක!නොදත් අප සබද කම.හැඩයක් නොමැති හසරැල්ල නැගුනු දෙතොලතර, සැනසූ උපේක්ෂාවෙන්, උනුසුම්ව බරිත හදවත!.




 වදන්පෙළක්,බොක්ස් ගිටාරයක්,වරින් වර නැගෙන මැන්ඩලීනයක්,‍පුරාවට ඇදෙන බොන්ගෝවක ලයාන්විත රිද්මයට රිද්මයානුකූලව විටින් විට කැටිවූ තාල තරංග හඩක්,වයලීනයක ලයාන්විත ප්‍රභල හඩක්,ක්ලැසිකල් එකෝස්ට්‍රික් ඩ්‍රමක් කරදරයකින් තොරව ලාවට නැගෙන හඩක්,විදුලි ඕගනයක සහයෝගයක් එක්වී කැටිවී, ජීවය දුනි වදන් සමූහයකට, මවන දසුනක් මනස තුල බරකරන ඕනම හදවතක්!,හිමි මුයුරැ දෙසවනක්. අනේ මන්දා කෝම කියන්නද විශාරද රෝහණ වීරසිංහයන්ට කොහෙන් ලැබුනිද මන්ද මේ සා හැගිම්බර තනුවක් සමග සංගීත මුසුවක් නිමැවෙන්න අදහසක්!.රෝහණයන්ගේ මිහිරි පිරිමි කටහඩින් නැගෙන මේ සංධ්වනිය, ඕනෑම හදවතක් බර කරයි මගේ අදහස.මම දන්නෑ කෝම ඒ තනුව හැදුවද කියල.කියන්න එන දේවල්ටික මේ පලිපියෙ මුල් සොදුරැ බව රැඩිකල්ව බිදිනවද මන්ද. ඔහෙ බිදිච්චාවෙ !!!.
    රෝහණයන් කියල තියෙන්නෙ බෝම සුලු ගීත ගානක්.මේ ඔහුගෙ තනුව ඔහුගේම මදුර හඩින් හැඩවුනු සොදුරැ ගීතයක්.ඇත්තමයි ඇස් දෙක පියාගන්න.හෙඩ්ෆොන් දාගන්න. සද්දෙ පොඩ්ඩක් වැඩි කරගන්න. මේ සින්දුව අහන්න. මට ඇත්තටම මැවිල පෙනුන.රැවක් ! හරියට කියන්න බැරි ,මමද මන්ද මගේ හිත ප්‍රතිනිර්මාණය කලේ ලෝබ කමට.කුඩයක් අතින් අරන් මහනුවර මම දැකල නැති මාර ගහක් දෙකක් සෙවන ලැබුනු කලබලයකින් තොර නමුත් වාහන කිහිපයක් පහන් දල්වමින් ඇදී යන වැහි අදුරැ දර්ශණයක්.ඇත්තමයි මම ඒ සින්දුව රග දැක්වුව.මේකෙ සංගීතය මාරයි හැගිම් දනවන්න තරම් පෝසත්.ඇත්තමයි මට විරහවක අත්දැකීම් නෑ.ඇත්තටම ආදරයකත් නෑ. ඒත් මගේ හදවත බෙරි කරන්න තරම් ඒක පෝසත්.සත්තයි නුඔ අඩනව නුබට ආසන්න හෝ අත්දැකීමක් සමග මේ ගීතය සාවදානව ඇහුවොත්.එහෙම වුනොත් ඒ නැගෙන උනුසුම් හැගීම් වලින් මේ ‍බ්ලොග් පිටුවට පහර දියන් කොමෙන්ටු වලින් ඉරි තලල යන්න.
   විරහව විරහවක්ම අදෝනාවක්ම නොකර උපේක්ෂාවක අහිංසක කමක හැංගුවොත්, ඇත්තමයි දරැණු සාහසික ආයුදයක්. එකට පුළුවන් දෙනෝදහක් අඩවන්න.විරහව ගැන මතු කරන ඕන තරම් සින්දු තිවයනව. එත් මේක ඒ අතරින් සු‍විශේෂයි.මේකෙ මම දැකපු කතාව.මට හිතුනු හැටි. වෙන කෙනෙක්ට වෙනත් විදිහකට පෙනෙන්නත් පුළුවන් මෙන්න මේ වගේ.
        ඔන්න අර අංසක කොළුවම බසයක හෝ වාහනයක ( බසයක් කියන්න පොඩ්ඩක් අමාරැයි මොකද මඩ වතුර පාරක් ජනේලෙකින් ඇතුලට වීසි වෙන්න තරම් ජනෙල් පහත නැති නිසා) කවුළුවක් අසල අසුනක යනව.හිස් බැල්මක් අහස දෙස.පොද වැස්ස අතරින් ලිහිනින් ඉගිලෙනව.මතක් වෙනව මේ වගේම බස‍යේ ආසනේ උනුසුමින් ගිය අතීත පෙම් මතක සුවද.ලගින් ඇදීයන වෙනත් වාහනයකින් වීසිවෙන මඩ වතුර පහර, වාහනයේ ඇදෙන රැව පෙන්වනව.ඉන්පසු නැගෙන මනෝ මාලිගාව හැඩ රූ වෙනස් කරමින් බිදී යන නැවත නැගෙන.විරහව අවිහිංසක බව,උපේක්ෂාව.බරවී ‍බරිත වීගෙන එන නෙත්. හසරැල්ලකින් වියලා යවන ආකාරය........... ඔන්න ඕම ගොඩක් දේවල්....


කෙටියෙන්ම මෙච්චරයි. හමෝම පාහේ අහල තියෙන , ආදරේ කරන මේ සිංදුව සාවධානව දෑස් පියාන අහන්න. දෙනෙත් බොද වුනොතින් ඉකි ගැසුනොතින් මට බනින්න අවසරයි ...දුක යනකම්.




මුතුකුඩ ඉහලන මල් වරැසාවේ
උඩ ඉගිලෙන විට වැහි ලේනී
එබී බලා රිය කවුලු දොරින්
යටගිය දවසේ දෑස ගියා ඉගිලී...




අදුරැ ලලා සෙන්කඩ ගල වැස්සේ
‍දිය දහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මදු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංසලේ...




රිය ඇතුලේ උනුසුම ඔබට දිදි
නහවයි මා රියසක මඩවතුරේ
නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී
අපේ සබද කම් නෑ රිය සක දන්නේ...


ගායනයඃ රෝහණ වීරසිංහ
  

‍ෆොන් කතාවක්...!

9:08 PM Posted In Edit This 0 Comments »


                    මේ පාර ෆොන් කතාවක් කියන්නයි හදන්නෙ.මම මුලින්ම ෆොන් එකක් ගත්තෙ 2004 දි වගේ.ඒක ගත්තෙ සෙකන්ඩ් හැන්ඩ් විදිහට.මගේ හොදම යාළුවෙක්ගෙ අක්ක පාවිච්චි කරපු ෆොන් එක.අඹෆොන් එක කිව්වම කව්රැත් දන්නවනේ මොකක්ද කියල

Nokia-3310 සමහරැ ගඩොල් භාගෙ කියලත් කියන්නෙ .ඉතා හොද තත්වයේ තිබුන.මෑතක් ‍වෙනකම්ම.තාමත් තියෙනව.දැන් බැට්රි ගන්නෙ නැති කේස් එකක් තියෙන නිසා පැත්තකට කරල මතක සටහනක් විදිහට තියාගෙන ඉන්නව.ඒක ගත්තෙ රැ.1500යි.
මේ ෆොන් එක ගොඩාක් කාලයක් මාත් එක්ක උන්න,මගේ දකුනු කලිසම් සාක්කුවේ.මේ ෆොන් එක ඉන්න කාලෙ එයා මගේ ලගින්ම ඉන්න බව දැනෙන්න උන්නු කෙනෙක්.ඉතින් මම කෙසග සිරැරක් තියෙන කෙනෙක් නිසා මගේ ගොඩක් යාළුවො බය වුනා මම ඒ ෆොන් එක
අයින් කරල ටිකක් පොඩි සැහැල්ලු එකක් ගන්නවට. මොකද මම සුලගකට වත් ගහගෙන යයි කියල.සමහරැ කියුව උබේ පොඩ් ඇදයක් තියේ දකුතට බරයි වගේ කියල.මහා ලොකු වැඩ කෑලි නැතිවුනාට ඒක මාර වැඩගොඩකට මට සහය වුනා.ඒකෙන් උපරිම ප්‍රයෝජන තිබ්බ ෆොන් එකක්.
කෝල් කරන්න මැසේජ් කරන්න වගේම තවගොඩක් වැඩට එයා සහය වුනා.තාමත් එයාගෙ තරම් මැසේජ් වලට සුව පහසු යතුරැ පුවරැවක් අනිත් එවායින් තාමත් ලැබිල නෑ.මිනිහ කොච්චරනම් මට උදව් කරාද කියනවනම්.කොටින්ම ටින්ටස් ඇන ගහන්න පවා උදව්වෙලා තියේ.මොකද අපි එසයිමන්ට් කරනකොට
ඒවාගෙ කේජ් ගහන්න වෙලාව ඉතුරැ කරන්න ඇල්පෙනෙති 4ක් කොළමිටියට තියල ගහල මායිම් 4 මාර්ක් කරගෙන ටක් ටක් ගාල ඇදල දාන්න පුරැදුව උන්න.ඉතින් මේ හැම වැඩකටම උදව් කලේ මිනිහ තමා.
    ඉතින් මගේ සිම් එකත් රස කතාවක්.මොකද ෆොන් එක ගත්තෙ 1500යි එතකොටෙ ඒකට සිම් එක ගත්තෙ 2000යි.1/2 මිනිට් ෆී ඩයලොග් සිම් එකක්.තාමත් මගේ තියෙන්නෙ මේ සිම් එකම තමා.ෆොන් එකට වඩා ගනන් සිම් එක.එදා ඉදන් අද වෙනක්න් නොසැලී ඉදිරියටම ඩයලොග්ලට කඩේ ගියා.
එදා ඉදන් එදා මෙදා තුර මට හමුවෙච්ච සේරම යාළුවන්ගෙ ලග ඇත්තෙත් මේ අංකෙමයි.ඒ හැමොගෙම අංක ඇත්තෙත් මේ සිම් එකේ.ඉතින් මට අතුරැ දහන් වෙන්න පුළුවන් මේ අංකය විසන්දි කර ගමන්.මොදක මාව දන්න හැමෝම දන්නව මම මේ අංකෙ මාරැ කරපු දවසක් නැතිවග.
ඉතින් මේ 3310 සෑහෙන මතක ඉතුරැ කරල මගෙ සේවයෙන් විශ්‍රාම ගත්තෙ වයස නිසාමයි. හැබැයි මේ වෙනකොටත් මිනිහව හදන්න දීල තියෙන්නෙ. සමහර විට ලගදිම දීර්ග නිවාඩුවකින් පස්සෙ ආයෙත් සේව‍යට වාර්තා කරන්න බැරිකමක්ම නෑහ්.
           ඔන්න ඉතින් මයෙත් එක්කල සෑහෙන කාලයත් උන්නු එකා යන්ට ගියාම මයෙ සිම් කොළුව තනිවෙන නිසා,තාත්තට බරේ දාල අලුත් කසාදයක් මිනිහට කරල දෙන්න මුදල් ප්‍රතිපාදන හදාන අළුත් එකෙක් ගෙනාව.Nokia-5030C.ගත්තෙ 19/09/2009.ඔන්න ඉතින් අවුරැදු 5ක් විතරම උන්නු එකා ගැන තමා කලින් කීවෙ. 
මේක ටිකක් හැන්ඩි පහේ අලුත් කාලෙ එකා වෙච්චි.ම‍හලොකු එකෙකුත් නෙවෙ නවැ.ඉතින් ඔන්න ඔහොම ෆොන් එකක් අව‍ කියමුකෝ.ඔන්න කැම්පස් එකේ හච් සිම් විකුනන්න ගත්ත. අපේ උන් ටික ග්රෑප් පැකේජයක් ගම්මු කියල එකට පොරේ. ඉතින් මමත් ගත්ත. සුපියල් 100ක් දැම්ම මාසයක කාලයක් ග්රෑප් එක අතර Outging
incoming, massages ෆී. ඉතින් මල් කඩන්න සිම් 2 ගානෙ ගත්ත අය,කපල්, අතරෙ මමත් ගත්ත.ඉතින් ඔන්න මාර වැඩේ. දැන් මම පරණ සිම් එකට ආයුබොවන් කියන්නෙත් නෑ. ඩුවල් සිම් පහසුකම මේ ෆොන් එකෙත් නෑ.දැන් එක කෙලියයි. අපේ උන් මොර ති‍යනව ඕක දාගනින් කියල. ඇත්තනෙ ග්රෑප් සිම් එකක්
නොදා ඉන්න නම් ගත්තෙ මොකටද නේද?. ඉතින් මේ කන්දොස් කිරියාව අස්සෙ මගේ දන්න එකෙක්ට කියල සෙකන්හැන්ඩ් ෆොන් එකක් ගන්න හිතුව.ට්‍රිප් එකක් යන්න මාටිය ගහපු දාහක් ඒක කැන්සල් වෙලා අතට ආව. දාහෙ කොළයක් පර්ස් එකේ ඉන්නෙ හරියට ගොඩ ඇදපු මාළුවෙක් ගානට.වතුරකට පනින්නමයි හිත. දැන් ඉතින් මේ
දාහට කෙල වෙන විදිමයි හීනෙනුත් පේන්නෙ.ඔන්න මගේ පරණ යාළුවෙක් එයාගෙ විස්තරයක් කතා කරන අතරෙ මම කීව නිකන් දාහකට විතර වගේ සෙකන්ඩ් හෑන්ඩ් ෆොන් එකක් සේට් වුනොත් ආතල් එකට වගේ මට කියහං කියල.මේන් මේක ඊට පහුවෙනිද කතා කරල කියාපි දැන් වරෙන් එකක් තියේ කියල.ඉතින් මාත් ගියා.වාහන බැටරි චාර්ජ් කරන
පොට් එකක මමත් ඌත් එක්ක හිටිය පැයක් විතර,දැන් කෙනෙක් අරන් එයි කිව් නිසා.ඔන්න පාරෙ බස් එකෙන් බැහැල කොල්ලෙක් ආව.මට තේරැනු විදිහට නම් 13 වසරෙ ස්කොලෙ යන කොල්ලෙක් වගේ. මට ෆොන් එක පෙන්නුව.Nokia 1650 මාදිලියෙ ෆොන් එකක්.
 ඉතින් කොළබ ගිහිපු බන්ඩට සන්ග්ලාස් හම්බුනා වගේ මමත් මේක එහෙට මෙහෙට උඩට යටට පෙරළල දන්න සේරම වැඩ දාල බැලුව.කොල් අරන් ,චාර්ජ් කරල බලල ,වැඩ ගොඩයි. සේරම හරි. ඒ වෙලාවෙ මා ගාව 1500ක් තිබුන.මම අහුව ඉතින් මලේ කියෙයි ගාන? කියල. මිනිහ කියාපි ඔයා ගානක් කියන්න කියල. මම කිව්ව එකක් ,එකයි දෙසීයක් උපරිම තමා කියල. මිනිහ කියාපි පිස්සුද එක හමාරක් වත් කියල.
මම කීව එකයි දෙසීයයි ඉතින් මගේ ගාන තේරැමක් නෑ කියල. මිනිහ එකයි හාරසීයට බැස්ස. මම එකයි තුන්සීයට ගත්ත.ඉතින් ඔන්න දැන් ෆොන් දෙකයි. දකුනු සාක්කුවේ එකයි. වම් එකේ එකයි. ඩුවල් සිම් ඩුයල් ෆොන්.
    ඔන්න ඉතින් මේ අලුත් ගජයගෙ අවුලක් එහෙම නෑ. එකම අවුලයි. මේකෙ කීගාර්ඩ් එකක් දාල තියේ සෙකියුරිටි කොඩ් එක ඌ දන්නෙත් නෑ.ඔටෝ ලොකින් ඕෆ් කරල නිසා අවුලක් නෑ.ගමනක් යනකොට කී ගාඩ් දාගන්නව.ගමන අවසානෙට ,ඕන වුනාම බැට්රිය පන්නල ආයෙ ඔන් කලාම හරි.දන්න කියන නොකිය කෝඩ් විතරක් යෑ එමියෙන් ජෙනරේට්
කල මාස්ටර් කොඩ් එකක් වත් කමකට ඇහුවෙ නෑ.තාම එහෙමමයි.හොදම වැඩේ මේකයි.මම මේක ගෙනත් චෙක් කොරල එහෙම බැලුව.මාර දේවල් උපකල්පනය කරන්න පුළුවන් කමක් තිබුන. මේකෙ කලින් අයිතිකරු ‍ප්‍රොෆයිල් 4ක් අමතරව හදල තිබුන.‍තිබුනු විදිහටම මෙන්න ඒ ටික.
        ¥¥¥Sudu Nona¥¥¥
¤¤¤{Ayomi}¤¤¤
***[Nilimini]***
¤¤¤(Chathu)¤¤¤
  මේ එක එකට වෙන වෙනම තීම්ස්,වෙන වෙනම Ringing tones වෙනවෙනම  massage alerts යොදාගෙන තිබුන. ඉතින් බැලුව ගමන් මොකදහිතෙන්නෙ මේ ‍ප්‍රොෆයිල් ‍නම් ටිකත් එක්ක.මොකා වුනත් මලිටි ලවර් කෙනෙක්. පෙම්වතෙක් නෙවෙයි පෙම් කොච්චියක් නැත්නම් අනංගයෙක්!.එක් එක් වෙලාවට මේ ප්‍රොෆයිල් මාරැ කරන්න ඇති.
ඒකෙන් වෙන වෙනම පහසුවෙන් වැඩටික කරගන්න ඇති. අනේ අහිංසකය මේක මොකකට පාවිච්චි කරත් අපේ උන් මේක දැකල  කතාවක්ම හදල ඉවරයි. ඒ විතරද ඊලගට මගේ අත ගියේ පික්චර් මැසේජ් ටික හොයාන.ඒක ඊට මාරයි.මෙන්න ‍ඒටික අපේ පිලිවලට, පොඩි වෙනසයි කරේ, අංක වලින් තියෙන්නෙ තිබුනු පිලිවල.

1.ඔයාමගේ ඇස අද්දර පිපෙන්න හැමදාම!
2.කිරි ඉතිරේවා නව වසරේ!
3.අනේ ඔයා මගේ වුනානම්!
7.මගෙ සිහිනේ ඔබයි!
8.දවසක් දුක නිවන්න දෙනවද ඔය සෙනෙහස!
11.මං ඔයාට ආදරෙයි පැටියො!
5.මම මටත් වඩා සත්තයි ඔබට ආදරෙයි!(රෝස මලක් සමග)
6.ඔයා මගේමයි!(කාන්තා රෑපයක් හදවතක් සමග)
16.ආදරෙයිද?(කාන්තා ඇස් දෙකක් හදවතක්)
15.good morning!
17.(රෝස මලක්)
10.මම කාට නැතුවත් නුබට පිදු පෙම සදමෙන් අහිංසකයි!
12.සුභ අලුත් අවුරැද්දක් වේවා!
18.අපි නොදන්න Live!
24.අවංක ආදරය හැමදා අසරනයි!
13.අනේ කවදද ඔය මූන දැක ගන්නේ!
14.රත්තරන් සිතට බැහැ පැටියෝ වෛයිර කරන්න!
9.දුර යන්න යන්න ඔබේ සුවද තවත් ලංවුනා!
29.කතා කරන්න පින තිබුනට දකින්න පින නැතුවා!
19.ඔබ ඇවිත් යන්න එන්න!
20.LOve You!
21.සුභ රාත්‍රියක් සුදු!( රේස මල් සහ හදවතක්)
22.පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ!(පරවියෙක්)
23.මා වෙනස් නොයෙමි මගෙ පනයි ඔයා!
25.හරිම සීතලයි සුදු.. ඔයා තුරුලට අරගන්නව නේද?
26.මේ පෝයට හද පානේ පැනල යමුද?
27.ඔයයි මමයි(කුරුලු ජෝඩුවක්)
4.ජීවිතේ කිසිදා ඔබ හැරදා නොයන්නෙමි!
30.කිස් එකක් ඕන!(දෙතොලක්)
28.සුදු ඔයා මගේම විතරයි නේද?

   මෙන්න අපි හදපු කතාව.
               ඔන්න ‍ෆොන් එකේ කලින් අයිතිකාර මලය ගෑනු පරානයකට පෙම් කරනව නෙව.‍ඕං මේ ගැටිස්සි හැමදාම පාහේ බස් නැවතුමේ දකින්න ලැබෙනව කියන්ඩකො.ඒ එක්කම මගහැරිල යනව ඇ.කෙල්ල කියල  අයෙ ඉතින් ලංකාවෙනව,මේකිටත් මේකා මට දැපනෙ වැටිල කියල මීටර් ඔං.කාගෙං හරි මේ කොල්ලට මේකිගෙ හෑංපෝං නම්බරේ හම්බුනා කියමුකෝ...
මුන් දිගටම කතා කලේ පික්චර් මැසේජ් වලින් කියමු.මේ තියෙන්නෙ උ යවාපු ටික කියමු. ඔන්න අවුරැද්දට කලින් දවසක තමා මුල්ම මැසේජ් එක."ඔයාමගේ ඇස අද්දර පිපෙන්න හැමදාම!".ආලය මොරා පිරි ඉතිරී පිටාර යන මේ ගැටිස්සි හැමදාම මිස්වෙන නිසාවෙන් යවපු පළමු මැසේජෙ.ඔන්න අප්‍රේල් 13 රෑ 12.00ට කොල්ල යවනව අවුරැදු පැතුමක්."කිරි ඉතිරේවා නව වසරේ!"
කොල්ල මේං කෙලින්ම කාරනේ ඇහුව.හැබැයි ඉතින් මොන කෙල්ලද අහපු ගමන් කැමතිවෙන්නෙ.කොච්චර කැමැත්ත තිබුනත් පොඩ්ඩක් හරි අකමැති බව පෙන්නනවනෙ ස්ටයිල් එකටත් එක්කල.ඉතින් කොල්ල යවනව මැසේජ් කෙල්ල උනුවෙන තාලෙන්."අනේ ඔයා මගේ වුනානම්!" මොකද මේකිට වෙන කා හරි ඉන්නවද කියල මුට පුංචි කොස්සක් තියේ ඔං.මේක ඇවිත් කෙල්ලට
කොල්ල ව ,නයාට අදුකොල ගානම නෑ.මේකිත් සාමාන්‍ය විදිහට මැසේජ් කොරනව කියන්ඩකො.ඉතින් පොටක් අහුවෙච්ච ගමන් රොමැන්ස්ටික් වෙන්ටමයි කොල්ලගෙ හිත."මගෙ සිහිනේ ඔබයි!" ඉතින් මේම ආදරේ ප්‍රකාශ කරකර කොල්ලයි කෙල්ලයි ඉතින් ෆොන් එකෙන් ප්‍රේමයට මුල පුරනව කියන්නකෝ.ඔන්න ඉතින් කෙල්ලත් ටික ටික දනාත්මක ප්‍රතිචාර පෙන්නව කියමු.
මේන් ඉතින් අවස්ථාව "දවසක් දුක නිවන්න දෙනවද ඔය සෙනෙහස!".ඉතින් ඔන්න දෙන්නම එකගවුනා හරිද?."මං ඔයාට ආදරෙයි පැටියො!".ඉතින් ආදර වදන් චාටු බස් විතරක්ද චාටු කොච්චි පිටින් ගලාගෙන හැලෙන්න ඇති."මම මටත් වඩා සත්තයි ඔබට ආදරෙයි!(රෝස මලක් සමග)".ආදරේ කරන්න කලින් වගේ නෙමේනෙ ආදරේ කරන්න ගත්තම විශ්වාසෙ දිගටම තියාගන්න ඕන
කොච්චර ආදරේ කිව්වත්, කියල තිබුනත් මදි දිගටම කියන්න ඕන නැත්නම් බොරිං නෙව."ඔයා මගේමයි!(කාන්තා රෑපයක් හදවතක් සමග)". ඉතින් දෙන්න කාලයක් ඕම තොදොල් වෙවී "ආදරෙයිද?(කාන්තා ඇස් දෙකක් හදවතක්)"ආදරේ කොරනව හරිද.ඉතින් මේ ආදරේ ළාමක විදිහට ගලාගෙන යනව.රැයක් දවාලක් උදෑසනක් කියල නෑ ආදරේ දෝරෙ ගලනව කියන්ඩකෝ."good morning!"
රාත්‍රියට සුභපැතුම් දවස ආරම්භය සුභපැතුම් ඉතින් සුන්දරයි කතාව."(රෝස මලක්)". මේම කාලයක් යනකොට ටික ටික පුංචි පුංචි හැල හැප්පීම් වෙනව.කෙල්ල ටිකක් දුරස් වේගෙන යනව කියල කොල්ලට තේරෙනව."මම කාට නැතුවත් නුබට පිදු පෙම සදමෙන් අහිංසකයි!".කොල්ලට දුකයි හරිද?.ටික ටික කෙල්ල වෙනස් වේගෙන යනව කියල  කොල්ලට හිතෙනව.ඔන්න කෙල්ලගෙන් ප්‍රතිචාර
අඩුවෙනව.දැන් මේ ප්‍රේම වෘතාන්තෙට අවුරැද්දක්."සුභ අලුත් අවුරැද්දක් වේවා!".ඔන්න ඉතින් කොල්ලගෙ ගජයන්ගෙන් කොල්ලට ආරන්චි වෙනව මේ කෙල්ල තව හැන්ඩියෙක් එක්කල මුකුළු කොරනව කියල.මේකට කොල්ල වාද කරනව ,පුංචි අඩදබර වෙනව.දවසක් අතේ මාට්ටු!දවසක් කොල්ලට අර බස් නැවතුමේම මේ කෙල්ල අර හැන්ඩිය එක්කල ඉන්නව දකිනව. මුකුත් නොකිය යන්න වෙන කොල්ල
ගෙදර ගිහින් ගෝරියක් ඇදගන්නව.කෙල්ල ලිස්ස ලිස්ස උන්නු කේස් එක මට අද අතටම අහුවුනා කෝමද නෑ කියන්නේ? කොල්ල ගේම ඇදගන්නව."අපි නොදන්න Live!".කෙල්ල කොල්ලව අතහරිනව."අවංක ආදරය හැමදා අසරනයි!".ඉතින් කොල්ල තාමත් සික් එකේ.ඒකිට මැසේජ් කරනව.මේකි ගමෙන් යනව.තාමත් කොල්ල ඒකි ගැනමයි හිත."අනේ කවදද ඔය මූන දැක ගන්නේ!".කොල්ලට මතක් වෙනව හැංගි හැංගි කෙල්ල දිහා බස් තහාල්ට් එකේ බැලුව කාලෙ.පුදුම ජවයකින් ආදරේ පස්සෙ පන්නපු කාලෙ.ආදරේ කියු හැටි. ආදරේ  හිගාකාපු හැටි.ආදරේ කරපු කාලෙ මතක සුවද කොල්ලව මත් කරනව."රත්තරන් සිතට බැහැ පැටියෝ වෛයිර කරන්න!". කොල්ල සික් එකේ. උගේ යාළුවො උව සනසනව.මේ අතරෙ කෙල්ල කතාකරනව.දැන් වෙන ගමක.ඒත් දැන් පැරණි කතා නෑ.ඉතින් මොනා වුනත් කොල්ලගෙ
එකම පලමු පෙම් කෑල්ල නෙව."දුර යන්න යන්න ඔබේ සුවද තවත් ලංවුනා!".කොල්ල දුක හිතෙන තාලෙන් මැසේජ් කරනව.දැන් කෙල්ලගෙ අර සම්බන්දෙ නෑ හරිද.දැන් කෙල්ලත් ෆී.අයෙත් මේ දෙන්නගෙ ප්‍රේමයකට සම්භාවිතාවක් තියෙනව."කතා කරන්න පින තිබුනට දකින්න පින නැතුවා!".කොල්ල විරහව පිට කරනව හරියට බස් එකක් වැකුම් පිටකරනව වගේ."ඔබ ඇවිත් යන්න එන්න!".
ආයෙමත් වසන්තය ඇවිත් ගිමිහානෙට යන්න කියන්නයි දෙන්නගෙ සූදානම.අනේ වාසනාවන්.පින්වතුනි! මේ සංසාර සාගරේ අප්‍රමාන ප්‍රාණීන් අතර බන්ධනයන් ඇතිවීම, නැති වීම ස්වභාවිකයි.ප්‍රිය විප්පයෝගෝ දුක්ඛෝ!සාදු කියන්න පින්වත්නි!!!.සාදු!!සාදු!!සාදු!!...අනේ මේ මානවකය ආයෙමත් අන්ධ ආදරයක පැටලෙනව.අර මානවකීමත් ආයෙත් මේ තරැණයාගෙ හිත් පොඩියට ඇගෑළුම් පානව. 
"LOve You!" ඔන්න බබෝ වැඩේ ගොඩ, බස් එක ආයෙත් පාරෙ වැඩ.ආයෙමත් ප්‍රේමයෙන් මනරන්ජිත වී  නන්ජිත වී, රැයක් ,දවාලක් ,උදයක් ,සවසක් ,තත්පරයක් ,තත්පරයක් පාසා දෙදෙනකු ගේ හද ගැස්ම ලබ්ඩබ් ලබ්ඩබ් ස්වරයෙන් එක මත එක සමපාත වී,බාහිර අසංතුලිත බල නොමැති කල සරළරේඛිය මාර්ගයක ඒකාකාර ප්‍රවේගයෙන් අනඃතය කරා ඇදීයයි.(නිව්ටෝනියානු පළමු ප්‍රේම නියමය).දැන්
මේ ප්‍රෙම ජවනිකාවට වයසයි.අවුරැදු ගණනින් ඉතිහාසය මැනිය හැකියි. ඉතින් සුදෝ දැන් කාලෙ හරි වෙනසකට."පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ!(පරවියෙක්)" දැන් දැන් සුංගාරය පිරි ඉතිරියයි.ධවල පියාපත් විදාගත් අනංග පැංචන් මියුරැ නදින් වීනාවේ තත් කොනහමින් දෙදෙනා හිස වට පරිභ්‍රමණය වෙයි."මා වෙනස් නොයෙමි මගෙ පනයි ඔයා!".ලෝකයක් මොකටද අප දෙදෙනා අභිමුව.ආදරේ දොරෙ යන මේ සමයේ
දුරකතන දෙකෙන් පැණි වැහෙන්න ගන්නව."හරිම සීතලයි සුදු.. ඔයා තුරුලට අරගන්නව නේද?".ඔන්න පුතේ මාර සීන් එක. දෙන්නගෙ මේ ප්‍රේම පලහිලව්වට ලෝකයක් එරෙහි වුනත්, රෝමියෝ ජුලියට්, ලයිලා මජ්නු ,සාලිය අසෝක මාලා, මුන්ටාජ් සාජහන් වගේ ප්‍රෙම විරැවන් අනුස්මරණය කරනු වස් තීරණයකට එළබෙනව."මේ පෝයට හද පානේ පැනල යමුද?".ඔන්න පුතේ කුමාරයයි කුමාරියි පුර්ණ චන්දුයා පොල් අත්ත අස්සෙන් කොස් ගහ මුදුනට වඩින සමයේ,මේ කෘර දුශ්ට අදුරැමිශ්ඨ ලෝකයෙන් මිදිල, ඔවුන්ගේම ලොවක් සොයා පිය නගනව.දැන් කාත් කවුරැත් නැති පාළු විලක් අද්දර පුංචි පැලක මේ ලෝකය ගොඩ නැගෙනව."ඔයයි මමයි(කුරුලු ජෝඩුවක්)".ඉතිරි හරියට මට මැදිහත් වෙන්න බෑ. ඒක සධාචාර පටහැනී....

     "ජීවිතේ කිසිදා ඔබ හැරදා නොයන්නෙමි!" , "කිස් එකක් ඕන!(දෙතොලක්)" , "සුදු ඔයා මගේම විතරයි නේද?".......


  ‍
 The END of Conversation !!!


              ෆොන් එකේ තිබුනෙ පික්චර් මැසේජ් මෙච්චරයි.එහතනින් එහාට උපකල්පනය අපිට බාරයි.හොදයි. ඉතින් මේ ආදර රස ගුලාව,දේශපාලනික,ආර්තික, සමාජීය, කඩු කිනිසි පහර වල් හමුවේ සටන් වදින්නට ඇති.ලුණුයි බතුයි හරි කමු කියන තත්වෙටම යන්නත් ඇති. ඉතින් අනේ මේ සටන හමුවේ, මේ මහා ප්‍රේම සංග්‍රාමයට පනිවුඩ කරැවා වූ මේ ප්‍රේම පනිවුඩ පරවියා.සටන හමුවේ මුදලට විකිනෙන්නට ඇති.මේ සා අවිහිංසක ප්‍රෙම වෘතාන්තයක් 
අප හරහා ලොවට  කියනු වස් දෛයිවයා මේ පනිවුඩ කුරැල්ලාව, මට මේ ෆොන් එක දුන් කොල්ලා අතටත්,උගෙන් මා අතටත් හෙට්ටු වෙමින් මුදලට විකිනෙන්නටඇති.දැන් ඌ මා අත මට සේවය කරමින්......

  ...සමාප්තයි...


පලි.
    දැන් මේක කියවන කෙල්ලන් මා සමග උරණ නොවන්න. පික්චර් මැසේජ් ෆොන් එකක් සේව් වෙන්නේ ඒවා එයට ලැබුනු ඒවා නිසාවෙන් නෙව.එසේනම් මේ කතාවේ කතා නායකයා නොව නායිකාවක් විය යුතුයැයි තර්ක නගන්නට භාදාවක් නොමැත. උපකල්පනය අප සතුයි. උපකල්පනයට හිමිකම් ඇවිරිණි.. මේකතාව මේම වෙන්ට වස්තු බීජ සැපයුවේ මගේ කොළු රෑන කියපු එක එක කතා තමයි. ඉතින් කෙල්ලනේ උබලටත් කතාවක් හදන්න
අවසර තිවයනව. හදල මටම දියල්ලකෝ. මම මේකෙම දාන්නම්..
    තව එකක්. මේ කාගෙ හරි පුද්ගලික කාරනා උසුලු විසුළු වට ගැනීම අසාධාරණ තමයි. නමුත් මේ ෆොන් එක දුන් මලය වත් නොදන්නා අයිති කරැවකුගේ ෆොන් එකක්.ඉතින් මේ කරණු වල අයිති කරැ කවුරැත් හදුනන්නෙ නෑ.ඒවගේම අපි කලේ කරැනු ටිකක් අරන් අහිංසක කතාවක් හැදුව විතරයි. මේ නිකම්ම නිකන් ආසාවට එකතු කරපු පික්චර් මැසේජ් වගේ දෙවල් වෙන්ටත් ඇති. වරදියට ගන්න එපා.
               ඉතින් ඔන්න දැන් මට ෆොන් 2යි.ඔයාල දන්නවනේ මගේ කවි පිටුව බැලුව නම්, මට sms යාළුවෙක් ඉන්නව කියල. ඒවගේම අපේ උන්ටත් ලෝකෙ නැති මාතෘකා තිවයනවනෙ එළි වෙනකම් පතුරැ ගහන්න. ඉතින් සබද 7න් පස්සෙ රෑ දෙගොඩ හරිය මම බිසී. ටිකි ටිකි සද්දෙ විතරයි. මැශින් එකක් ගානට අත් දෙකේ ෆොන් 2යි වැඩ ගොඩයි.Nokia සමාගමෙන් දැක්කොත් බලෙන් ගෙනියනව ෆොන් චෙක් කරන්න. ඉතින් එකයි මේ 
හැංගිලා ඉන්නෙ... එහෙනම් ඉතින් නව තින්නම්.  හා ඔයාලට කියන්නම් කාරණයක් තමන්ගෙ ෆොන් එක විකුණනවනම් හදිසියකට හරි. සුද්දම කරල දෙන්න.

^^^^ මේ පුංචි අත්හදා බැලීමක් කියන්නද?..... 3310 හරි මොකක් හරි ෆොන් එකක් පැතලි සම තලයක් , හරියට මේසයක් වගේ. මත හරි කෙලින් ඉන්දන්න. වයිබ්‍රේට් ඔන් කරන්න. එකට කොල් එකක් ගන්න. නොකිය 3310 නම් හරියටම අංශක 360ම ස්කාකාරව සමතුලිතය රකිමින් භ්‍රමණය වෙනව. එනිත්ව කෝමද දන්නෑ. අපි මේක කරල බැලුව එකක්. මරු හරියට ඔටෝ මේටඩ් වගේ.. කරල බලන්න. ^^^^

පස්සෙ බැරියෑ තව කතා ලියන්න... ගොහිං එංඥං!