හදුනා ගනු.. මේ අරගලයට හැඩයක් නැත!!!


මාගේ ජීවිත කාලය තුල මා  අත්විදි පළමු  ස්වාභාවික ලාංකික මිනිස් පිබිදීම මෙයයි.

එහි ජාති ආගම් කුළ පන්ති ගැහැණු පිරිමි භේද නැති බව සියැසින් දැක හැදින්නෙමි අත් වින්දෙමි.

එක හා සමාන අරමුණු ගොන්නක් මත උනුන් කෑමොර නගනයුරු ආවේගය පිටකරනයුරු දුටිමි හැදින්නෙමි.


සටන් බිමට ගොස් මොර දෙනු දුටිමි

දගලමින් ධජ ලෙලවමින් ආවේගයෙන් සටන් වදිනු දුටිමි

සමාජ මාද්‍ය ඔස්සේ ටැග්ස් ගසමින් සටන් වදිනු දුටිමි

කවි කියනු ලියනු දිටිමි

ගීත කියනු ලියනු වයනු දිටිමි

සිත්තරුන් සිතුවමින් සටන් වදිනු දුටිමි

රංග දරුවන් අභිනයෙන් සටන් වදිනු දුටිමි


කදුලින් ආවේගයෙන් ආදරයෙන් දයාවෙන් කරැණාවෙන් මිතුරු හැගීම් ආයුධ මෙන් පිටවෙනු දුටිමි හැගින්නෙමි.


ගැහැණුන් පිරිමින් වියපතුන් මැදිවියන් යව්වනයින් දරුවන් ළදරුවන් පමනකින් නොව මතුඋපදින්නට පෙරමං බලන දරුගැබත් සටන් බිමේ දුටිමි හැදින්නෙමි

වෙදදුරන්ගේ සිට කසල සෝදකයා දක්වා එකාවන්ව සමගියෙන් සටන් වදිනු දුටිමි.

කළාකරුවකු ගීගයමින් සටන්බිමේ මියදෙනු පුවත් ඇසුනි. දෙපා වාරු නැත්තන් වාරුමතින් පැමිනෙුන දුටිමි. 


ලංකාවම එකමිටකි.


අප අතීත ජාතික සටන් පොතින් දැක අසා ඇත්තෙමු. දැන් අත් විදින්නෙමි. පොදු සතුරෙකු හදුනා ගෙන ඇත. දේශයක අගාදය දරාගනු බැරිව ජාත්‍යාලයෙන් අරගලයක් ඇරබී ඇත. සතුරා එක් අයෙකු නොවේ. දේශයක් අගාදයට ගෙන ආ උද්දච්ච කුහක රොත්තකි. අතීත කථා පෙලගැසෙමින් මනසට නැගේ. 


2022 බක් මහේ පුනරුධය නමින් මා මතක පොතට මෙය එක්වෙනු ඇත. 


එහෙයින් එහි කොටස් කරුවකු නෙවී මියැදීමට ඇති ලෝභ ආත්මාර්තය මෙලෙස අකුරැ කරන්නට බල කෙරුනි. සියල්ල හොදින් විසදුනහොත් මතු අනාගතේ දරැවන් මෙය ඉතිහාසය ලෙස ඉගෙන ගනු ඇති.


අතීතයේ මෙන්ම සතුරා විවිධ කුමන්ත්‍රණ කරණු පෙනේ. 

පාවදෙන්නෝද එමටය. 

අරගළයට විරුද්ධවූ මෙන්ම සාහසික කුහකකමින් එය දියාරු කරන්නට හැකි හැමදෙයම කරන්නාවූ කුහකයෝ රොත්තක්ම හැදින්නෙමි. 

උන්ද අප සමගම ඉතිහාසගත වුනු ඇති. 


ඉතින් පවසමි 

මේ අරගලයට හැඩයක් නැත 

පීඩිත මිනිසුන්ගේ අරගළයකි 

ඒ තුල හැඞ රටා ගැටි සොයා නොයන්න. 

එහි හැඩය මෙය වියයුතු යැයි පාළනය කරන්නට නෙයන්න. 

කුමන්ත්‍රණ පිළිබදව අවදානයෙන් සිටින්න. 

පීඩිත සිය්ල්ලන්ටම පිඩකයාට විරුද්ධවීමට අයිතියක් ඇත. 


මෙය සාමකාමී ජාතික අරගලයකි ආදරය රැගෙන හැකි අයුරින් සහය වෙන්න. 


දේශයක් දිනේවා.. අරගලයට ජය!!!





























චායාරූ සමහරක් ම විසින් ලබාගන්න ඒවා අතර තවත් ඒවා ප්‍රසිද්ද මාද්‍ය හරහා ලබද්ගතිමි. සියලු චායාරූ  අයිතිය හිමිකරුවන් සතුය.


#GoHomeGota2022


Comments