කාල තරණය...

8:22 AM Posted In , Edit This 0 Comments »


හයි...! සෑහෙන කාලෙකින් මේ පැත්තෙ ආවෙ ලියන්න කියල. කවි නම් වැලෙන් වැල එක් වෙවී ලියැවෙනව ඒත්, මම ගැන මම ලියන්නෙ කිලෙකින්. 
       අපුච්චේ අදනම් මම ඉන්නෙ මාරම කැළබීමකින් අඩියක් තියල අඩියක් ගන්නෙත් මාර සීරුවට.මොකද අපි කරන බෝම සුළු දෙයකින් මහා අනාගතයක් තීරණය වෙනව කියල මෙච්චර සීරියස් හිතුනෙ ඔන්න දැන් තමයි. කොම් පූටරේ වෙලාව කියන්නෙ 11.37 යි කියල. මම, මේ කියවන ඔයා... අපි හැමෝම ජීවත් වෙන්නෙ හැසිරෙන්නෙ මොන අරමුණකින්ද ?. සමහර විට බෝම සුළු අරමුණු. ඉගෙන ගන්නෙ? රස්සාවකට. රස්සාව? ජීවිකාවට නැත්තම් තව පරස්තාවකට. පරස්තාව? ජීවිකාව? මිනිසාගේ මූලික අවශ්‍යතාවයට. මිනිසා පරිණාමයේ සිටම ගෝත්‍රික සතෙක්.මිනිසාට බැහැ තනිව වාසය කරන්න.මිනිසට තියෙන්නෙ බෝම සංකීර්ණ වගේම බෝම විලම්බීත බෝහෝවිට දොම්නස්, කුතුහලයෙන් ඇවිස්සුනු සිතුවිලි. මේ සිතුවිලි මිනිසාව පාලනය කරනව. සිතුවිලි නැත්නම් චිත්තයන් කියන්නෙ එක් බලවේගයක්, මිනිස්සු කියන්නෙ දෙගොල්ලක් විදිහට හිතුවොත් මොකද වෙන්නෙ. එහෙනම් චිත්තයන්ගේ උවමනාවට, බෝම කුමන්ත්‍රණ කාරීව මිනිසා රූකඩ විදිහට රගපානව, ඒ බව වත් නොදැන. (චිත්ත පරපෝශිතයෝ- විද්‍යා ප්‍රබන්දය ගැනත් මතක් කරගන්න,http://sansarasidu.blogspot.com/2011/01/blog-post_22.html). මම මේ  කිව් අදහස මතුවුනෙත් මම හිතන විදිහට මිනිසාගේ සිතුවිලි දරන ගොජබ්භ භාවය නිසා. මොකද මිනිස් සිත කොයි වෙලාවෙත් සැකෙන්, කුතුහලයෙන් දුකෙන් පිරෙන්න පුදුම ආසාවක් දක්වන්නෙ. ඉතින් මිනිස් සිත හරිම කැමතියි තමන් කුමන්ත්‍රණයකට හසුවී ඇත. යන සැකෙන් පිරිල ඊට විරුද්ධව හිතන්න. හපුච්චේ දැන් තේරෙනව නේද මම පත්වෙලා තියෙන මානසික කැලබීම. මේ මම දරන අදහස් ටිකක් මික්ස් වෙලා කොම් පූටරේ යුතුරු පුවරුව මාර්ගයෙන් නොට් පැඩ් එකකට වැක්කෙරෙනව.

      මටත් වෙලාවකට පිස්සු. ඒක දැන අවබෝධ කරගැනීමෙන්ම සම්මත පිස්සු භාවයෙන් ටිකක් ඈතට යනව. මගේ කියැවිමේ දැනුම ටිකක් නෙවෙයි බෝම දුර්වලයි. මගේ දැනුම කියල කියන අඹ මල් රේනු ඇබිත්ත හැදිල තියෙන්නෙ කියන්න බැරිතරම් ලැජ්ජා සහගත විදිහට. මොකද ඒක සම්මතයැයි පිළිගත්ත ක්‍රම වලින් නෙවෙයි.කොහේදෝ හරි මොකක් හරි වෙලාවක අහුල ගත්ත කෑලි කෑලි මතකයේ යාන්තමට ඡායාවක් විදිහට තමයි. හෆොයි මොකෑ මේ යස අපූරැවට හිටපු හූනට වෙලා තියෙන්නෙ. කතාව මේමයි, මේ මොහොතකට කලින්, මම කාලෙකට කලින් හම්බෙලා උඩින් උඩින් බලල එච්චර හොද එකක් නෙවෙයි කියල, පස්සෙ වැඩක් නැති වෙලාවක බලන්න දාල තිබ්බ ෆිල්ම් එකක් බලල තමයි මේක වුනේ. මගේ මංඥං විග්‍රයක් එක්කල ඒ ගැන කියාගෙන එන්නම්.


කාල තරණය ගැන ප්‍රබන්ද වැහි වැහල තියෙනව.එක එක විදිහට එක එක තාලෙන්. කාල තරණය.... හම්. අපිට හමුවෙච්ච ප්‍රධාන මාන 3ක් ගැන තමයි අපි කියන්නෙ. දිග, පළල, උස. කාලය තවමත් අපි මානයක් විදිහට භාවිතා කරන්නෙ නෑ. කාලය කියන්නෙ මොකක්ද කියන එකත් මට නම් ටිකක් ව්තර මංඥං කරවන අදහසක්. ඇත්තටම මොකක්ද කාලය කියන්නෙ? මම මේ කව්රුවත් කියපු එකක් නෙවෙයි කියන්නෙ. ඒ නිසා වැරදෙන්න පුළුවන්, තව බොහෝ අර්ථකතන තියෙන්නත් පුළුවන්. ඉතින් කාලය... කාලය කියන්නෙ මම දකින විදිහට අපි කරන වැඩ මනින්න තියෙන මිම්ක්. ඒක තීරනය වෙන්නෙ මිනිසාට වැඩක් කල හැකි වේගය මත. නැත්නම් මිනිසාට සංවේදනය වීමේ තරම මත. සාමාන්‍ය මිනිස් වර්ගයාට අඩුවැඩඩි වුවත් ආසන්න මායිමක් විදිහට තත්පරය ඒකකයක් වෙලා තියෙනව. ඒක තත්පරය වෙලා තියෙන්නෙ අපිට සංවේදනය වෙන සීමාවත් එක්කල. මට කොම කලත් තත්පරයකට වචන 4කට වඩා කතා කරන් බැහැ. ඒ තත්පරය, මගේ හැකියාව අනුව. ටියුබ් බල්බයක් තත්පරයකට පනස් වාරයක් (50Hz or 60Hz)නිවි නිවී දැල්වෙනව. නමුත් මට පේන්නෙ ඒක දිගටම පත්තු වෙලා තියෙන විදිහට. ඉතින් මේ තත්පරය මිනිසාගේ සංවේදනයේ හැටියට. ඉතින් කාලය කියන්නෙ මිනිසාගේ සංවේදනයත් මිනිසාගේ හැකියාවන්ගේ වේගයත් මත විචලනය වන රාශියක් විදිහටයි මම දකින්නෙ. විශේෂයෙන් මිනිසාගේ සංවේදනයේ හැටියට. ඉතින් ඒ අනුව මේ සියල්ල මිනිසාට කාලය හා සාපේක්ෂයි. මට මතක විදිහට මම 7 දි 8 දි වතර ඇහිච්ච දෙයක් තමයි, නිවුටන් මහත්තය වෙන්න ඕන පොඩි න්‍යායක් ඉදිරිපත් කලාලු කාලය ඉක්මවා යාම ගැන. ඕං පුංචි උන්ට දැනගන්නත් එක්ක කාරිය මම කියල දෙන්නම්. මේමයි, ඔං හරියටම සංවෘත කොච්චි පාරක් තියෙනවළු හරිය. සංවෘත කීවම ලේසියට වගේ වෘතයක්!!!! (රවුමක්! රවුමක්!...) කියමුකෝ. ඔං මේ කොච්චි පාරෙ කොච්චියක් දුවනව හරිය. දැන් කොහෙන්ද මේක පටන් ගන්නෙ. ඉතින් කියන්න අමතක වුනා, මේ  කොච්චි පාරෙ එක තැනක තියෙනව ලොකු දුම්රිය පොලක්.මේ දුම්රිය පොලේ තියෙනව හැමෝටම පේන්න ලොකු රවුම් ඔරලෝසුවක්. ඔන්න හරියටම යක්කු ගස් නගින හරි මැදියම් වෙලාවට හූ කියාගෙන මේ කෝච්චිය දුම්රිය පොලෙන් පිට වෙනව. දැන් බබාල නොවෙන එවුන් අපේ මැණියැන්දෑව මතක් කොරහල්ලකෝ. අනේ ඒ අහිංකී මේකට පලි නෑනෙ. මම කෙටියෙන් කියන්නම්. ඉතින් දුම්රිය පිටවුන ගමන් තත්පර කට්ට 12 ඉදන් රවුමෙ දුවන්න ගන්නවනෙ. මේ දුම්රියට එක් වටයක් යන්න එක් තත්පරයක් නම් යන්නෙ. දුම්රියේ වේගය වැඩි කලාම තත්පර බාගය වුනා හිතන්න. ඉතින් මේ විදිහට වේගය වැඩි කරන් වැඩි කරන් ගියොත් එහෙම ගත වෙන කාලය අඩු වෙලා අඩු වෙලා ආලෝකයේ වේගය ඉක්මවූ දවසට කාලය සෘන විය යුතුයි කියලයි මම අහල තියෙන්නෙ. ඒත් එක්කම මගෙ පිස්සු මතකය කියනව අන්ස්ටයින් මාමද මන්ද පහු කාලෙක ඕක බොරුයි කියල ඔප්පු කරල පෙන්නුවළු නෙ. පව් වැඩේ නේද?. මොකද ඔය ලොකුවට තාම අපිට හිතාගන්න බැරි දේවල් කියපු, සොයාගත්ත ලෝකෙ තාම එකම වැඩ්ඩ අන්ස්ටයින්නෙ.ශුවර් එකට මිනිහ තමයි ඔක කරන්න ඇත්තෙ. අම්මේ ඔක අහපු මුල්ම වෙලාවෙ මම අප්සෙට් ගිය තරම. දැන් එක කෙලියයි අප්පට සිරි ගජ අතිතයට යතැකිනේ. ඔං ඒ දවස් වල ඔළුව පොලේ ගහන් කල්පනා කලා අතීතෙට යන්න. හිතන්න මේ මම මේ ලැප් එකේ ටයිප් කර කර, හෙඩ් ෆොන් එක කනේ ගහන්, ඉන්න සරම පිටින් අතීතයට වැටුන කියල. නිකන්ම නෙවෙයි එළාර දුටු ගැමුණු යුද්දෙ මැද්දට. ඔන්න මගේ වම් පැත්තෙන් කන්ඩුල හස්තිය පිට දුටු ගැමුණු කුමාරය එනව, දේව, හස්ති, අශ්ව, පාබල, සකල විද ආයුදත් එක්කල. දස මහ යෝදයො ටික තමයි ඉස්සරහින්ම, අර ඉන්නෙ ගොටයිම්බර අයිය. මං වගේමයි. ඔන්න දකුනු පැත්ත බලනකොට ඉස්සර මතක තිබ්බ දැන් මතක නෑ හස්තියගෙ පිටේ එළාර කුමාරය (මට නඩු දායිද දන්නෑ) විසි මහ යොදයො පිරිවරාගෙන දුටුගැමුණු වගේම එනව සටනට. මම ?. හරියට ට්‍රොයි ෆිල්ම් එකේ ආරම්භක දර්ශණය මතක් කරගන්න. අන්න ඒවගේ මැද්දෑවට වැටුන කියන්ඩකෝ. මක් වෙයිද? මම යටි ගිරියෙන් මොරදෙයි.මොබයිල් එක ඇදල අරන් 119 ඩයල් කරයි. හොදයි මේන්න දුටු ගැමුණුලට වැඩ ගොඩයි. එක එක මිනිස්සු රූප, හැම වැඩ කිඩක්ම තියෙන පොතක් වගේ එකක් එක්කල කනේ අමුතු එකක් ගහගත්තු, අමුතු ජීවියෙක් හම්බ වෙලා. පුංචි පතුරු කෑල්ලකට මිනිහ කතා කරනව. එක කෙලියයි. (පර්ල් හාර්බර් ෆිල්ම් එක සිහි කරගන්න).         
මොනවායින් මොනා වෙයිද ? නේද ? ( මම අනිවාර්යෙන් ගොටයිම්බර මමාට පගාවක් දීල ගැමුණු කුමාරයට සෙට් වෙනව මොකද මම දන්නවනෙ දිනන්නේ ඒ අය කියල.අනික දැන් අපේ රටේ පාලනයත් දුටුගැමුනු පරපුරේ කීවම කොමත් සැලකිලි).

       මේ ෆැන්ටසියෙ වැඩි වෙලාවකක් ඉන්න බෑ. මොකද මෙන්න මේම කතාවකුත් මම අර එක්කම අහල තියේ. ඒක තමයි මම අතීතයට ගිහින් මගේ තාත්තතව මැරුවොත් වර්ත මානයට මම කොයින්ද කියන එක.හෝ මම අතීතයයේ හෝ පැවතිය නොහැකිය කියන එක. හැබැයි මේ තර්කය අනාගතයට යන අයට වලංගු නෑ. ඒ අයට ඕනෑ තරම් අතල් ගතෑකි. පද්දතියට හානියක් නෑ.
( ද ටයිම් මැශීන් ෆිල්ම් එක හෝ පොත මතක් කරගන්න)

 ඉතින් කාල තරණය කියන්නෙ පුදුම ආසාවකින් හිතන්න හිතන්න ආතල් වැඩි වෙන මාතෘකාවක්. අනාගතයට යෑම කෝම වෙතත්. අතීතයට යෑම බෝම සංකීර්ණ මතයක්. මොකද මා පවත්න්නේ මා අතීතයේ නිර්මාණය වූ බැවින්. මාගේ නිර්මාණය අයිති අතීතයට. ඉතින් මා අතීතය ට පිවිසියේ නම් මාගේ නිර්මාණය අභිබවා ගොස් ඇත්තනම්. මා එහි පැවතිය හැක්කේ කෙසේද? කෙසේ හෝ මා එලෙස අතීතයට ගියේ නම් දැන් මා සම්බන්ධ කරුනේදී මා අත්විදින්නේ සැබෑ අතීතය නොව මායාවකි. කිමද යත් මා යන්නෙක් එහි නොපැවතිය බැවින් කිමද මා යන්නෙක් ඒ අතීතයට අයත් නැති බැවින්. නමුත් ඒ මා සම්බන්ධ කරුනේදී පමණි. මා කෙසේ හෝ අතීතයට ගියයේ නම් මා අතීතයට ආගන්තුකයෙක් මෙන්ම මා අතිවිදින්නේ මායාකාර අත්විදීමකි. එහිදී මාගේ ක්‍රියා කාරීත්වය නිශ්ක්‍රීය නම් තරමක් දුරට සාධාරණය. කිමද යත් මා අතීතයේ පළමු වරට පොළවේ පය තබන විට පෑගී මිය යන කූඹියකු ගේ පරපුර වර්තමානයේ කූඹියාගේ පැවතීම නැති වනබැවිනි. එසේ නම් මා අතීතය නරබන්නකු පමනක් විය යුතුය. මට අතිතයේ කිසිවක් කල නොහැක. අනාගතයට මෙය පොදු කරුනක් නොවේ. ඉතින් මා නැරඹූ චිත්‍රපටය ගැන කතා කරමු.

co-executive produser --> Janis Chaskin
executive produser --> Robert shage & Richard saperstein 
හා  Gregory Hoblit produsing 
හා Toby Emmerich ගේ රචනයක් 
FREQUENCY (2000) නමින් එළි දකිනව නිව් ලයින් සිනෙමා නිර්මානයක් විදිහට.
එක් ගිනි නිවන බටයෙක් 1960 දශකයට අයිති. එක් වික්‍රමයකින්, පවුල් සංස්ථාව පිළිබද චිත්‍රපටයක් ලෙසින් ආරම්භ වී දිග හැරෙනව. ළමයි දෙන්නෙක් බිරිදක් ලස්සන පවුලක්. වර්ථමානයේ කොළුවෙක් අවු.36ක විවාහය දෙදරා ගිය පොලිස් නිළධාරියෙක්. මෙම පොලිස් නිළධාරියාගේ වර්ත මානය හා ගිනි නිවන බටයාගේ වර්ථමානය ( අතීතය ), සමගාමීව දිව යනව. මේ පොලිස් නිළධාරියාගේ සොහොයුරා සමග මහ ගෙදරදී පරණ වැල්ව් තාක්ෂණයෙන් සැදුම් ලත් හාෆ් ඩුල්ලෙක්ස් (වෝක්ටෝකි පරිදි) තාක්ෂනයේ රේඩියෝ තරංග සංනිවේදන උපකරණයක් මුල්ලකින් සොයාගෙන වැඩ කර බලනව. ගිනිනිවන බටයාගේ වර්තමානය බේස්බෝල් මගින් ඇලලී ගිය වකවානුවක්. මේ උපකරණය මගින් මේ ගිනි නිවන බටයාත් වත්මන් පොලිස් නිළධාරීයාත් සම්බන්ද වෙනව. මෙයට හේතුවක් ලෙස සූර්යය විකිරණ ක්‍රියාවලියක් ( සූර්යය සුළන් ) පෙන්වන්ට උත්සාහ කර තිබෙනව. දැන් පොලිස් බටයාගේ වර්ථමානයේ සුළභ නැති මේ උපකරණය ගිනි බටයාගේ උපකරණයේ සංඛ්‍යාතය හා සුසර වෙනව. මේ අමතන්නේ කව්දැයි හදුන්වා දෙන්නට බලන කල එකම උපකරණයේ කේත අංකය දෙපසම උපකරණ බව දැනී දෙදෙනාම අවුලකට හා කැළබීමට පත්වෙනව. මේ කළබලය අතර ගිනිබටයාගේ සිගරැට්ටුව මේසය මත ගිනි ඇවිලී මේසය තරමක් දැවී යන්නේ පෙලිස් බටයාටද එය මායාවක් ලෙස දර්ශණය වෙමින්. ගිනිබටයා තම දරැවාට අමතන ආකාරයෙන් මේ මිය ගිය තම පියා බව හදුනා ගත් පොලිස් බටයා ඔහු මේ විකිරණ විපර්යාසය නිසාවෙන් අතීතයෙන් එන එකම උපකරණයේ සංඛ්‍යාතය වර්ථමානයේ තම උපකරණයෙන් නිකුත් කරණ සංඛ්‍යාතය හා සම්බන්ධ වී ඇති බව තේරැම් ගෙන. පියාත්,මවත් මරණයෙන් ගලවා ගෙන වර්ථමානයට ගෙන්වා ගැනීමේදී තමාගේ වර්ථමානය තමාටම පමණක් මායාවක් මෙන් මොහොතින් මොහොත වෙනස් වන ආකාරය හා එමගින් සැගවුනු අපරාධයක අපරාධ කරු ඉතාමත් සුන්දර අයුරින් විනාශ කරන අයුරු චිත්‍රපටායේ දැක්වෙනව. වගේම තමාගේ කුඩා අවදියේ අතීතය සමග උපකරණයෙන් සජීවීව කතා කිරීමට තරම් රචකයා සුන්දර වී තිබෙනව. තිර රචකයා, තම පියා සමග උපකරණයෙන් අතීතය සමග සජීවීව කතා කරන අතර තුර පියාගේ පසුම්බිය වර්ථමානයට ගෙන්වා ගන්නා අන්දමත් ඉන් අපරාධ කරුගේ ඇගිලි සලකුනු හදුනා ගන්නා අන්දමත් දක්වන්නට තරම් සුන්දර වූ අන්දම අපූරුයි. මෙයට භාවිතා වෙන්නෙ බෝම සරල න්‍යායක්. ඒ නම්. පියාට සජීවී කතා කරන අතර තුර තම පසුම්බිය තව වසර 30ක් කිසිවෙකුට සොයාගන්නට නොකිවේයයි සිතෙන තැනෙක සගවන්නැයි නර්ථමානයෙන් පුතා පවසන අතර. එය සැගවූ තාත්තා එසැනින් පුතාට ඒ තැන ගැන තොරතුරු දීමෙන් සජීවීව එසැනින් වර්ථමානයේ පුතා එය ලභා ගන්නා අන්දම අපූරුයි. මේ සංසිද්ධිය විද්‍යානුකූලව පහදන්නට ඇදාගත් ප්‍රස්ථුතය වූ, සුර්යය විකිරණ විපර්යාසය ( සූර්යය සුලන් විපර්යාසය ) අනාගත 2012 සංසිද්ධියටද මේදින වල බහුලව කතාබහට ලක්වන්නක්. 

ඉතින් මේ 2012 වේ වී කියල මටම හිතෙන මගේම අදහස් ටිකකුත් ඔන්න තෙරපෙන්න ගන්නව. හැබැයි ඉතින් දැන් ලියන්න බෑ බෑ වගේ. දැන් මේ කොම්පූටරේ වෙලාව 2.20යි. අපරාදෙ එසයිමන්ට් එකේ වෙලාව. කමක් නෑ පාඩුවක් නෑනෙ. ගෙදරට නෙට් තිබ්බනම් දැන් අප්ලොඩ් කරනව.මොනා කරන්නද උදෛ් වෙනකම් ඉන්න වෙනව. ඉතින් 2012 වේවි කියල කියන්න තර්ක කරන්න පුළුවන් මගේ ගල් පැලෙන මංඥං අදහස් ටිකකුත් එක්කල ආයෙ දවසක හමුවෙමු. එතකන් ගොහින් එඤ්ඤං.