Skip to main content
අරමුණක් නොතේරුනු
බෑගයක් අතරැදුනු
මාවතක උදෑසන
බස් රියක අසුනු වුනු....
නෙතු පියන් අසරනවු
ඇගේ රූ සිහි නැගුනු
මගේ මේ ඇගිලි තුඩු
මෙසේ කවි පද කෙටුනු....
දිනෙක ඈ ඉල්ලුමට
කවි කමට සමු දුන්නු
සිහි වුනා ඒ මතක
හිත මගේ බොලද වුන...
අවසනට මා ලගින්
ඉතුරු වී දුක නිවන
කවිය උබ හිනැහියන්
මෙමා වෙනුවෙන් ලොවට....
Comments
මරු..!! (කමෙන්ට් එම්බෙඩ් කරලා දැම්ම නම් හොඳ නැද්ද..?)
ඒ ආදරය අහිමි වූ කළ ඔහුම දාර්ශණිකයෙකු වන්නේය..
හිහ් හිහ් තැන්කු මේ පැත්තෙ ආවට.. හූන දන්න කවියක් නෑ.. ඔං ඔහේ ලියනව එච්චරයි.. සුභ නව වසරක් වේවා..!
@-යසිත්ගේ සිතුවිලි
“සෑම ආදරවන්තයෙක්ම කවියෙක්ද වන්නේය.
ඒ ආදරය අහිමි වූ කළ ඔහුම දාර්ශණිකයෙකු වන්නේය.“
ඇත්ත සහෝ.. හැමෝගාවම හැන්ගුන කවියෙකුත් දාර්ශනිකයෙකුත් ඉන්නව.. හදවතට ගොඩක් සමීප වුනාම උ එලියට එනව.. සුභ නව වසරක් සමග ජය වේවා!