ලස්සන තැනකට ගිය ගමනක්...

10:19 PM Posted In Edit This 1 Comment »
             යාළුවෙක් ඉන්නව මිනිහට ට්‍රිප්ස් යන්න පුදුම ආසාවක් තියෙන්නෙ. මොටර් බයිසිකල් වලින් දූලී ඇල්ලෙ යන් කියල එකට පොරේ. කෝමින් කෝමින් හරි පසුගිය එක්ටොබර් 9 වෙනිද අපි උදේ පාන්දරින් යන්න පිටත් වුනා.බයිසිකල් 3යි කො‍ල්ලො 6යි සෙට් එකට. මේ එකෙක්ගෙ ගෙදරත් ගිහින් මාපලගම,6 දෙනාම ගියා ඇල්ලට. හොදම ආතල් එක කියන්නෙ එදා දවසම වැහි.නෙළුව පැත්ත කියන්නෙ ඉතින් වැස්ස අඩු පැත්තකුත් නෙවෙයිනෙ. යනකම්ම නෑව. හොදටම තෙමීගෙන. සීතලේ වෙව්ල වෙව්ල ඇල්ලට ගියා. ඒ ගමනෙ ආතල් එක වැස්සෙම ගියඑක තමයි. දිගටම තෙමීගෙන.
                ඇල්ලට හැරෙන තැන නෙළුවෙ ගහල තියෙනව ලොකු කටව්ට් එකක් ෂාන් මහත්තයගෙයි තව කාගෙද මතක නෑ.හැබැයි පොඩියට තිබුන ධූලි ඇල්ලට කියල. එතන ඉදගෙනත් 5කි.මී. විතර ගියාම කදුගැටයක් නගින මග. තේ ෆැක්ටරියක් පෙනිපෙනී ප්‍රවේශ කව්ළුව තිබුන. රැ 20 ටිකට් අරන් මල වැස්සෙම ගියා ඇල්ල බලන්න. ඇල්ල නැරබුම් ස්ථාන 3කිත් යුක්ත මධ්‍යම ප්‍රමාණයේ එකක්. ලස්සනයි. වැස්ස නිසා වැඩිය කව්රැත් හිටියෙත් නෑ. මේ වැස්සෙම නෑව. නාන්න ලස්සනට කාන්තා හා ළමා 1 කුත් වැඩිහිටි පිරිමි 1කුත් තටාක 2ක් හදල තිබුන ලස්සනට. මේ තියෙන්නෙ ඒ පින්තූර. ආයෙත් එත දිගටම අතර මග නාගෙන ගෙදර ආවෙ කි.මී 148ක් විතර ගමනක් නිමා කරමින්.

ඊයෙ රෑ ...

3:23 AM Posted In Edit This 0 Comments »
 ඊයෙ රෑ හොදටෝම වැස්ස.මම අසයිමන්ට් 1ක් කරන්න හිටියත් දරැණු වැස්සත් ගෙරවීමත් එක්ක අපේ ගෙදර උදවිය computer 1 දාගත්තම ඊට වඩා හයියෙන් ගොරවන්න ගත්ත.මේ නිසා මට සිසු වුනා පොරෝගෙන නිදා ගන්න.
               මේන් මෙ‍හෙම නිදියගත්ත මට එක පාරම අපේ ගෙදරට කෙනෙක් හයියෙන් කතා කරනව ඇහුන. අපේ තාත්තගෙ නම කියල මේ මනුස්සය කළබලයකින් වගේ මොරදෙන්න වුනා. තාත්ත ත් මමත් නැගිටල එලියට දිව්වෙ අම්මගෙ ^යන්න එපා!!^ කෑගැහිල්ල මැද්දෙන්. ගේට්ටුව ඇරගෙන යනකොට උඩුකය නිරාවර්ණය වෙච්ච වයසක පහේ මනුස්සයකුයි ගැහැනියෙකුයි තමයි කතා කරල තියෙන්නෙ. අයියෙ අතන වංගුවේ මොටර් බයිසිකලයක් පෙරළිලා තාම ලයිට් පත්තුවෙනව මනුස්සයෙක් කෙදිරිගානව යං බලන්න කීව.
             හොදම වැඩේ කියන්නෙ කාගෙවත් එතතට ගිහින් බලන එකට හොද හැගිමක් තිබුනෙ නෑ. මොකද මේ කියන හරියෙ ටිකක් වෙන තාලේ දෙවල් වුනත් සිද්ධවෙන්න පුළුවන් තැනක්. මමත් කීව මොනා වුනත් මනුස්සයෙක් නෙ අමාරැද දන්නෑ ගිහින් බලමු කියල.අපි 3 දෙනාම ගියා බලන්න. අපි කට වහරෙන් මදුරැවා කියන තාලෙ මෝටර් බයිසිලයක් ගුරැ පාර හරහා වැටිල තිබුන.බයිසිකලේ හැඩල් එකට කකුල් යටවෙලා මනුස්සයෙක් උඩුබෙලි අතට වැටිල උන්න හාවක් හූවක් නැතිව. කළු දිග කලිසමක් හැද ගත්තු නිල් පාට අත් කොට කමිසයක් හැදගත්තු අතේ සිල්ව පාට ඔරලෝසුවක් පැලදගත්තු මනුස්සයෙක්. උඩු බැලි අතට වැටිල උන්න කිසිම සෙලවීමක් වත් නෑ. මටත් පෙනුනෙ මැරිල වගේ. වැස්ස නිසා පස් හොදටම තෙතයි වගේම වතුර වළකුත් එක්ක.අපි ටිකක් කතා කලා කිසිම වෙනසක් නෑ.මම ලංවෙලා බැලුව ම මිනිහ ඔළුව උස්සල ඇයි කියල ඇහුව. එහෙම අහනකොටම තේරැනා මිනිහ බඹර පදමෙන් ඉන්නෙ කියල.මට හිනාගියා.මොකද බයිසිකලේ පෙරලිලා ශීට් එක කැඩිල වීසිවෙලා සයිඩ් කන්නාඩිය කුඩු, උඩු බැලි අතට වැටිල උන්නෙ මැරිලම කියල සනාතවෙන වාදිහට. අපි බයිසිකලේ කෙලින් කරල මිනිහව නැගිට්ටවල ‍යන්නෙ හකාහෙද ඇහුවම අපේ ග‍මේ නම කිව. අපි කිව්ව මේ එහේ තමයි කියල. මිනිහට හිටගෙන වත් ඉන්න අමාරැයි. මෙච්චර දුර ආවෙ කොමද කියලත් පුදුමයි. පස්සෙ අපි එන්න ආව.
                අර අහිංසක මනුස්සය ඒ පැත්තෙ වත්තක වැඩ කරල ගෑනිත් එක්ක ගෙදර යන ගමන් 1.45 වෙලාව. වැස්ස නිසා කවුරැත් පාරේ නෑ. එලියකුත් නෑ. මේ මනුස්සය හොදටම බයවෙලා මැරිල කියල හිතල තමයි අපේ ගෙදරට කෑ ගහල තියෙන්නෙ. ‍හොදමදේ කියන්නෙ මනුස්සයෙක් අමාරැම අවස්තාවක වුනත් දැන් කාලෙ කෙනෙත් උදව්වක් කරන්න 2පාරක් හිතනව. සාක්කියට යන්න වෙයි.කරදරවෙන්න වෙයි කියල හිතනව ඇරෙන්න ඒ මනස්සය ගැන බලන්නෙ 2පාරක් නෙවෙයි 10 පාරක් හිතල වගේම බොහෝවිට වෙන්නෙ නොදැක්ක තාලෙන් හැරිල යන එක. බීපු ඩයල් එකක් නිසා අවුලක් නෑ. පස්සෙ මට ඇහුන පැයකට විතර පස්සෙ යන සද්දෙ.අර වතුර වලේ වුනත් මිනිහ සැපට නිදාගෙන උන්න හැටි මතක් වෙනකොට මාර හිනා....