මිලිටරිය හා ලංකාව....!

11:48 PM Posted In Edit This 0 Comments »



      හම්....ටිකක් බර මාතෘකාවක් නේද?.ඔය වෙග් බර මාතෘකා කතා කරන්ඩ තරම් ඩයල් ඒකක් නෙවෙයි මම.ලොකු ලොකු කතා නැතුව මම දකින දේ, හිතන දේ කියල දාන්නම් ‍ මේම. මේමයි කතාව. සෙබලා කියන නම ඇහුනම ඔයාලට මොන වෙග් හැගීමක්ද ඒන්නෙ?. ඇත්තටම පුංචි ඒකෙක් ගෙන් ඇහුව කියමු. කව්ද සෙබලා කියන්නෙ?. ඔය වගේ බෝමයක් පුංචි අය අහන තාලෙ සරල ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියාම අපි හිරවෙනව. ඒකට හේතුව මම හිතන්නෙ අපි හිරියටම ඒ දේ ගැන හිතල නෑ, අපි නොසලකා හැරලයි තියෙන්නෙ අපි ගාව තියෙන්නෙ ඒ ගැන හරි පැහැදිලි කිරීමක් නෙවෙයි, නිකන්ම නිකන් හැගීමක් විතරයි අපි ඒ දේ දන්නවා කියල අපේම හිත රවට්ට ගත්ත. හම් දැන් කව්ද හැබෑමට මේ සෙබළ කියන්නෙ?. මමත් හරියටම දන්නෙ නෑ. හැබැයි මට හිතෙනව මේම. සෙබළ කියන්නෙ යම් කන්ඩායමක පොදු සතුරකු සමග යුද්ධයකදී හෝ ඒවන් විශේෂ ලෙස හදුනාගත් අවස්තාවකදී ඒ සමූහය නියෝජනය කරමින් සටන් වදින පුද්ගලයකු කියල. එතකොට මේ සෙබලා කියන වචනයට තව ගොඩක් විශේෂණ පද එකතු කරන්න පුළුවන්. මේ සෙබලාම අර කියපු යුද්ධය හෝ හදුනාගත් විශේෂ අවස්තාව කියන රාමුවෙන් පිටදි සාමාන්‍ය පුරවැසියකු වෙනව. ඉතින් සෙබල කියන්නෙ රැකියාවක් වෙන්නත් පුළුවන් ඒ වගේම සේවාවක් වෙන්නත් පුළුවන්. ඒ මට හිතෙන හැටි. මොකද ඒක දරන අරමුණ හා අවස්තාව අනුව වෙනස් වෙනව කියලයි මට හිතෙන්නෙ. මේම හිතන්න, හොදයි ඔන්න අපේ ගමට බෝම තද උවදුරක් එනව හිතමු.ගමේ ගම් මුලාදෑනිය මේ පිලිබද නිල වගකිව යුත්තා. ඕං ගමේ කස්ටියක් ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙලා ගම රකින්න. එතනදි සේවාවක් කියමු. ඕං ඔහොම. ඉතින් මේ විදිහට ගත්තම මේ සෙබළ කියන පට්ටම සමාජ දේවත්වයකට බෝම ලගින් නෑකම් කියනව. ඒ නිසාම සෙබල කියන පට්ටම ක්ෂණිකයකින් විරුව දක්වා පෙරලෙන්නට පුළුවන්. දැන් විරුව කියන වචනෙට පැහැදිලි කිරීමකුත් කරන්න ඕනද? අයියෝ කොටි වල්ගෙ එල්ලුනා වගේ. ඒක ගැන මම කියන්න ඕන නෑ නේද? දැන් ඔයැයිල අහපු විරුවො මතක් කරන්ඩල බලන්න. “හම් අන්න හරි මොකක්ද?“ “කෝ“ ? “ආ? කැප්පටිපොල?“ “හරි හරි තව කියන්න බලන්න.“ “වීර පුරන් අප්පු!“. “හම් තව..“.දුටු ගැමුනු!!!!!! . ම්.....ම්.... දුටු ගැමුණු ????? හම්... එයා අපි රජෙක් කියමුකෝ.. දැන් දස මහ යෝදයන් ගැන එහෙම අහල ඇතිනෙව මේ ළමයි? හරි දැන් නම් එහෙම එක දෙක කියවෙන්නෙ ඔය. ගෝටයිම්බර..........,වේළු සුමන..........,පුස්ස දේව..,නන්දි මිත්‍ර,ගෝඨාභය,බැසිල්,මර්වින්,දුමින්ද ...... හා හා හා වැරදුනා නේද? සොරි සොරි අන්තිම 4 නෑ. ඔය ගොඩක් කතා තියෙන්නෙ ඒ අය ගැන, අපිත් ඇස් උඩ තියාගෙන කට ඇරගෙන අහපු. ඇත්ත කතාව කෝම තියෙන්න ඇද්ද? ඒ කාලෙත් මේ ඊයෙ පෙරේද වගේ කේස් ගිහින් තියෙනව. අර දුමින්ද, භාරත කේස් එක වගේ.. ගෝටයිම්බර, මහාසේන කේස් එක. කරුමෙ කියන්නෙ බෙහෙතකට වත් කියන්න අර එළාර රජතුමාගෙ විසිස්සෙන් එක නමක් වත් මතක නැති හැටි. ජන්මෙ ගතියද මන්ද (හිහ් !). දැන් කොම කොම හරි විරුව කියන පට්ටම සෙබල කියන එකට වඩා පට්ටම පට්ටමක් නෙ. දැන් මේ විරුව කියන පට්ටම මිනිසුන් අතර දේවත්වය දක්වාම යනව. ඇත්තතටම ඒ එදා ලංකාවම එක්සේසත් කරන්න අවුරුදු ගානක් යාපනයෙ රජ කල රජ කෙනෙක්ගෙ බලවත් සේනාවක් පරාජය කරද්දි ඔය කී දාහක් සෙබළු මැරෙන්න ඇද්ද? ආ.. සොරි සොරි දිවි පුදන්න ඇද්ද? දැන් අපිට මතක තියෙන්නෙ දස මහ යෝදයන්ගෙනුත් 3යි 4යි. අපි කියමු කෙනෙක් මේ සෙබළ කමට එන්නෙ සේවාවක අරමුණින් කියල. තවත් කෙනෙක් එන්නෙ රැකියාවක අරමුණින් කියල. මේ කොම වුනත් ඒ අය කරන කාර්්‍යය සුළුපටු නෑ. වන්දනීයයි. ප්‍රශ්නෙ තියෙන්නෙ මේ සෙබලා කියන චරිතය, මෙහෙයවන්නකුට, දැඩි රාමුවක ඉදන්, දැඩි සේවයක් කරන්නෙක්.දැන් මේ දස මහා යෝදයන් අපි අතර විරුවන් වෙන්නත් අර එළාර ගෙ විසි මහ යෝදයන් විරුවන් නොවෙන්නත් බලපාන්නෙ මම මේ කියන කාරණය වෙන්න ඕන. අපි හසලක ගාමිණී විරුවෙක් විදිහට සලකන කොට කොටින්ට වෙනමම විරුවන් ඉන්නට ඇත්තෙත් ජේ. වී. පී. එකට වෙනමම විරුවන් ඉන්නට ඇත්තෙත් ඒ හින්දම වෙන්ට ඕන. දැන් මේ සෙබළා, විරුවා කියන රේඛාව වෙන් කරන්නෙ කෝමද කියන එකයි ගැටළුව. අපි හෙමින් දැන් කාලෙට එමුකෝ. අපේ ඉතිහාසෙ අපිට විරුවන් හමුවෙන්නෙ ඔය ඒ කාලෙ රජ වරු අතර සටන් නැතිනම් දුටුගැමුනු සිදුවීම නැතිනම් නිදහස් අරගලය නැතිනම් ඊලාම් සටන නැතිනම් හැත්තෑ ගනන් වල අසූ ගනන් වල විමුත්ති අරගලය ආයෙත් සාමෙන් පස්සෙ වකවානුව දෙවන ඊලාම් සටන. මම අර මතු කරපු කාරණය වැදගත් ඇති මගෙ හිතේ. සෙබලාගේ හුදු අරමුන සතුරා විනාස කිරිම වුවත් සෙබළා මෙහෙය වන්නාගේ අරමුණ ඔහු විරුවකු කරන්නට සමත් වෙනව. 





      දැන් මිලිටරිය කියන වචනෙට අර්ථ කථන සපයන්න මම උත්සාහ කරන්නෙනෑ. මම හිතන විදිහට ඇත්ත කතාව නම් බොහෝ මිනිස්සුන්ට හමුදා සෙබළා පිළිබද පැහැදිළි හොද අවබෝධයක් වත් තියුනු හැගීමක් වත් තිබුනෙ නෑ. විටෙන් විට ඒක මිනිස්සු තුල ස්ථාපන කරන්න එක එක රජයන් උත්සාහ ගත්ත. බහුතරයක් ඇත්ත මානුශික හැගීම තිබුනෙ සෘජුවම හමුදා පවුල් වල සාමාජිකයින් අතර කියල මට හිතෙනව ඒ තමන්ගෙ පුතාගෙ සොහෙයුරාගෙ ආලයෙන් සමස්ථ හමුදාවටම ආරෝපනය වූවක්. “රන් වැටක් ලෙස“ “මා ආදර ණීය මගේ“ “සෙබලානණේ“ වගේ ගීත බොහෝ දුරට ඒ කාර්යය කලා. “රණ බිම මැරුණේ සිංහලයකු නම්“ වගේ ගීත තරමක් දුරට තවත් කාර්යයක් කලා කියල මට හිතෙනව. ඒත් ඒ වරින් වර දැල් වෙමින් දුබල එළියක් විහුදුවමින් දැල්වුනු විරුවා කියන ටියුබ් බල්බය මෑතකදී “යුද“ ජයග්‍රහණයත් සමග ෆ්ලැෂ් බල්බයක් මෙන් එළිය විහිදුවන්නට වුනා. මේ කතාවට මම පුංචි කතාවක් කියන්නම්. අම්බලන්ගොඩ ටවුමෙ ඉන්නව තරුණ පහේ වීදි වෙළෙන්දෙක් මෙයා කාලෙන් කාලෙට නොයෙක් දේවල් කරනව වියත රැක ගන්න. සුවිප්,කාලෙකට නාරං,කාලෙකට ඇපල්,මේ දවස් වල අර පහේ කාසි චේන් බස් රථ වලට නැගල විකුනනව. ඔය කියන කාලෙකදි මගේ යාළුවෙක් එක්කල ඔය බස් එකකට නැග්ග වෙලාවක මිනිහ නැග්ග මරු හෑල්ලක් කියාගෙන.කියු දේ හරියටම තේරුනේ නෑ. හැමෝටම කොල වගයක් බෙදාගෙන බෙදාගෙන ගියා. මෙයා සාමා්‍යයෙන් එහෙම බිස්නස් කරන්නෙ නෑ. ඒ වෙලාවෙ බස් එකේ හොද බිස්නස් එකක් මිනිහට තිබුන. සෑහෙන දෙනෙක් ඒව මිල දීගත්ත.නැගිටල උන්න අපි දෙන්න ටිකක් එබිල බැලුව මොනාද කියල. එක් පැත්තක ඒ දවස් වල සුප්‍රසිද්ධ රණවිරු ඡයාරූපයකුත් අනෙක් පස දෑත විදා ගත් අති ගරු ජනපති තුමාගේ ඡායාරූපයත් රැගත් ස්ටිකරයක්. මිනිහ කාලෙ තාලෙට මින්ස්සුන්ගෙ උව මනාව තේරැම් ගත්ත නියම බිස්නස් කාරයෙක්. ඒ තමයි මම කිව් දේට සාධකයක්.සෙබළා යන චරිතයට කිසිදු ප්‍රහාරයක් එල්ලකිරීමට මා කිසිම විටකත් උත්සාහ දරන්නට කැමති නෑ. ඔහු නියම මිනිසෙක්. නමුත් ඔහු හසුරවන පාලක අරමුණ බෝම වැදගත්. අද විතරක් නෙවෙයි රජ කාලෙ ඉදන් සෙබලා කියන චරිතය මහජන හිතසුව පිනිස පොදු සතුරා විනාස කරනු වස් යොදාගත්තාට අමතරව හුදෙක් පාලක පන්තියේ උවමනාව ඉටුකරගැනීමටත් භාවිතා කල බවට අවිවාදයෙන් පරිකල්පනයක් ගොඩ නගන්නට හැකියි. උදාහරණ අවශ්‍ය නැතුවා විය යුතුය. මෙම ලිපියෙන් සෙබළාට හෝ විරුවාට පහර නොවැදිය යුතුමය මන්ද යත් සෙබලා ලෙසින් හෝ විරුවා ලෙසින් ඔහු කරණ කාර්යය ඔහු තරම් කැපවීමකින් භක්තියකින් ඉටුකරන්නකු සොයා ගන්නට මිහිපිට නැත. ඔවුන් කල පරිත්‍යාගයන් අපට සිතා ගන්නටවත් නොහැක. යුද්ධයකදි මිනිස් බලය ඊතා වැදගත් සාධකයකි. මෙහිදී මෙම සෙබල මළමුලු සදහා සේවයට බැදීමද එක් සමාජ කාරණයක් වී හමාරය. මව් බිමට කකියන ලෙයින් ඔද වැඩී මරාගෙන මැරෙමියි සේවයට බැදි සොල්දාදුවන් මෙන්ම ඉතින් ඕලෙවල් ඉවරයි,නංගියි අම්මයි කොමද කන්නෙ,මටත් රස්සාවක් ඔන. මේ කියන හිස්තැන පිරවන්නටත් සෙබලුන් නිර්මාණය වූවා විය යුතුය. යුද්ධයක් හා බැදි බොහෝමයක් කරුණු කාරනා ඇත. එක් විදෙස් බැංකුවකට රටක් පමනක් නොව රටවල් ගොන්නක් අල්ලේ නැටවීම කජුකන ක්‍රියාවකි. එසේම යුද්ධයකදී මාධ්‍ය කරන කාර්යය සුළු පටුනොවේ. මා පෙර කිව් පරිදි පොදු ජන මතය තුල විරුවකු නිර්මාණය කිරීම මෙන්ම ජ්‍යාත්‍යාලය බලෙන් හෝ ඔළුවට රිංගවීම පාලක පන්තියකට බෝම වැදගත් කාරණාවකි.මේ ක්ෂණිකයෙන් ලංකාව තුල නිර්මානය වූ මහා විරුවාගේ තිබිරි ගෙය නිර්මාණය වී ඇත්තේද පැහැදිලි මාධ්‍ය ව්‍යාපාරයකිනි. එසේ නිමැවූ විරුවා, මාධ්‍යය වානිජ්‍ය කරණයේ, රියැලිටි කරණයේ රගන්නට තරම්, මේ සයිකෝව එක්තරා මාධ්‍යයක සැලකිය යුතු රසික පිරිසක් නරබන මාධ්‍යය කාල සීමාවක් වෙන්කර පිරවන්නට සමත් වී ඇත. හමුදාවක් නිර්මාණය කිරීමේදී මොරාල් කියන වචනයට ලැබෙන තැන ගැන අමුතුවෙන් කතාකරන්න දෙයක් නැති තරම්. මේ මොරාල් දැඩිව තබාගැනීම යුද්ධයකදී කෙතරම් වැදගත්ද යන්න ඔබටම පසක් වනු ඇත. අනේ මන්ද මමත් ටිකක් බරසාර වුනාද කියල.මේ මොරාල් හදන්න හමුදාවක ඇතුලත කරන ක්‍රියාදාමයන් සොයා දැනගන්නට වටිනව. ඒ වගේම බහු ජන මතය මත මේ මොරල් පවත්වාගෙන යාම පාලක පන්තියකට හෙළුව වහන්න පිරුවටයක් කරගන්නටත් රටක් නැගී සිටින්නට කිහිලි කරුවක් ලෙස පාවිච්චි කරන්නත් පුළුවන්. මම මේ කියාගෙන ගියේ ටිකක් හංගල ගහපු කරුණු ටිකක්. පැහැදිලිවම මොරාල් එකත් මහජන මතයත් කියන කාරණය ඔස්සේ ප්‍රස්ථුතය ගැන හිතන්න පෙළබවීමක්. මට අවශ්‍යය පෙන්නන අපිට හිතන්නැයි බලෙන් කියන දේට එහාහින් හංගපු දේ හිතන්න පෙලබවීමක්.


      දැන් මේ යුද්දෙ අවසානයත් එක්කල මට තිබිච්ච ප්‍රාතමිකම අදහසක් තමයි දැන්මේ ලංකාව තුල තියාගත්ත සැලකිය යුතු පිරිසක් හමුදාවට මොකද කරන්නෙ කියන එක. මම කිව්වෙ ප්‍රාතමිකව. ඒ කියන්නෙ විසුරවන එක නෙවෙයි. මොකද මට අහන්න ලැබිච්ච විදිහට අන්තිම කාලෙ අවු 16 ඉක්මවු දෙමාපිය කැමැත්ත පිට අවම සුදුසුකම් යටතේ කෙටි පුහුනුවකින් විශාල ප්‍රමාණයක් හමුදාවට බදවා ගත්ත. මේව ලිඛිත සාධක හෝ ඔප්පු කරන්න සාධක ඇතුව කියපු කරුණක් නෙවෙයි ඇත්තටම කට වචනයෙන් දැනගත් කරුණු මත කියන දෙයක්. මම හිතුව කාලයක් මෙහෙම ම පවත්වාගෙන ගිහින් සාමකාමී පසුබිමක් යටතේ අවශ්‍යතාවයට පමණක් රදවාගැනීමකින් ඇතුලුව අතිරික්තය විසුරුවා හරීයවි කියල. යම් කිසි නිසි වැැඩපිලිවලක් ඇතුව. විශ්‍රාම වැටුප් සහ සරිලන දීමනා සහිතව. මොකද යුද්ධයක මානසිකත්වයක මොරාල් එකක් එක පාර සිවිල් සමාජයට මුදා හරින්නෙ නැතුව ක්‍රමානුකූලව ඒ අතිරික්තය ගෞරවාන්විතව සමාජ ගතකරයි කියල. මට හිතෙන විදිහට එතන ටිකක් සංවේදී සමාජ කාණයක් තියෙනව. ඒක මගේ හිතේ මැවුනු මතයක් විතරයි. හපුච්චේ මාව එල්ලයිද දන්නෑ මේක දැක්කොතින් ගොට මාම.අදින් පස්සෙ සුදු වෑන් තියා සදු කාර් එකක් දැක්ත් හැංගෙනව. මම දන්න අතීතයේ ඉදන්ම සෙබලා පොදු මහජන තර්ජන හමුවේ පමනක් නොවෙයි හුදෙක් පාලක පන්තියේ තර්ජනය හමුවේත් සුළු පටු නොවන කාර්යය භාරයක් ඉටුකලා. උදාරණ මම කියන්ඕන නෑ. ආ.. හා.. ආන් ඒක තමයි, ඔය මතක් වෙන්නෙ හෙමින් සැරේ...! මෙතනදි සතුරා ගේ ස්වභාවය ගැන කෝම වෙතත් විනාශ කිරීම සෙබලාගේ වගකීම වුනා. ඒ කාර්යය නිවැරදිව ඉටු කිරීමේදී අරමුන අනුව පාලක පන්තියටත් හදුනාගත් පිරිසක් විරුවන් වුනා. ඒ විරුවන් පොදු සෙබල තනතුරට අමතර තවත් කාර්යයන් ඉටු කලා යැයි පරිකල්පනය කිරීම බෝම පහසුයි මගේ හිතේ. එදා ඉදන්ම දරුණු ගනයේ වර්ජන එහෙම නැවතුනේ හමුදා මැදිහත් වීමෙන්. මම මතු කරන්න යන වැදගත්ම කාරනේ මේකයි. මම හිතනව අද ලංකාව ගරු මහින්ද රාජපක්ෂ ජනාධිලති තුමා පාලනය කරන්නෙ හතරෙන් එකක ප්‍රමාණයක් පමණයි කියල. ඉතිරි හතරෙන් තුනම හමුදා යාන්ත්‍රණයෙන් එක් පුද්ගලයකුගේ පාලනයේ හැසිරෙනව කියල. මහින්ද රාජපක්ෂ පොඩි පුතු නාවික හමුදාව නියෝජනය කරමින් ඉන්නා වකවානුවක.බොහෝමයක් අමාත්‍යාංශ රාජ්‍ය ආරක්ශක අමාත්‍යාංශය යටතට ගැනෙනව. ඒ සමගින්ම ඒවා පිලිබද වැඩිදුර සොයා බැලීම්, නිල වශයෙන් කෙටසකුත් නොනිල වශයෙන් බොහෝ කෙටසකුත් ඇහිරෙනව. යුද ජයග්‍රහණයත් සමග සියලු බාධකයන් යුදමය විලාසයෙන් විසදෙන්නට යන සේයාවක් පෙන්නුම් කරනව. සිවිල් වෙළද අධිකාරියට එරෙහිව පළමු ප්‍රහාරය දියත් වෙමින් විරුවා සෙබල වෙලෙන්දා චරිතය නිරූපණය කරනව. ඒ සමගම ඇරබෙන හමුදාමය ගොවි යුගයක් නිර්මාණය වෙනව. අවශ්‍යතාවය අනුව උතුරටත් නැගෙන හිරටත් බොහෝමයක් ගොනු වූ හමුදාව ලංකාව පුරා ස්ථාන ගතවෙනව. මට තේරෙන මගේ පුංචි මෝඩ මොලේ අනුව එක් ක්ෂණිකයකින් දැන් ලංකා පාලනය හමුදාවට භාරදිය හැකියාවක් තියෙනව මේ ස්ථානගත වීමත් සමග. විශේෂයෙන් මම හිතන විදිහට හමුදා බුද්ධි අංශය අගනුවර කේනද්‍ර නොකර ගනිමින් ලංකාව පුරා විහිදෙනව. බොහෝමයක් අමාත්‍යාංශ ආරක්ෂක අමාත්‍යාංශයට ඈදිමත් සමග ඒ සියල්ලට හමුදා සහය ලැබෙනව. මතභේදයන්ට තුඩුදෙන ඕනෑම අමාත්‍යාංශයක් ආරක්ශක අමාත්‍යාංශය යටතට ගැනීම මත ක්ශනිකයෙන් ඒ මතබේද සුන්වී යනව. විශේෂයෙන් විරුද්ධ ජන මතය. මෑත මාස කිහිපයක ඇතුලත කිසිදු පැහැදිලි ගනයේ උත්ගෝශණයක් හෝ මහජන මතය පෙන්වීමක් දකින්නට නොලැබෙනව. මොකද පොලීසිය දෙකේ කොලේට වැටීම මත මහජනයා පොලීසියට පහරදීම දක්වා පොලීසිය බලු වෙනව. කරලි මර්දණ ඒකකය නාමික වහයෙන් පෙරමුන ගන්නා අතර දෙවන වල්ල හමුදාාමය වීමෙන් ජන මතය ඉබේම දියාරු වී යනව. දැන් කියන්ඩ හදයි චිකේ මූට තියෙන කුහක කුප්ප කම මූ බලන් ඉන්නෙ ලේ වැගිරෙනකන් කියල. නෑ මම කියන්නෙ සාම කාමී මහජන මතය ප්‍රදර්ශණය කිරීමකට වත් යන්නය මහජනයයා නොපෙලබෙන තැනට ඒ ඉගිය ප්‍රමාණවත් වෙලා තියෙනව. ඒ සමගම නගරාලංකරණය නමින් අගනුවර පසුබිම සෑදෙමින් යන නිමිත්තට කිසිදු තර්ජනයක් නොවෙන්නට ඒටද හමුදා සහාය නොමදව ලැබී තියෙනව. සංවර්ධනයට. ඒ නමින් ඉඩම් විශාල ප්‍රමාණයක් හමුදා පාලනය යටතට පැවරිලා තියෙනව. සෝමාවතිය අවට,පොලොන්නරුව සමහරක්,කොහිලවගුර වත්ත (කරන්දෙනිය),සිංහරාජය අවට. මේවගේ බොහෝමයක් ඉඩම් අයිතිය දැනට හමුදාව යටතට ගැනිල තියෙනව. අධිකාරය එක් පුද්ගලයකු වටා ගොනුවෙමින්. පොලීසිය ග්‍රාම නිලධාරී චරිතය දක්වා යවමින් සියල්ල හමුදාමය වෙමින් යනවා යැයි මට හිතෙනව. අධ්‍යාපනය කෙරේ දැක්වු හමුදා සහය ගැන අපි කොමත් උනන්දුයි. රැග වෙනුවට නායකත්ව පුහුනුවත්, කුප්පි වෙනුවට pop වැඩසයහන් ආදේශයත්. නවක පිළි ගැනීමටත් පුංචි ආදේශයක් ලැබිල තියෙනව. මට ආරංචිවෙන විදිහට මෙහි යටි අරමුන අනාගත පරිපාලන රහස් ඔත්තු කරුවන් හදුනාගෙන වෙන්කරගනිමින් නිර්මාණය කිරීමයැයිත් අසන්නට ලැබෙනව. නවතම ප්‍රවන තාවය අනුව,ගෝඨාභය මහතාගේ පෞද්ගලික ආරක්ෂක ආයතනය සමස්ථ ලාංකික සරසවි ආක්‍රමණය කරමින් යනව. මා රුහුණු සරසවි මිතුරකු පැවසූ කරුණු අනුව පැහැදිලි සිසු මර්ධනයක් ඒ හරහා කරමින් යනව. මේ කන්ඩායමත් හමුදා විශ්‍රාමිකයන් ගෙන් සැදුම් ලත් ඉතා ජවසම්පන්න කාරිය අතුරරටම ඉටුකරන පිරිසක් බව වාර්තාවෙනව.

    හමුදාමය කාර්යය පැහැදිලිවම රටට නිශ්පාදන දායකත්වයකින් සිවිල් සමාජ ගත වන්නේනම් හා හුදු පාලක අරමුනු ඉටුකරන කුක්කන් රෑනක් නොවන්නේ නම් මැනවියැයි මට හිතෙනව. මා මේ දැක්වූ කරුණු වලින් හැගවෙන්නේ හමුදා සෙබලාට නැතිනම් අපගේ විරුවාට කෙරෙන කොනිත්තියක් නොව ඔවුන්ව සාහසික ලෙස හෙහෙය වන පාලක අරමුනෙට කෙරෙන්නකි. ඒ නිල ඇදුමට යටින් සැගවි ගත් සොදුරු මිනිසාට කෙරෙන පහරදීමක් යැයි නොසිතන්න. වැරදිලාවත් ඔබට එසේ සිතුනේ නම් එයටද වග කිය යුත්තේ විරුවාට ඒ අසාධාරණය කරන්නට පසුබිස සැකසූ ඒ පාලක අරමුණමය. මෙම ලියමන පහර දෙන්නට නොව සිතන්නට පොලබවන්නටය.! 

(කරැණු සදහා රිවිර වැනි මාධ්‍යන් ඔස්සේ යන්න. උදා :- 2011 සැප් 18 - පිටු 4,5,7,17,19)

0 කොමෙන්ටුවකුත් දාලයන්ඩල: