බලු කතාවක්...!

1:05 AM Posted In , Edit This 0 Comments »

බලු කතාවක් කියන්නද?
මම මෙච්චර කාලෙකට බ්ලොග් එකේ මේ වගේ කතාවක් කියල නෑ.කමක් නෑ ඔන්න ඔහේ කියල දාමු.බලු කිවෙ චාටර් කතාවක් නෙවෙයි.සිරාම සිරා බලුම බලු කතාවක් කියන්න හදන්නෙ.
අපි සුරතලේට බල්ලො කොච්චර ඇති කරනවද?බල්ල කියන්නෙ මේ සුරතල් ගනයට වැටෙන නේක විද සත්ව ලැයිස්තුවේ උඩින්ම ඉන්න සතා ආයෙ ඒකෙ තර්ක දෙකක් නෑ.දැන්  පූසො මට ගේම දෙයිද දන්නෑ.හොදයි බල්ලා කියන්නෙ කකුල් හතරෙන් ඇවිදින, මයිල් ගොඩක් පිරැනු, කොයි වෙලාවෙත් වගේ වැනෙන, උපහරණවලටත් ගොඩක් සම්බන්ද නැට්ටක් තියෙන, අපූරැ සතෙක්(නාවල කරල ගත්තම).දැන් මේක මැක්ක ගෙ කතාව වගේ. හැබැයි ඇත්තටම බල්ල කියන්නනෙ මාර දේවල් කියන්න පුළුවන් සතෙක්.“මම මහත්තයට බල්ලෙක් වගේ සේවය කලේ“මේ බල්ලගෙ විස්වාස වන්ත කම කියන කතාවක්.“ඒ ඉන්ස් පැක්ටර්ට බල්ලෙක්ට වගේ ඉව තියෙනව“මේ සුක්ශම බුද්ධිය කියැවෙන කතාවක්.මේක කියනකොට මතක් වුනේ,බල්ලොයි පොලීසියයි අතර පුදුම සම්බන්දයක් තියෙන්නෙ. ඒ ගැන කතා නෙකර ඉන්න එක ඇගට ගුණයි. බල්ල! වනචර කමේ,ගුණ මකු කමේ,විස්වාසවන්ත කමේ,බුද්ධිමත් කමේ,වගේම පෝසත් කමෙත් මිම්මක් වෙලා කියල කියන්නම ඹ්න නෑනෙ.පොශ් කෙල්ලන්ගෙ මායම් එකසිය විසි අටට එකකතු වෙච්ච එකක් තමයි සත්ව කරැණාව! බලුපැටියෙක් දැක්කම,“ආනේ බලන්න අසරණය!අනේ පව්! මේ මිනිස්සු හරි නරකයි!“ඇත්තටම ඒ අයට ඒ කරැණාව මනුස්සයෙක්ට නම් හිනෙකින්වත් පහල වෙන්නෙ නෑ.
ඇල්ටේශන්,පොමනේරියන්,බුල්ඩොග්,බොක්සර්,ජර්මන් ෂෙපඩ් වගේම වල්නේරියන්,ත්‍රීවීල් මොඩල්,ලාදුරැ ස්කින් වගේ ලංකාවෙ වර්ගත් ඉන්නවනේ.
     හොදයි හොදයි මේ ලස්සන බලු කතාව බලුම වෙන්න නොදී තාලෙකට එමු එහෙනම්.ඕන්න නිව් ජර්සි වල වගේ ඈත (CARY) පන්සලක පුංචි බලු පැටියෙක් උපදිනව.අම්ම තාත්ත පෙල පත නම් දන්නෙ නෑ.මේ ලස්සන පංචි බලු නයිදෙ ලස්සන පෙට්ටියක දාල ජපානෙ ටෝකියෝවට යවනව තෑග්ගක් විදිහට.තෑපෑලෙන් දුම්රියෙන් ගුවනින් ඩක්කුවෙන් ලොරියෙන් ට්‍රෙලියෙන් දිග ගමනක් එන මේ පුංචි නයිදෙව "හිබුයා" දුම්රිය ස්ථානෙදි මග හැරෙනව.පෙට්ටියෙන් එළියට පනින පංචි බලු රාල උතුරට දකුනට වගේම දන්න කියන හැම දිසානතියකටම දුවල අතර මංවෙලා අන්තිමේදි Dr.Eisaburo Ueno කියන මහාචාර්ය වරයට ටොකියෝ විශ්ව විද්‍යාලෙ ඉදන් ගෙදර යන මගදි හමු වෙනව අර කලින් කිව්ව දුම්රිය ස්ථානයේදි. ඇත්තටම කීවොතින් හමුවුනා කියන්නත් බැරි වගේ.පුංචි බලු පැටිය මේ ප්‍රොපා හොයාගෙන කකුල් දෙක ලගට ආව කීවොතින් නිවැරදියි.මේ පංචි බලු නයිදෙගෙ අයිති කාරය හොයන්න කිසිම සාධකයක් මේ වෙන කොට ඉතිරි වෙලා නෑ.ඒ සීන් එක මේම කියන්න ගියොතින් මට මේක ඉවර කරන්න වෙන්නෙ කොටස් ගානකින් සමන්විත ලිපියකින්.දුම්රිය ස්ථානාධිපති මේ පුංචව භාර ගන්නෙත් නෑ. ඉතින් ඔන්න මේ බලු කේස් එක මේ ප්‍රොපාට සෙට් වෙනව. හැබැයි පොපාගෙ ගෑනි බල්ලන්ට කැමති නෑ. ඉතින් බල්ලව හංගල තියාගන්න වුනත් ගෙනාපු දවසෙම මාට්ටු වෙනව හරිද?.බල්ලගෙ අයිති කාරය හොයන්න පොස්ටර් ගහල එහෙම බල්ලව තාවකාලිකව තියා ගන්න අවසර ලැබෙනව.කාලයක් යන කොට මේ ප්‍රොපා මේ බල්ලගෙන් තොර ජීවිතයක් නැති ගානට සමීප වෙනව.

     හා කියන්න අමතක වුනනෙ මේකට නමක්.හොදයි බල්ලෙක් නේ, දාමුද නමක්? “කඩිය“ ම්හු! හරි මදි නේද? “ටොමී“!“ජිමී“ ,“වයිට“,“බ්‍රව්නී“ අනේ මන්ද දැන් දැන් වීර චරිත,වගේම අපහාසයට උප හාසයට ප්‍රසිද්ධ අයගෙ නම් පවා භාවිතා කරනවනේ.හැබැයි මූට වැටිච්ච නම මේ සේරමගෙන් වෙනස්.“හචිකො“!!!. මේ මොකක්ද? අර බලු  කුක්කගෙ බෙල්ලෙ තිබුන පටියෙ එල්ල තිබුන පොඩි ටැග් එකක්. මේ ප්‍රොපාට උන්න ජපන් බොක්කක්.මිනිහ මේක දැකල තේරැම කියාපි.“හචිකෝ... කියන්නෙ වාසනාව.හචිකො කියන්නෙ වාසනාව දෙව්ලොවින් පොලවට ගේන සංකේතය“.ඉතින් මේන් මේක අහපු නිසා මේ දඩොරි පැටියව හචී යැයි නම් ලබනව.



              දැන් ඉතින් ඇයි මේ කතාව මේ අමාරැවෙන් කියන්නෙ.මේක මරැ කතාවක්.මේ බල්ලා මේ ප්‍රොපා එක්කල අමුතුම බැදීමක්.සතෙක් මිනිසෙක් අතර ඇතිවෙන අනුවේදනීය බැදීමක් පලකරපු නිසා තමයි මේක කියන්නෙ.මේ ප්‍රොපා වැඩකරන්නෙ ටොකියෝ යුනිවර්සිටි එකේ සංගීත අංශයේ.ඉතින් මිනිහ වැඩට යන්නෙ අර හිබුයා දුම්රිය පොලෙන් දුම්රියට ගොඩ වෙලා.මේ යන හැම දාම හචී පස්සෙන් ඇවිත් ප්‍රොපා ට සමුදීල දුම්රිය ස්ථානයේ දොරකඩ පාර එහාපැත්තෙන් තියෙන ගල් බංකුව මත ඉදගෙන ආයෙත් වැඩ ඇරිල ප්‍රොපා එනකන් ඉන්නව.දවසක් ප්‍රොපා යුනිවර් සිටි එකේදි හාට් ඇටැක් එකක් හැදිල රෝහල් ගත කරනව.මේ ප්‍රොපා ඒ මේ ලොකෙන් හුස්ම ගත්ත අන්තිම දවස.මේ සීන් එක හචී දන්නෙ නෑ.හචී තාමත් අතනමයි ප්‍රොපා එනකන්.හචී දන්නෙ  කෝමද තමන්ගෙ මාස්ටර් මේ ලොකෙන් තමාට හොරෙන් සමු අරගෙන පෙට්ටියකින් හොර පාරෙන් ගෙදර ඇවිත්.පවුලේ සේරමගෙම හරසර මැද්දෙ අඩි 4ක් යට හැංගුනා කියල.මෙච්චර සමීපව ඉදපු මාස්ටර් මේම තමන්ට අසාධාරණයක් කරයි කියල පිලිගන්න හචී සූදානම් නෑ. හචී තාමත් මාස්ටර් එනකන්!!!.
           මේ කරදරයෙන් ප්‍රොප් පවුල ගම හැරල යනව.යනකොට හචී වත් එක්කන් යනව. හැබැයි හචී නෙවෙයි වෙනස් වුනේ.මිනිස්සුන්ට අමතක වෙන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ කියන එක හචී කෝමත් දන්නව.හැබැයි හචී එහෙම නෑ. මේ දුර ගෙවාගෙන හචී ආයෙත් අර නගරෙට පයින්ම එනව.ඇවිත් ආයෙත් මාස්ටර් ට්‍රෙන් එකෙන් ගෙදර එනකන් බලාගෙන ඉන්නව.ඒක එයාගෙ වගකීම!.හචී ව අදුනන අහල පහල කඩ සේරම හැම මනුස්සයම අනුකම්පාව දෝරෙ යන්න උදව් කලා.තත්පර මිනිත්තු පැය දින සති මාස වලින් නෙවෙයි අවුරැදු වලින් හචී හචීගෙ යුතුකම ඉටු කලා.දිනක් ප්‍රොප් බිරිද අනුස්මරණ දිනයකට මේ නගරෙට ආව.ඒ එනකොටත් හචී හචීගෙ රාජකාරීයේ.මේ හචි බව හදුන ගන්න මහ වෙලාවක් ගියේ නෑ.කාන්තාවක් තම ස්වාමියට දක්වන ආදරයත් බල්ලෙක් ඉදිරියේ පරාද වෙන හැටි මේ කාන්තාවට තේරැම් කලේ කදුලු වගුරැවපු දෙනෝ දහක් මැද්දෙ. හචී පත්තර පිටු අතරට ආව.
හචී මැරැනෙත් මේම ම තමයි.
                                 හචී ඉපදුනේ  1923  
                                ප්‍රොෙෆසර් මැරැනෙ 1925 මැයි
                                හචී මැරැනෙ 1934 මාර්තු

  හචී අවුරැදු 9ක් ඒ සේවට ඉටු කලා.මේ හචීව මතක් වෙන්න අදටත් ජපානයේ හිබුයා දුම්රිය ස්ථානයේ ඉදිරිපිට ලෝකඩ හචී තම මාස්ටර් එනකන් බලන් ඉන්නව. හත්තිලව්වේ මේ බලු සීන් එක මම කෝමෙයි දන්නේ??. හචීකෝ ස්ටොරි කියල ෆිල්ම් එකක් තිර්මාණය වෙලා තියෙනව kristina boden ගෙ සංස්කරණයෙන්.මට මේ ෆිල්ම් එක හමුවෙලා බලල තමයි මට සීන් එක ක්ලික් වුනේ.කලින් කනින් කොලින් අහල තිබුනට.





ඇත්ත හචී ගෙ විස්තර බලන්න පුලුවන් http://en.wikipedia.org/wiki/Hachik%C5%8D පාරෙන් ගියාම.මටනම් කියවන්න වුනේ නෑ.මම මේක ලිව්වෙ ෆිල්ම් එකේ විස්තර හා මට ක්ලික් වෙච්ච තාලෙන් විතරයි.


තාමත් හිබුයා දුම්රිය ස්ථානයේ හචි පිලිමය තම රාජකාරියේ.......



 ඕං ඉතින් මගේ අත්දැකිමකුත් එක්කාසු කරන්නම කියල හිත කියනව.

                  මම 6 ඉදන් 10 වෙනකම් පාසල් ගියේ පාසල් සේවයේ.කරන්දෙනියෙ කැරෑව කියන හන්දියේ ඉස්සර ආප්ප කඩයක් තියෙනව.මම පාසැල් සේවයට නගින්නෙ මෙතනින්.අපි පුංචියි.මේ එළිය වැටීගෙන එන පාන්දර වැඩට පාසල් යන කවුරැත් දකින්න කැමති දර්ශණයක් තිබුන. ඒ තමයි මේ ආප්ප කඩේට ඉස්සරහ තිබුන පත්තර කඩයක්.මේන් මේකෙ මාමා ගාව උන්න ලස්සන බල්ලො දෙන්නෙක්.හැම උදේකම ආප්ප කඩෙන් ආප්ප ගෙනැල්ල කඩල උඩ දැම්මම උඩ පැනල කටින් අල්ලන් ඉස්සරහගාත් දෙක උස්සන් සේරම කාල නටන එක තමයි මේ දර්ශණය.උසම උස බල්ලො දෙන්නෙක්.මේ මාමල කාලෙකින් මේ කඩේ අස්කරන් වෙන ගමක පදිංචියට ගියා.කි.මී. 11ක් විතර දුරින් ගමකට.සතියකින් විතර අරින් එක බල්ලෙක් විතරක් උදේ අර වහපු කඩේ පිලේ ඉන්නව දැක්ක. හැමෝම මේ ගැන කතාව.නම “කුකූ“.මෙයා ගොඩාක් කාලයක් අර කඩේ පිලේ උන්න.වට පිටාවේ හැමෝම තරගෙට කන්න දුන්න.ආායෙ කවදාවත් ගෙදර ගියේ නෑ. මැරැණෙත් එතනමයි.තාමත් ඒ හන්දියේ හැමෝම මේ කුකූව දන්නව.මේ මගේ කතාව. මෙම්වගේ බලු කේස් ගොඩක් ගොඩක් අය ට කියන්න තියෙනව.ඒක මාර සුන්දරයි. මේ දේවල් ගැන හිතත්දි මගේ හිත මගෙන් අහපු ප්‍රශ්ණයක් තියෙනව.ඇත්තටම මිනිස්සුන්ට සුරතලෙක් මොකටටද කියල.මේ ප්‍රශ්ණෙට දෙන්න උත්තර ගොඩක් ඔයාල දන්නව ඇති.මටත් කියා දෙනවද??

0 කොමෙන්ටුවකුත් දාලයන්ඩල: