සිංදුවක් ගැන...

9:39 PM Posted In Edit This 0 Comments »


හිතන්න...
               මහනුවර එක් වැඩි කළබල නැති වීදියක,වටපිටාවම ලා අදුරක ගිල්වූ වරැවක,අහංසක තරැණයකු, කුඩයක් යටින්, තුරල් වෙමින් යන පොද වැස්සට බේරෙන්නට පොරබදමින් ඇවිද යයි!.හාත්පස වැහි අදුරින් බර වී,අරමුණක් නැති දෑස අහසට එල්ලවී,ඉගිල යන ලිහිණින් හැගීමක් නැති හැගීමක් මතුකරයි!. අරමුණක් නැති දෑස ගෙන ආ හිස් අහස් කුස ලිහිණින්,මේ දසුනම මතකයට කැන්දයි!. මතක් කරන්න...පෙරදිනක මේ දෑසම අහසට එල්ල වුනා!.මේ ලිහිණින්ම ඉගිළුනා!.මේ වැස්සමයි!. පය විටින් විට සීතල කරන මේ ඇදීයන දිය දහරාවන්, දේදුන්නක සිරි මැවූ අපූරැව. වැටුනු විදුලි පහන් ආලෝකය මැවූ දේදුන්නක සිරි!. බරවෙමින් යන හදවත සිහි නගයි ඈ එදා එකට මුකුළු කරමින් මේ විදියෙම ගිය හැටි කුඩේ යටින්!.මවමින් හුන් උපේක්ෂාව පිරි විරහවක්, සිතුවිලි සිතුම් පෙළ  බිදිමින් පිළිවෙල!.නැහිවී යයි මඩ වතුර පහරක්.හිත් නැති රිය සකක් නැංවු සරදමක්!.ඒ රැව මොහොතකට පෙර බර කල හදවත.ඇදී යයි හිත් නැති සක හිමි රිය වීදුරැ ප්‍රතිබ්බය මැවූ රිය තුල උනුහුමට උන් රැව!.සැරසෙන නැගෙන්නට නිරායාස වදන් පෙළ,නගන දොස් රිය සක ගැන.හිරවී වචන සැනසුනා හදවත බරකරමින් නැවතත්!. නුඔට දොස් නෙකියමි සක!නොදත් අප සබද කම.හැඩයක් නොමැති හසරැල්ල නැගුනු දෙතොලතර, සැනසූ උපේක්ෂාවෙන්, උනුසුම්ව බරිත හදවත!.




 වදන්පෙළක්,බොක්ස් ගිටාරයක්,වරින් වර නැගෙන මැන්ඩලීනයක්,‍පුරාවට ඇදෙන බොන්ගෝවක ලයාන්විත රිද්මයට රිද්මයානුකූලව විටින් විට කැටිවූ තාල තරංග හඩක්,වයලීනයක ලයාන්විත ප්‍රභල හඩක්,ක්ලැසිකල් එකෝස්ට්‍රික් ඩ්‍රමක් කරදරයකින් තොරව ලාවට නැගෙන හඩක්,විදුලි ඕගනයක සහයෝගයක් එක්වී කැටිවී, ජීවය දුනි වදන් සමූහයකට, මවන දසුනක් මනස තුල බරකරන ඕනම හදවතක්!,හිමි මුයුරැ දෙසවනක්. අනේ මන්දා කෝම කියන්නද විශාරද රෝහණ වීරසිංහයන්ට කොහෙන් ලැබුනිද මන්ද මේ සා හැගිම්බර තනුවක් සමග සංගීත මුසුවක් නිමැවෙන්න අදහසක්!.රෝහණයන්ගේ මිහිරි පිරිමි කටහඩින් නැගෙන මේ සංධ්වනිය, ඕනෑම හදවතක් බර කරයි මගේ අදහස.මම දන්නෑ කෝම ඒ තනුව හැදුවද කියල.කියන්න එන දේවල්ටික මේ පලිපියෙ මුල් සොදුරැ බව රැඩිකල්ව බිදිනවද මන්ද. ඔහෙ බිදිච්චාවෙ !!!.
    රෝහණයන් කියල තියෙන්නෙ බෝම සුලු ගීත ගානක්.මේ ඔහුගෙ තනුව ඔහුගේම මදුර හඩින් හැඩවුනු සොදුරැ ගීතයක්.ඇත්තමයි ඇස් දෙක පියාගන්න.හෙඩ්ෆොන් දාගන්න. සද්දෙ පොඩ්ඩක් වැඩි කරගන්න. මේ සින්දුව අහන්න. මට ඇත්තටම මැවිල පෙනුන.රැවක් ! හරියට කියන්න බැරි ,මමද මන්ද මගේ හිත ප්‍රතිනිර්මාණය කලේ ලෝබ කමට.කුඩයක් අතින් අරන් මහනුවර මම දැකල නැති මාර ගහක් දෙකක් සෙවන ලැබුනු කලබලයකින් තොර නමුත් වාහන කිහිපයක් පහන් දල්වමින් ඇදී යන වැහි අදුරැ දර්ශණයක්.ඇත්තමයි මම ඒ සින්දුව රග දැක්වුව.මේකෙ සංගීතය මාරයි හැගිම් දනවන්න තරම් පෝසත්.ඇත්තමයි මට විරහවක අත්දැකීම් නෑ.ඇත්තටම ආදරයකත් නෑ. ඒත් මගේ හදවත බෙරි කරන්න තරම් ඒක පෝසත්.සත්තයි නුඔ අඩනව නුබට ආසන්න හෝ අත්දැකීමක් සමග මේ ගීතය සාවදානව ඇහුවොත්.එහෙම වුනොත් ඒ නැගෙන උනුසුම් හැගීම් වලින් මේ ‍බ්ලොග් පිටුවට පහර දියන් කොමෙන්ටු වලින් ඉරි තලල යන්න.
   විරහව විරහවක්ම අදෝනාවක්ම නොකර උපේක්ෂාවක අහිංසක කමක හැංගුවොත්, ඇත්තමයි දරැණු සාහසික ආයුදයක්. එකට පුළුවන් දෙනෝදහක් අඩවන්න.විරහව ගැන මතු කරන ඕන තරම් සින්දු තිවයනව. එත් මේක ඒ අතරින් සු‍විශේෂයි.මේකෙ මම දැකපු කතාව.මට හිතුනු හැටි. වෙන කෙනෙක්ට වෙනත් විදිහකට පෙනෙන්නත් පුළුවන් මෙන්න මේ වගේ.
        ඔන්න අර අංසක කොළුවම බසයක හෝ වාහනයක ( බසයක් කියන්න පොඩ්ඩක් අමාරැයි මොකද මඩ වතුර පාරක් ජනේලෙකින් ඇතුලට වීසි වෙන්න තරම් ජනෙල් පහත නැති නිසා) කවුළුවක් අසල අසුනක යනව.හිස් බැල්මක් අහස දෙස.පොද වැස්ස අතරින් ලිහිනින් ඉගිලෙනව.මතක් වෙනව මේ වගේම බස‍යේ ආසනේ උනුසුමින් ගිය අතීත පෙම් මතක සුවද.ලගින් ඇදීයන වෙනත් වාහනයකින් වීසිවෙන මඩ වතුර පහර, වාහනයේ ඇදෙන රැව පෙන්වනව.ඉන්පසු නැගෙන මනෝ මාලිගාව හැඩ රූ වෙනස් කරමින් බිදී යන නැවත නැගෙන.විරහව අවිහිංසක බව,උපේක්ෂාව.බරවී ‍බරිත වීගෙන එන නෙත්. හසරැල්ලකින් වියලා යවන ආකාරය........... ඔන්න ඕම ගොඩක් දේවල්....


කෙටියෙන්ම මෙච්චරයි. හමෝම පාහේ අහල තියෙන , ආදරේ කරන මේ සිංදුව සාවධානව දෑස් පියාන අහන්න. දෙනෙත් බොද වුනොතින් ඉකි ගැසුනොතින් මට බනින්න අවසරයි ...දුක යනකම්.




මුතුකුඩ ඉහලන මල් වරැසාවේ
උඩ ඉගිලෙන විට වැහි ලේනී
එබී බලා රිය කවුලු දොරින්
යටගිය දවසේ දෑස ගියා ඉගිලී...




අදුරැ ලලා සෙන්කඩ ගල වැස්සේ
‍දිය දහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මදු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංසලේ...




රිය ඇතුලේ උනුසුම ඔබට දිදි
නහවයි මා රියසක මඩවතුරේ
නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී
අපේ සබද කම් නෑ රිය සක දන්නේ...


ගායනයඃ රෝහණ වීරසිංහ
  

0 කොමෙන්ටුවකුත් දාලයන්ඩල: