වෙසක් මුණු ,වෙසක් කාර්ඩ් හා බැදී වෙසක් සංස්කෘතිය ....

12:37 AM Posted In Edit This 0 Comments »
දින 4කට නොවැඩි මෑත දිනයකදී,මා ටව්මට ගිය මොහොතක යාළුවක් මට “අර බලපන් උ‍බේ මූණ කඩේ ඇතුලෙ !!”කීවාම මටත් හිනාගියා.
    වෙසක් කියල කියන්නෙ සුන්දර මතක ගොන්නක් මතකයට ගලාගෙන එන වචනයක්. වෙසක් කියන දවස මගේ පුංචි කාලෙ ස්වර්ණමය දවසක්. දැන්නම් ඒ සුන්දර බව වෙසක් කියල දැනෙන්නෙ නෑ.
    බුදු දහම කියන ආගම බහුතර නියෝජනයක් දකින හා පධානත්වයක් උසුලන අපේ වගේ රටක වෙසක් කියන දවස සුවිශේෂී දවසක් ම වෙනව.නියම අර්ථය මොකක් වුනත් කාලානුරෑපීව වෙනස් වුන එකතු වුන දැන් එයටම අනන්යිය වූ අංග ගනනාවක් වෙසක් දවස හා බැදී පවතින එක නොරහසක්.මේ දේවල් අතරින් වෙසක් කාඩ්,වෙසක් කූඩු,වෙසක් තොරන්,වෙසක් දන්සැල්,වෙසක් බකට්,එලිය පෙට්ටි වගේම වෙසක් මුහුණු කියන දේවල් පෙන්වන්න පුළුවන්.
    පුංචි කාලෙ වෙසක් කාඩ් එකතු කරල තොරණක් ගහගෙන ඉටිපන්දම් පත්තු කරගෙන එලිවෙනකම් ඒක පදර්ශණය කලා මතකයි.පහු පහු වෙනකොට වැස්සකදි උස්සන් දුවන්න පුළුවන් විදියට කෙසෙල් ගහක පළුවක ඉනි හිටවල එළිය පෙට්ටි කොළ වලින්  සත් සතිය හරි ජාතකයක් හරි ගහල,නිවෙන පත්තුවෙන බල්බ් වැලක් දමල බුදුරැස් මාලාවක් හයි කරල එලිවෙනකම් තෙමිතෙමී ඒකෙ පිටිපස්සට ‍වෙලා උන්න තාම මතකයි.පස්සෙ පස්සෙ යාළුවන්ට එන්න කියල විවෘත කරල අල්ලපු ගෙදර අයිය එක්ක ටිකක් ලොකුවටත් කලා මතකයි.
    මට මේ සිරම මතකෙට ආවෙ අර සිද්ධියත් එක්ක නිරායාසයෙන්ම.ඒ සිද්ධියෙන් හාස්යයක් මතුවුනාට පස්සෙ මට මෙහෙම කල්පනාවුනා.ඒ කඩේ විතරක් නෙවෙයි,නගරෙ බොහෝමයක් කඩවල් ලහි ලහියෙ වෙසක් වලට ලැස්තිවෙලා ටිකක් කල්.මුළු නගරෙම වෙසක් පිටියක් හැඩයි.මේ අතරෙ හැමතැනම එල්ලිලා වැනෙන ‍වෙසක් මුණු දැක්කමයි මට මතක් වුනේ, පුංචිම කාලෙ තාත්ත මට සවසක් මූණු ගෙනත් දුන්න.මුල්ම කාලෙ ගෙනත් දුනන බොහෝමයක් ඒව යක් මූණු.බය හිතෙන තාලෙ කාඩ්බෝඩ් කොළ අලවපු ඒව.අපිට ස්කෝලෙත් මෙව හදන්න ඉගැන්නුව මතකයි.මේ කාලෙ හැම තැනම තිබුනේ මේ කියන තාලෙ වෙක් මූණු මේ අතරම හාවන්ගෙ වගේ බය නොහිතන තාලෙ ඒවත් තිබුන.
    පුංචිම කාලෙ ‍මේ යක් මූණු වෙසක්මූණු වලට අපිටත් බය හිතුනට වෙසක් මූණ පුංචි කා අතරත් විලාසිතාවක් වගේම විනොදයක් ගෙනදෙන අංගයක් වුනේ මේක දාගත්තම අනික් පොඩි උන් අපිට බය වුන නිසයි.නැතිනම් අනිත් අය මෙක දාගත්තම අපිව විශ්ෂයකින් බලපු හින්දයි. මේ විදියට බැලුවම අදාලත්වය කෝම වෙතත් වෙසක් මූණ මිනිස් සිතේ චපල ගතිය පෙන්නන නියම සාධකයක් කියල හිතෙනව.
    ඔහොම ආපු කාඩ්බෝඩ් කොළ අලවපු පාට පාට බොහෝමයක් යක් ස්වරෑප ගත්ත වෙසක් මූණ,කාලයක් යනකෙට එක පාරටම ප්ලාස්ටීක් මිකිමව්ස් ‍වෙසක් මූණට පෙරළුනා. මිකීමව්ස් ගෙ වෙසක් උළෙලට ලංකා ආගමනය වෙසක් පැත්තෙන් වත් අපේ සංස්කෘතිය පැත්තෙන්වත් නිබුන අදාල කම මට තේරැනේ නෑ.වෙසක් මූණම වෙසක් අංගයක් වීමෙ අදාල තාවයත් මම තාම හොයනව. මේහෙම එක පාරට වෙනස් වුන අපේ වෙසක් මූණ.අද වෙනකොට පිටරට සැමරෙන Hollow දවස
අනන්‍යක්  වුන පිටරට අනන්‍යතාව රැගත් භූත මූණ මේ සැරේ ලංකාවට ඇවිත්.දැන් මේ මූණ , මේ සැරේ අපේ වෙසක් මූණ වෙලා හැම කඩේම පාහෙ දර්ශණය වෙනව.
        මූණ මොකක් වුනත් දැන් තියෙන්නෙ සේරම ප්ලාස්ටීක් වෙසක් මූණු. ඉස්සර අතින්, ‍අච්චුවක කාඩ්බෝඩ් කොළ අලවල සුළු පරිමානෙට හදපු වෙසක් මූණ, අද ෆැක්ටරියක මහා පරිමානයෙන් ප්ලාස්ටීක් වලින් නිශ්පාදනයකරන, ලංකාව පුරා බෙදාහරින කර්මාන්තයක් වෙලා.අර කොළ වලින් වෙසක් මූණු හදපු අය අද මොනා කරනවද මන්ද?? ඒ එක්කම මේ මෑතක් වෙනකන් අපිම ගෙදර හදන වෙසක් කූඩුව වෙනුවට, ගෙදර හැමොමත් එක්ක එකතුවෙලා ආදරෙන් සන්තෝසෙන් අතින් හදපු සවසක් කූඩුව වෙනුවට සල්ලි වලට දීල කඩේ හදපු කූඩුවක් අලව ගන්න ගෙදර ගේනන පුළුවන් කමක් ආව.දැන් මේ බට වලින් කඩේ තිබුන කූඩුවත් ප්ලාස්ටීක් කූඩුවක් විදියට ඇවිත් හමාරයි.
    මෙහෙම යනකොට වෙසක් මූණ අපේ වෙසක් සමරන සංස්කෘතික අංගයක් වුනේ කෝමද? කියන ඒක පශ්ණයක්.ඇත්තටම මේ වෙසක් මූණ පිටරට සැමරෙන හොල්ලොව් දවස ආභාශයෙන් ලංකාවට ආවද? නැතිනම් වෙස් මූණු පළදිමින් අනාදිමත් කාලයක ඉදන් පිටරට භාවිතා වන ඔවුන්ගේ සාම්පධායික බැලේ නැටුමක් ආභාශයෙන් ලංකාවට ආවද? නැතිනම් අපේම පාරම්පරික වෙස් මූණු භාවිතා කරන යාග හෝම ආභාශයෙන් වෙසක් දවසට ඈදුනාද කියන එක හොයල බලන්න වටිනව.
    මේක කෝම වෙතත් ඒකට පිටරට විචලනයත්ගේ ආභාශය විවෘත ආර්ථිකයේ ආනුභාවයෙන් අපේ ගම්වලටත් ඇගට පතට ඇනෙන්න ගන්න එක නම් පැහැදිලියි.
    වෙසක් කෝම වෙතත්,බර්ත් ඩේ කාර්ඩ්,නිව් ඉයර් කාඩ්,කිස්මස් කාඩ්,වැලන්ටයින් කාඩ් වගේම මේ කර්ඩ් සංස්කෘතිය වෙසක් ආගමනය වෙසක් කාර්ඩ් කොයි කව්රැත් අතර පසිද්ධ තවත් එත් අංගයක්.මේ වෙසක් කාඩ් මුලින්ද? වැලන්ටයින්,බර්ද් ඩේ..... වගේව මුලින්ද ආවෙ හොයල බලන්න ඕනෙ.විවෘත ආර්ථිකය කෝම වුනත් මේ කියන වෙසක් කාර්ඩ් වෙසක් මූණු කියන අංග දෙකම 30 - 40 දශක වලත් ලංකාවෙ තිබුන බවට නම් ජන සාධක තිවයනව.මේ දෙකේම වෙසක් සම්බන්ධය හා ලංකා ආගමනය, තව දුරටත් සොයා බලන්න වටින එකක් කියලයි මට හි‍තෙන්නෙ.

0 කොමෙන්ටුවකුත් දාලයන්ඩල: