මගහැරැනු කවිය..


අරමුණක් නොතේරුනු
බෑගයක් අතරැදුනු
මාවතක උදෑසන
බස් රියක අසුනු වුනු....


නෙතු පියන් අසරනවු
ඇගේ රූ සිහි නැගුනු
මගේ මේ ඇගිලි තුඩු
මෙසේ කවි පද ‍කෙටුනු....


දිනෙක ඈ ඉල්ලුමට
කවි කමට සමු දුන්නු
සිහි වුනා ඒ මතක
හිත මගේ බොලද වුන...


අවසනට මා ලගින්
ඉතුරු වී දුක නිවන
කවිය උබ හිනැහියන්
මෙමා වෙනුවෙන් ලොවට....

Comments

පට්ට කවිය මචෝ...මගේ එකේ කොමෙන්ට් එකක් දිගේ ආවේ....
හූනා said…
තැන්කූ වේවා..
Anonymous said…
එල කවි ටික.. /*කවිය නුඹ හිනැහියන්- මෙමා වෙනුවෙන් ලොවට*/
මරු..!! (කමෙන්ට් එම්බෙඩ් කරලා දැම්ම නම් හොඳ නැද්ද..?)
Anonymous said…
මං හිතුවෙ හුනා දන්නෙ “චිප් චිප් “ ගාන්න විතරයි කියලා...බැලින්නම් හූනා හොඳ කවියෙක් නෙව.
Yasith Gamage said…
සෑම ආදරවන්තයෙක්ම කවියෙක්ද වන්නේය.
ඒ ආදරය අහිමි වූ කළ ඔහුම දාර්ශණිකයෙකු වන්නේය..
හූනා said…
@-෴සොඳුරු සිත෴

හිහ් හිහ් තැන්කු මේ පැත්තෙ ආවට.. හූන දන්න කවියක් නෑ.. ඔං ඔහේ ලියනව එච්චරයි.. සුභ නව වසරක් වේවා..!

@-යසිත්ගේ සිතුවිලි
“සෑම ආදරවන්තයෙක්ම කවියෙක්ද වන්නේය.
ඒ ආදරය අහිමි වූ කළ ඔහුම දාර්ශණිකයෙකු වන්නේය.“

ඇත්ත සහෝ.. හැමෝගාවම හැන්ගුන කවියෙකුත් දාර්ශනිකයෙකුත් ඉන්නව.. හදවතට ගොඩක් සමීප වුනාම උ එලියට එනව.. සුභ නව වසරක් සමග ජය වේවා!