කියවන්න විදින්න....


   හම්... අහන්න!. පළමු ආදරය. ඔබේ පළමු ආදරය......දැන් ඔබට ලංවිය නොහැකි මගක. ඔබට පැහැදිලියි දැන් ඈ නුඔට ලංවනු නොහැකි ලොවක. ඈ අත වරදක් නෑ. නුඹත් අසරණයි. දැන් රැවෙලා. නුඹ තනිවෙලා. කනුවකට හෙත්තුවෙන්න. අහස දිහා බලන්න. හද පායල නේද? දැන් හීනියට නැගෙමින් තීව්ර වන නමුත් ලතාවට ඇහෙන මදුර සැක්සෆෝනයක හඩ ඇහෙනවද? ක්ලැසිකල් ඩ්‍රම්ස් වාදනය, හිනියට මතුවුනු බොන්ගො රිද්මය.... පැහැදිලි පියානෝ  මුසුව.. ඔව් පියානෝව, පිරිසිදු පියානෝ හඩ, වරින් වර හෙමින් නමුත් හදවතට කිති කවන.G-ෆලූට් ස්වර කැටි වෙමින් එක් වෙමින්. ගිටාරයක්! ඔව් ගිටාරයක් එක් වුනොත් මේ සංද්වනියට?. ඉලෙක්ට්‍රික් ගිටාරයක්! හම් ඉලෙක්ට්‍රික්. පුළුවනිද උබට වාවන්න? නුඹ ඈට සමුදිය යුතුයි. නුඹට පැහැදිලියි.. ඈත් උබත් දෙපසක දෙමගක. දැන් ඈ අයිති වෙනම ලෝකයකට. හම්.. අහිංසක සිනා රැල්ලක් උබේ මුවග, පිටවුන පුංචි හම් හඩක්. දෙනෙත් අදුරු බව ඇත්ත දිලිසෙනව නේද හද එළියට? උබ දැන් ඇයට සමුදිය යුතුයි!.පුළුවනි ද??? හම්....! 

              මේ හද....! ඈටත් ලස්සනට පේනව ඇත්ද? ඈට...! ඈට.. මට වඩා ලස්සනට පේනව ඇති...! හම්... ඹව්.. ආයෙත් අර හිනාව... හන්තානට... මේ හද පායනකොට.... ලස්සන ඇති. නුබ තනි නෑ මේ රෑ. ඇහෙනවද හඩන රැහැයි හඩ ? ඒ උබේ තනියට. ඒ භාන්ඩයට කියන නම මම දන්නෙ නෑ. සාධකය, ඒ නැගෙන හඩ. රැහැයි හඩ, මේ රාත්‍රිය බව කියාදෙන්ට. ඇහෙනවද? ඇහෙනවද? ඕං උබ වටේට දුවගෙන ඇවිත් වයන වයලින් හඩ? 2ක් හෝ 3ක්. නෑ 1ක් වෙන්ට බෑ. 2ක් වත්. ඇහෙනවද? උබ තනි නැහැ. සැක්සෆෝනයකට පුළුවනිද මේතරම් හිතක් හඩවන්න. දැන් පුංචි වැහිපොදක්.. පුංචි හීතලක් නුඹට. නෑ ඒක බාධාවක් නෑ පසුබිම් සංගීතයට. දැන් උබට මැවෙනව නේද ඈ ගිය හැටි ඒ දින වල කුඩේ යටින් සීරැවෙන්. දැන් ඈ හැන්දෑවක දේව දාර ගස් සෙවනින් සැදුනු පාර මැදින් සිරි වැස්සට කුඩේ යටින් යන තනිවූ ඈ නුඹට පේනව නේද? ඈතින් යන ඈට කියන්ට දෙයක් තියෙනවද උබට? කොමද නුඹ පතන්නෙ ඇයට තනියක් දැනෙන්ට එපා කියල? උබ කියන්නෙ වෙන ඇසුරක් පතන්නද ඇයට? හම්!. එපා උබ අඩන්න... ඉන්න මම අඩන්නම් ... උබ වෙනුවෙන්.උබේ මනෝ ලෝකය තනිවුනු ඈ සමග යනවද මහවැලි ඉවුරට? බාධාවක් නෑ සංගීතය..! පුංචි සිලි සිලි සුලගක් ගස් කොලන් හෙමින් කිතිකවමින්. හම්. ඇයත් කනස්සල්ලෙන්. ඈ දුකින් බිම බැලුව නේද? එපා අහක බලන්න.. ඒ උබේ හිත කියන දේ නේද? ආසයි නේද ඒ ලස්සන ආයෙත් දකින්න... උබ කියන්නෙ ඇයට දුක්වෙන්ට එපාද? උබේ මතකය ගුලි කරල පොඩි කරල වීසි කරන්න මේ මහවැලි දිය රැල්ලට??? හම්....!!! මට වචන දියන් යාළුව........................ මම හඩන්නම් උබ වෙනුවෙන්.. හීනියට කිති කවන පියානෝව පොඩි කරන්නද මම? ඇති මේ මනෝ ලෝකය දැන්! ආයෙත් කනුව මුල...  ඒ අහස.. වැස්ස තුරල් වෙලා.. වලාකුලක් වත් නැතිව වැස්ස, ඒ වැස්ස අහවරවයි. හම්.. උබේ ඒ හිනාව රැකගත්ත කම්බුලේ තියෙන්නෙ ඒ වැස්සෙ සලකුනක්ද? සුන්දරයි... උබ තනි නැහැ. මේකට කියන්නෙ ආදරයද? මම දන්නෙ     නැහැ.

           සැක්සෆෝනයකට පුළුවනි බෝම හිනාවෙන් ඉන්න මිනිහෙක් වුනත් අඩවන්න.ඒකට වයලීනයක්, පිරිසිදු පියානෝ හඩක්. ඒ මදිවට ෆ්ලූට් එකක් එක් වුනාම තව කියන්නත් දෙයක් ඉතුරුවෙනවද? හොදයි.... සැක්සෆෝනයක්,බොන්ගො වාදනයක්,පුරාවට හීනියට පසුබිමින් ඇහෙන ක්ලැසිකල් ඩ්‍රම්ස් වාදනයක්(එකොස්ට්‍රික් ද කොහෙදයි කියන්නෙ, අර පින්සලකින් වගේ වාදනය කරන ක්‍රමය).ෆ්ලූට් එකක්,පියානෝවක්, වයලීන් 2ක් හෝ 3ක්. මම මුලින් හිතුවෙ 1ක වයලීනයක් කියල. දෙපාර තුන පාර අහනකොට තේරුනා එතන වයලීන් 2ක් වත් තියෙන්න ඕන කියල. තව ඉලෙක්ට්‍රික් ගිටාරයක්. ගිටාරය ඇරුනම අනෙක් සියල්ල unplug භාන්ඩ මට තේරුන විදිහට. මේ සෙරම එක්වෙලා අමර සිරි පීරිස්ගෙ මදුර ස්වරයත් එක්වෙලා සංවේදී ලෝකයක් මවල තියෙනව. “හන්තානට පායන හද ලස්සනයි ද කියන්න!“.හා අමතක වුනා කියන්න. තව එක සංගීන භාන්ඩයක්. මේ අපූරු සංගීතය රැයක තනිකම ගෙනහැර පාන්න, ලස්සන රැහැයියෙකුව අනුකරනය කරන බාන්ඩයක් යොදාගෙන තිබුන. මම ඒකෙ නම නම් දන්නෙ නෑ.( ප්ලාස්ටික් දාර සහිත භාන්ඩයක් උඩින් අතිල්ලෙන ඩ්‍රම්ස් කූරකින් මේ වගේ හඩක් නිපද වෙනව).

කරුණාකරල මේ ලියමන හිතට වදින්න,අඩුම තරමෙ රාත්‍රී 11න් පස්සෙවත් තනියම හෙඩ්ෆොන් දාගෙන හොදින් සින්දුව අහන ගමන් කියවන්න. සින්දුවක් බොක්කටම වදින්න රසවිදින්න ක්‍රමයක් කියන්නද? සමහරු දන්නව ඇති. සින්දුව කනට ඇති කියන කල් ශබ්දය වැඩි කරන්න. කන දන්නව ඒකෙ ගාන. මට නම් ටිකක් සද්දෙට ඕන. දැන් බෙල්ලෙන් ඔළුව පහතට එල්ලෙන්න හරින්න රිදෙන්න නෙවෙයි. හරියට ඔළුවට අත ගහගෙන වගේ.ඇස් පියා ගන්න, ආන් හරි. දැන් වාදනය වෙන සින්දුවේ පසුබිම් සංගීතයට හොදින් ඇහුම්කන්දෙන්න. ඒ එක එක වාදන භාන්ඩයන්ගේ හඩ වෙන වෙනම හදුනගන්න උත්සාහ කරන්න. නෑ නෑ. ඒක ගීයට බාදාවක් නෑ. පුරුදු වුනාම පුදුම මිහිරක් දැනෙයි. මොකද අපි සමහර වෙලාවට සින්දු අහනකෙටෙ එහෙම වාදනයක් ගියාද කියලවත් තේරෙන්නෙ නෑ. ඒකෙන් වෙන්න සංගීතඥයා මතු කරන්න හදපු භාව ප්‍රකාශනය අපෙන් ගිලිහිලා ගිහින් වෙන අමු ගතියක් මතුවෙනව. බලන්න ඉන්දියානු සංගීතයන්ගෙ තියෙන පූර්ණ බව. ඒ අය ගීතයක පසුබිම් වාදනයකට සංගීත භාන්ඩ වැඩි ප්‍රමාණයක් යොදාගෙන හිස් බව මකනව. ඒ ගීතයකට මම කිව් ක්‍රමය යොදාගන්න ගියාම සංකීර්ණ වෙනව. අපේ සංගීතය ටිකක් ඉඩ හසර තියෙන සංගීතයක්. සමහර ගීතවල පසුබිම් හිස් බවක් පවා තේරෙනව.  දැන් දෙවැනි පාර අහන්න. දැන් පුළුවනි අරඅර්ථය ගැන ගැබුරින් හිතන්න. මේ මම මේ සින්දුව දෙපාරක් 3න් පාරක් නෙවෙයි 4ක්, 5 පාරක් ම අහල නැගුනු හැගීමක් පරිකල්පනය කරන්න දරපු විකාරක්. මට මැවුනෙ පාසැල් ප්‍රේමයක් වගේ නව යොවුන් ප්‍රේමයක්. ඈ පේරාදෙනිය සරසවියට ඇතුලු වෙනව. ඔහු විශ්ව විද්‍යාල වරම් නොලත්. දැන් ඈ දුරස් වෙලා. මට හැගුන පරිදි. මෙහි කොතැනක වත් ඇයට වත් වරදක් පැටවිලා නෑ. ඒ කියන්නෙ නවමත් දෙදෙනාම ආදරෙන්. නමුත් ඔහුට ඇගේ දුරස් බව දරාගන්නට නොහැකියි. ඇයට එහෙම නෑ කියන්න සාධක නෑ. ඔහු තීරණය කරනව. ඈට වෙනම ලොවක් උරැමයි. ඔහු වෙන ලොවෙක. දැන් කාලය ඇය මුදවන්න. ඔහු නිසා විදින පීඩාවෙන්. ඉතින් සමු දිය යුතුයි. හදවතින් නෙවෙයි යාතාර්තයට ඉඩ දී. දැන් ඕන් මෙතෙන්ට දේශපානමය විග්‍රහයක් ගේනටත් පුළුවනි. ධනේශ්වර වාදී විනිමය සමාජ සන්ධර්භය තුල විශ්ව විද්‍යාල පුවේශය හා බැදුනු සමාජ ස්ථර ගත වීම්. හා පේරාදෙනිය සරසවිය වැනි ආකෘතික ආවෘත උප පරිසරයකට ඇතුල් වූ විනිමය සමාජ විලම්බීතය. මේ වගේම විවෘත ආර්තික කුඩුම්බිය තුල ආදරය වැනි මානුශික හැගීම් වානිජමය වී වෙන්දේසි වීම.  වගේ මාතෘකාවක්....!! හිහ්...!!!! පුහ් ...!!!!. ඒ වගේම මෙහෙම කතාවකුත් කියන්ට පුළුව්නදත් බැලුව. සරසවිය තුල හැදී වැඩී දැඩී වූ ආදරයක්. ඔහු ඉහල වසර සිසුවෙක් ඈ ඊට වසර දෙකක් පමණ පහල වසර සිසුවියක්. දැන් ඔහු සරසවියෙන් නික් මී. ඇය තවමත් ඇතුලේ. නමුත්  “හන්තානට පායන හද ලස්සනයි ද කියන්න?“ කියන පදයෙන්ම මගේ හිතෙන් ඒ අදහස පහවුනා. මොකද ඔහුත් පේරාදෙනි සරසවි සිසුවෙකුව සිටියානම් ඒ හන්තානට පායන හදේ ලස්සන දැක තියෙන්නට ඔනෑ. ඔයින් මෙයින් මම මගේ කතාව මෙහෙම හැදුව. ඈ ද කනස්සල්ලෙන් බව කියන්නට ද සාධකයක් හමුවුනා. “ලතා මඩුළු අත වනාවි එපා අහක බලන්න“ කියන තැන බලන්න. ඒ වර්ස් එකේ හැටියට මැවෙන්නෙ මහවැලි අසබඩ ගං ඉවුරක්. ඉතින් දැන් පංචි සුළගක් හමනව. තනිවී කල්පනාලෙවේ කනස්සලු වන ඈ දුකින් අහක බලනව. නැතිනම් දුකින් බිම බලනව. මේ සිරි විදින්නට අඩගසන තුරැ ලතා ඈ විසින් මගහරිනව. ඔහුගේ ආයාචනය. විදවන්නට එපා! ඔහුගේ මතකය ගුලිකර මහ වැලියට දමන්න!. ඔබ සැහැල්ලු ඒ සුන්දර කෙල්ලම වෙන්න! කියන එක. ඔං ඔහොම කතවෙක් ගොඩනගන්න පුලුවනි. මේ කතාවෙ ගොඩක් අඩු පාඩු ඇති. ඔයාලට ෆීල් නොවෙන්න ඇති. හිතිච්ච ඕන අටමගලයක් ලියල යන්න. ජය!


හන්තානට පායන හද - ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හද - ඔබට හැකිය දකින්න
//

අදුරු ලලා වහිනා කල - සරසවි බිම තෙමෙන්න //
කුඩෙ යටින් ඔබ යන කල - එපා තනිය දැනෙන්න

හන්තානට ....

ලතා මඩුළු අත වනාවි - එපා අහක බලන්න //
මා ගැන මතකය ගුලි කර - මහ වැලියට දමන්න

හන්තානට ...



ගායනය:  අමරසිරි පීරිස් මහතා




Artist - Amarasiri Piries
Song - Hanthanata Payana
Beat - 3/4
Key C major 

Comments