එක දවසක් රෑ.....!




බොහෝමයක් නිදාගන්න වෙලාවක කොලේකුත් පෑනකුත් මගේ අත ලගට ආව. ඊයේ ඉදන් උණ ගතියට ආපු වියලි කැස්ස මාව පෙලන්න ගත්ත. පැන අතට ආවෙ අරමුණක් හොයාගෙන නෙවෙයි. පෑන හදවතට දක්වන්නෙ පුදුම ලෙන්ගතු කමක්.පෑන මාව හදවතේ අසරණ කම ලෝබ කමක් නැතුව පහුරුගාන්න තනන වග මට තේරුම් ගියා.මොනව නමුත් මේ ලියැවෙන්න යන දේ ,මම ගැන මම පිටුව පුරවයි කියල හදවතට එහාගිය කෙනෙක් මට ටොකු අනින්න, කොනිත්තන්න වුනා. අකමැත්තෙන් නමුත් අසරණ කමින් පෑන කොලයට සමුදුන්නේ හද පිරි ලෝබ කමකින්. අර පෙලබීම නිසාමයි. මේ වගේ වෙලාවකට මට පිහිටට එන තව කෙනෙක් ලහි ලහියෙ සූදානම් වුනා. තනිවෙච්ච මගේ අලුත් කාමරේ සුදු පාට පොත් තාප්ප 3ක් මැද.මෙයා මට ලියන වැඩවලට පුදුම සුවපහසු යාළුවෙක් වුනා.ඒ එයාගෙ යතුරැ පුවරුව මට දක්වන පුදුමාකාර සුව පහසුව නිසාමයි.මගේ යාළුවොනම් මෙයාට ගොඩක් නම් කියනව. හූනගෙ ලී මෝල,හූනගෙ බරකරත්තෙ, මේවගේ ගොඩක්. හැබැයි ගොඩක් අය අතර ජනප්‍රිය හූනගෙ සර්වරේ කීවම. p3 ටොශීබා සැටලයිට් වර්ගයේ නොට් බුක් එකක්. 128 ram,6GB HDD,16 VGA, Xp දාල යුනිකෝඩ්,ඔෆිස් ,මදුර,වීඑල්සී,කේම් ප්ලේයර්ස් තව සෑහෙන මෘදුකාංග තොගයක් කරගහගත්ත. මාතර වව්නියා පදින තිරික්කලයක් වගේ භාන්ඩයක්. මේකට මේ නම වැටුනෙම ඒකෙ         සුවිශේෂී කම නිසාමයි. ඒ තමයි වේගය. 650 mmx නිසා වගේම එක්ස්පී එක්කල පුදුම තාලෙ වේගයක් තමයි එයා අපිට දෙන්‍නෙ.“මේක ලැපක් නෙවේ බන් සර්වරයක්“ කියල ආත්මෙ බේරගෙන අපේ එවුන්ගෙ කුණු කතා නෑහුනු ගානට මෙයත් කරගහගෙන කාලයක් මං පැද්ද.තාමත් මෙයා ජනප්‍රියයි.මදුර වලින් විතරක් වුනත් පුදුම සහයක් දෙන්නෙ. බෝඩිමේ ඉන්න කාලෙ වෙන කැම්පස් වල ප්‍රෙජෙක්ට් ටයිප් සෙට් කරල වේල් 2ක් වෙනුවට එකක් හරි හම්බ කරගත්තෙත් මෙයාට පින්සිද්දවෙන්ට තමයි.
         මොකක් නමුත් ලියැවෙන්න ඕන කියල වට පිටාව කියද්දි ඒකට හරියන සංවේදි වටපිටාවක් හදවත ඉල්ලන්න වුනා.බෝම ඉවසිමෙන් vlc plylist එකට සොෆ්ට් ක්ලැසිකල් හින්දි සින්දු ටිකක් එකතු වුනේ අවුරුදු ගනනක් මා එක්කල පුදුම හැල හැප්පීම් මැද ඉන්න එකම හෙඩ්ෆෝනය කනේ ගහගෙන.කැඩිච්ච ආර්ම් එක බැදපු තබ කම්බිය කෙස්ගස් උගුල්ලනව කියන එක මම අත්දැකීමෙන් දන්නා  ඇත්ත ආයෙත් සනාත වෙන්න ගත්ත. ටික වෙලාවක් අමුතුම ලෝකෙක ඉන්නකොට එලියෙ අමෝරා වැස්සක් වහිනව බව තේරුනේ ඇගට දැනෙන සීතලත් එක්කල.විනාඩි කිහිපයක් මගේම ලෝකෙක පාවුනු අතරෙ යාන්තමට ඇස් කොනින් වගේ වීදුරු ජනේල ක්ෂනික ඒකාලෝක වෙනව පෙනුනෙ දරුණූ අවදානමක් අත ලග කියන ගමන්. මොහොමඩ් අලීට වඩා හයියෙන් ගොරවන සද්දෙ ඇහුනෙ දඩ බඩ සද්ද දෙක තුනකුත් එක්කල. වෙන්න යන කේද වාචකය ඉවෙන් වගේ දැනෙන්න ගත්තෙ දෛවයේ සහජ දැන්ම් දීම් හැම දරුණු සිදුවීමක්ම ස්වභාවිකව කලින් දන්වනව වගේ.ගෙරවීමෙ හඩ පුංචි කාලෙ ඉදන් අහල තියෙන්නෙ මෙහෙටම ආවේනික එකම තාලෙකට. ස්වභාවික ගෙරවීම අවසනය මතුකරන්නෙ අපේ ගෙතුලින් නැගෙන කටහඩඩක රෞද්‍ර ගෙරවීමකින්. එක පාරම දොර ඇරන් අම්ම කඩන් පාත්වුනේ දේවලෙ කපුව ස්ත්‍රෝත්‍ර කියන ශෛලියක් අනුරූප කරමින් 3,4 විටක් අනතුරු අගවපු බව මා දෙසවන් නොවැකුනු බව පවසන්නට මා පමා වැඩි බව,නිහඩ නිසල බිත්ති පවා මට ඉගි කලා.
    ඒ අවසරයෙන් මා මිතුරා ට හදිසි සමුදීමක් ලබා දෙන්නට මට සිදුවී හමාරයි.අසරන මොහොතට පිහිටට එන පෑන කොලය තාමත් මා දෙස ප්‍රසන්න මුහුනින්.ඉදින් මා පෑන දැන් නුඹට කියාවි...........
        .... පුංචි විරාමයක් අරන් තේකක් අරන් ආයෙත් ආවේ පෑන දෙයක් ඉල්ලන නිසයි. මාව මේ තත්වෙට අසරන කලේ කුමක්දෝ තාමත් හරිහැටි නොදත් දෙයක් කියන්න තතනන මගේ ඇතුලෙ ඉන්න මම. මේ මොහොතෙත් මා වටේට ඉදන් මට ඔච්චමට  විරිත්තන සුදු පොත් කදු 3 මට මාව සොයන්නට පොළබවනව.මේ ඇකඩමික් එකත් පටන් අරන් දැන් ටික කලක් කියල පොතක් හරි මොනවද මේ කියල බලන්න ඕන නේද කියල මේ අය මගෙන් අහනව. ජීවිතේ සිරුවට හැඩි වේගෙන යනව නේද කියල මට පසක් වෙන්න ග්ත්ත.උගුර හූරල දාපු කැස්ස මැඩගෙන උතුරට 2ට තේ එක ගිල්ලෙ ජීවිතේ නීරස මොනවට පැහැදිලි කරමින්. මේම යනකොට මට දාර්ශනික අදහස් එනව. මට හිතෙනව දිනන්න හොද නෑ කියල. ඔබ දිනල තියේද ? ඔව් !. ඔබ දිනල ඇති . අභිමානයක් නේද ? සතුටක් ! ඔව් සතුටක් ! ඉන් පස්සෙ ??? ප්‍රශ්නාර්ථයක් ? ආයෙත් දිනන්න ඕන.. දිගටම දිනන්න ඕන ! හති නැද්ද ?? දැන් ඉතින් රැක ගත්න ඕන අභිමානය..! අර තිබිච්ච සතුට නෑ නේද ? අන්න ඒ හින්ද තමයි මම කීවෙ දිනන්න හොද නෑ!. කතාවක් තියෙනවනේ.“ ලෝකය තැනුනේ දිනුවන්ගෙන් නොව පැරදුනන්ගෙන්ය !“ කියල. කීවෙ කවුද කියල අහන්න එපා.....


 “ මෙගා මයින්ඩ්! “ බැලුවද ? මෙගා මයින්ඩ් මියයන ග්‍රහලොවක අනාගත පුරුක. මොහුත් එක්කල පෘථිවියට එනව තවත් මියන ග්‍රහයක අනාගත පුරුකක්.ඔහු තමයි තිතරම දින්නෙ.“ මම තමයි නරක චරිතය! “. මෙගා මයින්ඩ් කියාගන්නව. දිනන කම් මෙගා මයින්ඩ් තරග කරනනව. දිනෙක මෙයා දිනනව. ඉන් පස්සෙ ......!!! අපූරැයි. අපූරැ 3ඩී ෆිල්ම් එකක්. බලන්න... බලන්නම ඕන!.


    මම..! මට මාව හොයා ගන්න ඕන.මට මාව මගහැරිල කියල හිතෙනව. පසු පෙලට යන්න. හැංගෙන්න.සීරියස් චරිතයක් වෙන්න ඕන.. වෙලාවකට මම මට කියනව.ඒත් අමාරුයි. මම මෙයා..! කියල කෙනෙක් ආයෙත් දකින අය කියනව. ඉතිින් මම ආයෙත්.....!! හ්ම්.. ! . මට හිතෙනව වෙනසක් ! වෙනසක් ඕන කරනව ! ඉතින් දැන් ඇති. සුදුපාට පොත් කදු 3ක් ! ඉදපල්ල මම එනකන් ..! තව එක වචනයයි ලියන්නෙ. ඔබට සුබරාත්‍රියක් ! . මට... නෑ නෑ තියෙනව හොයාගන්න මාව ...! ඔයාල නිදාගන්න....

Comments