ඊයෙ හැන්දැව..


ඊයෙ වච්ච කතාවක් කියන්න කියල හිතුන.ඇකඩමික් අහවරවෙච්ච ‍අපේ උන් සෙට් එක සෙව්වෙලා අම්බලංගොඩ මාර ආතල්. පිස්සු මංඥං, ඉලිබල් හදනව, වැඩගොඩයි.වෙනද වගේ ලැබ් එකේ ලැගල ඉදල කන්න එලියට බැහැල,කාල කරල එහෙම වතුරබොන්න ටැප් එක ලගට ගියේ 2යි ගානක් විතර ඇති.
දහවල් ආහාරය අවසන ජලපානය කියන්නෙ ඉතින් රස සාගරයක් අල පාත්තියක් තමයි. ටැප් එක ලග කාලය අනුභව කරන එක පුරැද්දක්නෙ. ටිකක් විතර අදුරැ පසුබිමක් තිබ්බෙ පුංචි වැහි බිදුවක් ඉදල හිටල හිස් මත රග දෙමින්.ටිකක් විතර ලොකු රෑනක් පියාබල යනව ටිකක් අසාමාන්‍යයි.අපෙ උන් එක එක දේවල් කියන්න ගත්ත.
කාක්කොත් නෙවෙයි,වවුල්ලුත් නෙවෙයි මට හිතුනෙ ලිහිනි රෑනක් කියල.ලොකු රෑනක්. ඔන්න හැමෝගෙම හිත්වලට සුනාමියක මතක රැලි නැගෙන්න ගත්ත. ඔන්න මචං අද සුනාමියක් අයෙ ශුවර් හරිද?.එක එක දේවල් කියව කියව ටික වෙලාවක් බයිටක් දාගෙන අලයක් සුද්ද පවිත්‍ර කරගෙන ඉදල ඇතුලට ඇවිත් ලැබ්ගත වුනේ
අරමණක් නැතත් එක එක දේවල් ගොඩක් කරන්න කියල.
ඔන්න ඉතින් 4ට එලියට බැස්ස විතරයි එකෙක් ක්‍රකට් ගහන්න කතා කලා.අන්තිමට සෙට්වුනේ අපි 3 දෙනයි. ඉතින් අසරන ක්‍රකට් ගැහුවෙ මාර හුලගක් මැද්දෙ. ඒක මාර සුන්දර සෙල්ලමක් වුනේ සීතල හුලග නිසාම තමයි.සීතල සුලගෙ ඇදිඇදී බෝල් ගැහුවට ඒක සල්ලමකට වඩා විහිලුවගට බරවුනේ නිරායාසයෙන්.
ඔන්න ටිකකින් මේ මිතුරෙක්ගෙ ගර්ල් කැගහන්න ගත්ත ඹ්ක නවත්වල ගෙදරයං.සුළිසුලගක් එනව කියල නිවේදනයක් දාල කියල. කියල ටිකයි එක එකාට ගෙවල් වලින් කෝල් එන්න ගත්ත. කතාව ඇත්ත. අපේ ගමෙත් , ප්‍රාදේශිය ලේකම් මැදිහත්ව ප්‍රචාරයක් යවල තියෙනව. ඉතින් මග දිගට කෑගගහ ගෙදර ආවෙ දන්න සේරම උන්ට කෝල් කරල ආතල් එකට බය කරන ගමන්.යකෝ තාම පෙලවහක් වත් වෙලා නෑ.දැම්ම මැරෙන්න පුළුවන්ද? පාර දිගට පාර අපේ මහප්පගෙ ගානට ස්ටැන්ඩ් එකට අවිත් විසිර ගියා.
  අපේ ගෙදර පෙඩ්ඩ ඇත්තන් ඇවිලෙන සුළු වාතාවරනයක් දරන නිවසක්.ඉතින් ඔන්න මම ගෙදර ආපු ගමන් ඔය කතාව තමයි. කාලෙකින් දැක්ක චිමිනි ලාම්පුව මේසෙ උඩට ඇවිත් අළුත් වෙලා සූදානමින්.භූමිතෙල් එක්වෙලා ඕනම හදිසි අවස්ථාවකට සේවයට වාර්තා කරන්න සූදානමින්.රාත්‍රීකාලෙ තිබ්බෙ මාර හීතලක් හැබැයි හුලගක් නම් නෑ.
මේ වට පිටාව අමුතු සුන්දරත්වයක් ගෙනව. අපේ නිවස තියෙන්නෙ ප්‍රසිද්ධ සුලං හමන මගක කියලයි කියන්නෙ. මොකද මම පංචිම කාලෙ අපේ ගෙදර උළු සේරම සුලගකට ගහගෙන ගිහින් තියෙනව. ඉතින් අර කනාමැදිරියටත් බය කතාව වගේ, සුලගක් කියන්නෙ අපිට ටිකක් සංවේදී කාරනයක්.රෑ තිබ්බෙ මාර හීතලක්.
ඇවිත් නිවුස් ඇහුවම පලාත් 3ක් අවදානම් කලාප වෙලා ‍ආයෙත් ගංවතුර තර්ජන එන තත්වයක් ඇවිත්. රටෙන් අඩක් ජලතලයක් ‍වුනේ බෝම ටික කාලෙකට කලින්.ආයෙත් ඔන්න ‍ස්වභාව ධර්මය පහරදෙන්න අරන්. අසාමාන්‍යවිදිහට දිගින් දිගටම ස්වභාවික විපත් බලපාන කාලගුනික සම්පූර්ණ වෙනසක් වෙලා හැඩයි. සුවහසක් ගංවතුර ආපදා වුනු ඒ
අහිංසක සිත් වලට සහනයක් ලැබේවා..වරක් බැටකා සැනින් නැවතත් ඔවුන්ටම හිරිහැරනොවේවායි මම ප්‍රාර්තනා කරනව.!

Comments