කාලෙකින් මම ගැන......

හායි හායි හායි.....
                 ඉතින් ආයුබෝවන් ආයෙත්! කියනවට වඩා හායි හායි කියන එක ටිකක් කොමන් වෙලා නිසයි එහෙම කීවෙ.මේ දවස් වල......... නරකම නෑ හොදයිම කියන්නත් බෑ.ජීවිතේ බැලුමක් වගේ පාවෙනව ඌ ඌට ඕනැ විදිහට මම මට ඕනැ විදිහට. ඇකඩමික් එන්ඩ් නිසා නහුතයක් වැඩ. නානා ට හෙණ වදින්න ට්‍රෙනින් වලට පිංසිද්ධ වෙන්න පලමු වතාවට සබ්ජටි 1ක් ඉලිජිබල් කැන්සල් වගේ. අවුලක් නෑ ඇඩිශනල් නිසා.
                        නිකන් ඉන්න වෙලාවට.බස් එකේ යන එන වෙලාවට මාර මාර දේවල් හිතෙනව.වෙලාවකට මටම හිනා.සයිකෝද මන්ද?.අතීතෙ කියන්නෙ අතීතෙට. වෙන මොනා කියන්නද? අනාගතේ ..... පුහ්......
මිනිහෙක් හැඩ ගැහෙන්න රියල් මිනිහෙක් වෙන්න බුද්ධිය විතරක් වගකියන්න බෑ ඉන්න පසු බිම,සමාජයත් වගකියන්න ඕන කියල හිතෙනව. ඒ එක්කම ඕනම කුණු කාණුවක් පල්ලෙ වුනත් මාර සුන්දර ජීවිත හැදෙන අපූරැවට මොකක්ද දෙන සාධාරණය කියලත් හිතෙනව.සමාජයක් හැදෙන්නෙ එක්කෙනෙක් ගෙන් නෙවෙයි. විවිධ එවුන්ගෙන්. ජීවත් වුනත් මළාවගේ ඉන්න පුලුවන් තරමට ජීවත් වෙන්න පුළුවන්. සමාජයක නැගීසිටින්නට පුලුවන් තරමට සමාජයේ ගමන් මග යහපත් කරන්න බලවේගයක් වෙන්නත් පුළුවන් හැබැයි ජීවිතය සුන්දර මට සිළුටු නැහැ. සුන්දරයි කියන සමාජයක අසුන්දර සිතුවිලි දරන්නෝ සමාජය හමුවේ දක්වන රංගනය. සුන්දරයි සිතන සමාජ නළුවන් පවා හැඩි කරන්නට දායක වෙන අවස්ථා දැකල තියෙනව. මේ පිස්සු විකාර රෑපික සමාජයේ උඩුගම් බලා පීනන්ට ආසවක් නැත්තෙමත්නෑ. මට මංඥං ද මන්ද ?                                 ඔන්න ඉතින් පුතේ ඕං ඔහොම හිතාන වැඩ ටිකත් අනාන යන්නං වාලෙ යන එක තමා මේ දවස් වල ජීවිතේ. ගෙදර........ කැම්පස් එක...... වයස...... යුතුකම්..... අතල්..... සබ්ජෙක්ට්.....වෙන වැඩ...බෝරිං... පැටලිලා කෙලවෙලා කොරවෙලා ඇබරිලා....... අයියෝ මට බෑ ඕයි.......


                        නාං පොයිටු වාරෙන්.......!
     

Comments