ඇස ගැන කියන්න හිතුන....







මිනිස් අවයව වලින් ඉතාමත් සුවිශේෂී තැනක් හම්බවෙන අවයවයක් තමයි ඇස. මිනිස්සු එක එක ඇසින් ලෝකය දකිනව.මේ දැක්ම දේශපාළනික,සාමාජීය,කළාත්මක,ආගමික,
මෙකී නොකී බහුරෑ විද ආකාරයට එකම ‍ෛඑන්ද්‍රිය මූලික කරගෙන සිද්දවෙනව. ජීවවිද්‍යාත්මකව ගත්තත් ඇස කියන්නෙ අපූර්ව අවයවයක්. ලෝකයක් දකින ආකාරය විවිධ වෙන්නෙ ඇසත් සමග මනසත් එකතුවුනහම.


      මේ ලොකු ලොකු කතා පැත්තක දාල මේම බලන්නකෝ.... ආදරය කරද්දී ප්‍රේම වන්තය විශේෂයෙන් ‍තම ප්‍රේම වත්තිගෙ ආදරය විග්‍රහ කරන්න විවිධ අවයව භාවිතයට ගන්නව. ප්‍රේම සාහිත්‍ය ගත්තොත්,
විවිධ අවයව කරලියට එනව. මෙයින් ඇස,තොල්,නාසය,නළල,නිකට,කේශ කලාපය,කන්පෙති,............ පටන් ගෙන සකලවිධ අවයව වලට මේක පැතිරිලායනව. ආදරේ කරද්දී බෝම කරලියට එන අවයවයක් තමයි ඇස.
තමන්ම තමන්ගෙ ඇසට කොච්චරනම් ආදරේද?. අපි කනෙක් ව රැක ගන්න භාරගන්නෙ. ඇස්දෙක වාගෙ රකිනව කියල.
              
                    මිනිස් සම්භන්ධතා ගැන සැලකීමෙදි ඇස තරම් ප්‍රධාන වගකීමක් ගන්න වෙන අවයවයක් නැති තරම්. ලෝකයේ මොනම භාෂාවක්, මාධ්‍යක් නැති වෙලාවක් ආවොත් මේ ඇස කොච්චර අපූරැ මාධ්‍යක් වේවිද?
ප්‍රේම වන්තයන්ට මේ මාධ්‍ය කොච්චරනම් උපකාර වෙනවද? සාහිත්‍යයේ ගත්තොත් වර්ණනා වෙච්ච අවයව වලින් ප්‍රධාන පෙලේ තරග වදින්න ඇස සමත්. මොකද තව තව අවයව මේ තරගෙට පොර බදින නිසා.


          දන්නවද ජාතක කථා 500 ඇතුලෙ ඇස සම්බන්ධ කතා කීයක් තියේද කියල? එක කතාවක් තියේ තරැණයෙක් තෙරණියකට පෙබ් බැන්ද අහින්සක අනුවේදනීය කතාවස්තුවක්. සාරංශයක් ගත්තොත් මේමයි.


තරැණයෙක් තෙරණියකට පෙම් බැන්දේ ළු. තෙරණිය ඉතා සිල්වත්ව සිටි යා ළු. ඈ වඩින මග මේ තරැණයා අහින්සක ආලයෙන් අන්දව පෙරමග සිටියේළු. මේ සසර බන්ධනයට ඇකමැති තෙරණිය මින් බේරෙන්ට සිතුවා ළු.
දිනක් තෙරණිය තරැණයා මුන ගැසුනේළු. තරැණයා ප්‍රීතියෙන් ඉපිලි යේ ළු. නුඔ මා කෙරේ කිමදැයි තෙරණිය විමසියේ ළු. මා නුඔට ආ‍ලයෙන් අන්ධ වී සිටිමි තෙරණිය. මා නුබගේ දෑසට ලෝකයක් තරම් පෙම් කරමියි තරැණයා කිවේ ළු.
තෙරණිය නික්මියා ළු. සිල්වත් කමේ මහිමය පෙන්වන කථාන්දර කරැවා. තෙරණියගේ ඇස ඈ විසින්ම උදුරා තරැණයාට තෑගි කලායි පවසයි. මේ සානුකම්පිත රක්‍රයාව හමුවේ අසරණ බවේ ආත්ම හින්සනයට ඇද වැටුණු තරැණයා
සියළු බන්ධනයන් මුදා තෙරණියට උවටැනින් ජීවිතය ධර්මයට කැලකලේයැයි කථාන්දරය නිමවේ. විරිදු සාහිත්‍ය අමාරැවෙන් රැකගන්නට පවුල් පිටින් කැපවූ සුප්‍රසිද්ධ විරිදු කරැවකුගේ හඩින් කැසට් පටයක ද මේ කතාව ඇත.


       ආදරය ඇසත් එක්ක තොච්චර බැදිල තියෙනවද කියන එක මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මේ ගැන මේමත් හිතන්න පුළුවන්. ආදරයේදී කාන්තා නියෝජනය ප්‍රභල චරිතයක් උසුලනවා. ප්‍රේමය තම මල්ලවයාට ප්‍රදර්ශනයකිරීමේ
සක්‍යතාව ඒ ආදරය සමාජ සම්මතයේ ප්‍රභල එකක් යන්න තහවුරැ කරන්න සාදකයක් වෙලා තියෙනව. සුන්දරත්වය කාන්තා පාර්ශවය සමග කරලියේ පොරබදින එකම කාසියක දෙපැත්තක් නිසි. ඇස කාන්තාවක ගේ සුන්දරත්වය තීව්ර කරන්න
ඉතා වැදගත් සාධකයක්. මේ නිසාම ඇසට ඇසක් හමුවී පෙන්වන අගර දගර නේක රැගුම් මනස උඩු යටිකුරු පෙරළියක් කීරීමට සමත් වෙනව. කාන්තාවගේ පේම ජවනිකාවේ ප්‍රභල චරිත නිරෑපණයත් එක්කම ඇගේ රෑ සපුව වැදගත් සාධකයක්,
ඉතින් මේ වැදගත් සාධකය ප්‍රේම කතාන්දරය තුල ප්‍රධාන චරිතයක් රග දක්වනවා. ඒ තර්කෙ පොඩ්ඩක් පැත්තක දාල මම ප්‍රශ්ණයක් අහන්නම්. ඔයාට පුළුවන්ද කෙනෙක් ගෙ ඇස් දෙක දිහා එක එල්ලෙ බලාගෙන කිසිම හැගීමක් පළනොකර ඉන්න?
අමාරැයි නේද? ඇස කියන්නෙ අපේ හිතේ භාශා මාධ්‍යය. අපේ හිත්, සිතුවිලි ඇස කියන මාධ්‍යයෙන් සමාජගත වෙනව. කෙනෙක්ට පුළුවනි තමාගෙ උඩු හිත කපටි විදිහට යටිහිතව යටපත් කරගෙන සමාජයට බොරැ අදහසක් පෙන්න්න. හැබැයි එතනදි
ඇස කියන මාධ්‍යත් ඒ බොරැවට සම්බන්ධ කරගන්න පුළුවන් එහෙමත් කෘර කපටියකුට පමණයි. සමහරැන්ට පුළුවන් කෙනෙක්ගෙ ඇස් දෙක දිහා බලාගෙන කාතා කරන්න.සම හරැ සහජයෙන්ම කතාබහකදි ඇස මගහරිනව. ඒක වැදගත් කරැණක්.


          අදහසක් කෙනෙක්ට කියනකොට ඇස්දෙකට එබීගෙන කියන්ට උත්සාහ කරල බලන්න. පුදුම සුන්දර අත් දැකීමක් වේවි.
  
                         ඔතින් ඔන්න අදම ඔයාගෙ පෙම්වතිය හරි පෙම්වතා හරි මුන ගැහිල මේ කියපු එක අත්හදා බලන්න. පුදුම සුන්දර හැගීමක් ඒවී.අන්න ඒ වෙලාවෙ, අපි කොච්චර සුන්දර ආදරයකද ඉන්නෙ කියල හිතුනොත් මට කමෙන්ට් එකක් දාන්න. හැබැයි
ඉතින් ඒම කරන්න ගිහින් එයා බොරැවක් කරනව කියල තේරියා ලව් එක කඩාගෙන අවිත් මට බැනල කමෙන්ට් කරන්න එපා ඉතින් මම පව්නෙ........
  


                                   සම්පූර්ණ ප්‍රමාණයේ පිත්තූරෙ බලන්න යං

Comments