ලිපියක් නුඹට......

මා දයාබර මිතුර,




            පුංචිම කාලෙ ලිව්වාට පසු නොලීවෙමි මම නුඹ ගැන. වෙනස්වෙලා හුගාක් නඹ දැන්. රුවුලක් එහෙම වැවිල නුඹට. ඒ තමයි නුඹත් වයසට ගිහින් කියාපාන ද්‍රෘශ්‍යමාන සාධකය සමාජයට. වයසක කීවාට මේක තමයි සොදුරුම වයස. කාලය සමාජය සොරාගත් නුඹෙන් ! කොහේ හෝ වැරැුද්දක් ඇත ! හදුනාගන්නට නොහැකි වුනු තාමත් හරිහැටි. ජීවිතය වැරදුනු තැන පවරන්නෙමි සමාජයට. නොතියා මම එකදු චෝදනාවක් නුඹට.

ආයෙත් ඇවිදින් කාලය ලියන්නට සිතන්නට නුඹ ගැන.නැගිටිය යුතුයි නුඹ නැවතත්, රැයක් දවාලූ දූමයෙන් අලූයම ගුවනට නැගි ෆීනික්ස් පක්ෂියකු ලෙස. මහලූයි විඩාවයි නුඹට වඩා නුඹේ සිතුවිල්ලට දැන්. පැණ නැගිය යුතුයි නුඹ නැවතත්. සුන්දරයි ඒ කාලෙ. ජීවිතය සොයන්නට මගක් නැත වෙන. දිවිය යුතු එක හැල්මේම, නොබලා වැටෙන උන් පය පැකිලී ලේ නහර පුපුරණ. දුවාපන් එහෙනම් ජයගත යුතුයි නුඹ !.

දකින්නට සොදුරු බව සබැදෙන කවක ! යෙදෙන්නට පිළිසඳරක අප ගැන ලෝකය ගැන! කමම්නැත නුඹට ඉන්. තරගයක් ! හඩ ගසයි නුඹට.


සැරසේන් .... එළවේන් ... යා ... ! ! !


නුඹ නිතරම ප‍්‍රතිමල්ලවයෙකි මාහට. සොදුරුයි බොහෝවිට පැරදුම නුඹ මා හට! නමුදු සබද තේරුම් ගත යුතුයි නුඹ විය යුතු බව, නිසැකවම ජයගන්නට. ඉල්ලූම බව ලෝකය නුඹෙන්.

කාලය වැසීගොස් වැලි තලා අතරින් අනේක විද සිදුවීම් පසුකරමින්. වෙනස් වෙලා නුඹත් !. එදා ලිව් මා නුඹ ගැනල නොවේ ඒ පංචි කොලූ ගැටය කවුරුත් නොදත් නොවුනු චරිතයක් !. වුනා නුඹ කාලයක් උත්සාහ දැරූ රගන්නට චරිතයක්, නුඹේ නමින්. සැගවිලා දැන් ආයෙත් වෙහෙසවී සොයා සමුනොවුනු නුඹට නුඹම. සිදුවෙයි රගන්නට නැවතත් නුඹට චරිතයක් මිනිසකු පරිණත. හදුනාගත් සමාජය නුඹත් මිනිසකු ලෙසට.



සිටිමි මම නුඹ සමග සැම විටම සෙවනැල්ල විලසට. ආදරෙයි නුඹට මම මා සවිශෙෂ මිතුර !.






මෙයට,

දයාබර නුඹේ ආත්මය.



Comments