හිතට වැදුන ගමනක්.....

   මම ට්‍රේනින්ග් ගිය අන්තිම දවසෙ මමයි මගේ ට්‍රේනින් ලිට්නරැයි දෙන්නට යන්න වැඩක් සෙට් වුනා. UK යන්න. company එකේ Motor cycle 1කින්. UK කිව්වෙ උස්වැටකෙයියාවට.
                    උස්වැටකෙයියාවෙ බොස්කො සෙවනෙ PC වගයක අවුලක් බලන්නයි තිබුනේ. මට සාමාන්‍යයෙන් කොළඹ පාරවල් මතක හිටිනව අඩුයි.සමහරවෙලලාවට ගිය පාරෙන් නෙවෙයි ඇවිත් තියෙන්නෙ. ජා ඇල පාරෙ ගිහින් හැදලින් ඇතුලයට හැරෙන පාරක් තියෙනව /කන්ද ඇළ/ පාර කියල. ඒක මාරයි. පාරට සමාන්තරව දිගමට තියෙන්නෙ ඇළ. ඒ මිනිස්සුන්ගෙ ප්‍රධාන ජීවන උපාය ධිවර කර්මාන්තය. කලපු ලක්ෂණ පෙන්නුම් කරන මේ පාරත් එක්ක සමාන්තරව ඇදෙන මේ ඇලේ අපේ ගොඩබිම් වාහන හා සමමාන්තරව හරි හරියට ඇදීගෙන යන්නෙ ධිවර ඩිංගි බොට්ටු. මුළු පලාතම ධිවර සංස්කෘතියක ඇලීගෙන යන ප්‍ර‍දේශයක්.කඩොලාන ඇල ඉවුරැ රකින ගමන් මාර ලස්සනක් පෙන්නුම් කරනව.

                   උස්වැටකෙයියාව ප්‍රධාන කිතුනු බැතිමත්තු රැගත් ධිවර සංස්කෘතියකට උරැමකම් කියන සරළ සුන්දර ප්‍රදේශයක්. වෙරළ තීරයත් මාර ලස්සනයි. හැබැයි මේ ලෝකල් යූ.කේ. වෙන වෙන අකට යුතුකම් වලටත් ප්‍රසිද්ධියක් උසුලනව. මොනා වුනත් මේ ගමන මගේ මතකයේ විශ්ෂයක් සටහන් කරන්න සමත් වුනා.

Comments