කථාවක් !!

ඉතින් කාලෙකට පස්සෙ නේද ආයෙත්?. ගොඩක් දේවල් හිතේ තිබ්බා ලියන්න ඒත් හරියට කාලයක් ලැබුනේ නෑ ඒ ටික ගලපන්න. ජීවිතේ පරිපූර්ණ වෙන්නෙ අත්දැකීම් වලින්.
මොකද හිතන්නෙ පන්තිය ගැන????
දැන් බලනව ඇති මේක එන්නෙ මොකාටද කියල. ලොකු ලොකු දාර දාර දර්ශණවාද ගැන මමත් දන්නව වගේ දෙසාබාන්න නම් නෙවේයි මේ ලෑස්තිය.මට තේරෙන විදියට සරලව.....
පන්තිය ?????
අහල තියෙන විදියට ප‍්‍රාථමිකම තත්වෙට ගොහින් බැලූවම තිරිසන් ගොත‍්‍රයක් දිහා, උන් අතරත් විවිධ කුළ බෙදීම් දකින්න පුළුවන්x දළ තියෙන එකා ඇතා වෙලා අනෙක අලිය වගේ. ඒ වගේම තම ගෝත‍්‍රයට පෑහෙන්නෙ නැතිවුනාම ගෝත‍්‍රයෙන් කොන් කරල පන්නල දාන්නෙ. ඔං ඔය වගේ ගොඩක් පන්ති බෙදීම්වල ප‍්‍රාථමික ලක්ෂණ තිරිසන් අතරත් දකින්න පුළුවන්.
මම හිතන්නේ මිනිසාගේ මොළයේ ක‍්‍රමික වර්ධනයත් එක්කල මේ ස්වභාවික ගතිගුණ වැඩිවෙන්න ඇති.(ස.හි.* ඒකවෙන්ටැ අද වෙන කොට මේ සාමාන්‍ය සමාජයේ මේ පන්ති බෙදීම් ජයටම තියෙන්නෙ. මේ හතර වටෙන් කරිජ්ජෙන් වට වෙලා තියෙන අඹගෙඩියෙ කථාව ගත්තත් එදා ඉදන් තියෙන පන්ති බෙදීම් වල උච්චාවචනයන් මේ මේ ආකා?යි කියන්න ඉතිහාසෙ ගැන සමාජවිද්‍යත්මකව ලියැවුනු දේ් ගත්තම කියන්ට පුළුවන්x එහෙම බලන කොට මේ පන්ති බෙදීම් වැරදීයි වැරදීයි වැරදීයි ....... ඃ/‍්‍ර/ඃඃ‍්‍ර/ඃඃ‍්‍ර(‍්‍ර**(//ඃ?ඃ/(‍්‍ර/ඃ‍්‍ර/ඃ‍්‍ර?ඃ‍්‍ර/ඃ(‍්‍රඃ?ඃ?‍්‍ර/?ඃ‍්‍ර/ඃ කියල රැුඩිකල් විදිහට කෑගැහුවට ස්වභාවික දෙයක්ද මන්ද කියලත් හිතෙනව.
සිංහලයගෙ ලංකා ගමනය, උපත, දූරාවලිය ගැන කියද්දි වුනත් හිරිකිත හිතෙන කුළවාද, පන්ති භේද තියෙන බව අමුතුවෙන් ඔයැයිලට කියන්ට උවමනා නෑ නොවැ. එදා ඉදන් රාජ පැලැන්තිය, කුළවත්තු, ධනවත්තු, දැසි දස්සො ඔය හැම හැම වරිගයෙම උන් හිටියනෙ. පුංචි කාලෙ ඉදන් ජාතික ගීය ඇහෙනකොට, සිංහ කොඩිය පේනකොට ඇග හිරිවැටිල සීරුවෙන් ඉන්දවෙන විදිහට අපට උගන්වන සමහර දේවල් ටිකක් ටිකක් ලොකුවෙලා දෙපාරක් හිතල බැලූවහම ඇග හිරිවැටිල දතකට පූට්ටුවෙලා සුළුදිය පහවෙනව ලැජ්ජාවට. ”අතිතයේ පෙර රජ සමයේ සිට නෛක ශී විභූශිත ධීර වීර එඩිතර අතීතයකට හිමිකම් කියන්නෝ අපිම වන්නෙමු”,කියල කියන දේවල් ඒ විදිහටම නෙවෙයි වුනේ කිව්වහම අපේ සමහරුන්ගෙ ඈත් මිටමෙලවෙන්නෙ ඉබේම, තියෙන අන්ඳ විශ්වාසෙක මහත.
පස්චාත් නූතන සමාජය තුල ????????? මටත් මංඥංද මන්ද? පත්ති විකාශනයේ ස්වරූපය, කිසිම විප්ලව වාදියෙක් විදිහට හංවඩු නොගැහිච්ච මාටින් වික‍්‍රමසිංහයන්ගෙ පොත් ටිකෙන්ම බලාගන්න පුළුවන්.ගුනදාස අමරසේකරයන්ගෙ ජීවන සුවඳ වගේ සමාජ කථාන්දර වලින් තේරුම් ගන්න පුළුවන්.
බුදුන් වහන්සෙ මෙලොව එලිය දකින්න කාළය, දීපය, කුළය , මව කියන පස්මහ බැළුම්ම බැළුව කියල පුංචි කාලෙ දහම් පාසලේදි ටොකු ඇන ඇන කියල දුන්නෙ. ඒ වගේම අපේ ව්‍යවස්ථාව ගත්තත් පටන් ගන්නකොටම තියෙන්නෙ ”දේවෝ වස්සතු කාලේන සබ්බ සම්පත්ති මේ තුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු දම්මිකෝ” කියල. හිනහත් යනව.
ඔය ඔය පොඞ්ඩ ඇත්තං මහප‍්‍රාණ වෙන්නමයි හදන්නෙ, හරියටම දැනගෙන නම් කමකුත් නැහැ. මම කියල මොනව කරන්නද? අපේ ජාතියේම හැටිනේ, ජාන නිසා වෙන්ටැ.
මම මේක ලියන්න ගත්තෙ සමාජ විද්‍යා පාඩමක් කියන්න නෙවෙයි. මේ සීනිබෝල පෙන්නන සමාජයේ ඇත්ත පය ගහල දකින්න කියල කියන්න. මම බෝඩිමේ සල්ලි දෙන්න නැතුව කැම්පස් එකේ අපේ බෝඩිමේ කොල්ලො දෙතුන් දෙනෙක් එක්ක මෑතකදි පැය ගණනට වැඩ කරන්න සුප‍්‍රසිද්ධ තරු පහේ හොටලයකට ගියා. හොටෙල් ස්කූල් වලින් ටේ‍්‍රනින් එන අය වගේම කැම්පස් කොල්ලොත් පැය6 වැඩ කරල රු:600ක් ගන්න මේ වගේ හෝටල් වල වැඩ කරනව. ඔන්න ඉතින් මමත් ගියා මේ මෑතකදි ජනපතිවරන අපේක්ෂක හුටපටයකටත් පැටලූනු සුප‍්‍රසිද්ධ හෝටලයකට. ඒ මගේ පළවෙනි පාර. නරකම නෑ කෑම ටික ශේප්නේ. දීපු ඇදුම් ඇදගෙන මමත් ගියා කවද කාපු ටකරංද පූසෝ කියාගෙන. අපි විතරක් නෙවෙයි හැමදාම රස්සාව විදිහට මේම යන කොල්ලොත් ඉන්නව. බඩකට පුරා කාල වැඩට සෙට්වුනා. වොටර් ගොබ්ලට්, ෆුට් පන්ච්, රෙඞ් වයින් ග්ලාස් තව තව අරකද මේකද හැම එකක්ම අලූත් අත්දැකීමක්. කොන්ඩෙ කෙටට කපල ඉන්න ඕනෙ වුනාට මගේ කොන්ඩෙ වැවිල තිබුනෙ. ජෙල් පැකැට් 1ක්ම ගාල පාත් කරන් ආවෙ. කොන්ඩෙ ලස්සනට වවනව වගේම කපන්න සල්ලි නැතුව වවන්නත් පුළුවන් , කරල බලන්න. එදා බෝඩිමෙන් ආපු අපි හැමෝගෙම සල්ලි එකතු කරලත් හෝටලේට එන්න විතරයි සල්ලි තිබ්බෙ. වැරදිලාවත් එදා තිබුන ෆන්ක්ෂන් 1 කැන්සල් කරානම් ඉලන්දාරිදෙයියන්ගේම පිහිටයි. කෑමත් නැතුව පයින්ම හොද දුරක් එන්න වෙනව. වාසනාවට වැඩිය වැඩක් වැටුනෙ නෑ වගේම වෙන සමහර හොටෙල්වලදි ලැබෙන අමාරුවෙන් ඉවසා වදාරන තාඩෙන ලැබුනෙ නෑ. කැප්ටන්ගෙ ඉදන් හොද මනුස්සයො ටිකක්උන්නෙ. මගේ සෙනසුරු දසාව නිසාමද මන්ද මම ගිය දවසේම මෙලෝ සංසාර මගුලක්නොදැන සර්ව් කරන්න දැම්ම. ලංකාවෙ සුපිරි කියන පැලැන්තියේ කියන ශෛල්‍යය වෛද්‍ය හමුවක් මැද තමයි සුදුවට අර ලංසි තාලෙ ඇදුමත් ඇදගත්තු අත් දෙකේම වෛයිවාරන කෑම ප්ලේට් තියාන පංචි මම උන්නෙ. දන්න කඞ්ඩ දාල හාමෝටම මම ජීවිතේ පළමු වරට දැකපු තාලේ ඉදන් කෑම වර්ග අල්ලමින් උන්න. අර මාතර හාමිනේල, අරවින්දල මාර්ටින් වික‍්‍රම සිංහයන්ගෙ චරිත අමාරුවෙන් එල්ලිලා අල්ල ගත්ත සුපිරි සමාජය සියැසින් දැක්ක. මෙට්ටෙ උඩ දගලන කූඩළු තාලෙ සුපිරි පැලැන්තියේ එල්ලිල ඉන්න ට‍්‍රයිකරන නොනල, තරබාරු පංචිබේබිලාට මමත් සිරි සිරිමල් ලීලාවෙන් පෙළහර දැක්වුව. කැම්පස් එකේ කොල්ල හොදින් ඉගෙන ගන්නව කියල ඉල්ලූ ගමන් සල්ලි එවන අම්මල දන්නවනම් අමමි ගහයි බැට් එකෙන්.
අපිත් ඩිග්රිය ඉවර කොරල ....................?????????????
බඩ අල්ලගෙන හිනා ඔයි මට.
මේ සමාජ කෝළම අස්සෙ අපිටත් අකමැත්තෙන් හරි රූකඩ වෙන්න කාලයක් ආවොත් පුළුවන් වෙයිද වෙනස් කරන්න මේක................????????????????.
ඒ තොරොම්බෝල් වින්දනය දෙන්න තව පන්ති කීයක් නම් දුක් විදන්දද ??? මම ලබපු මාර සුන්දර අත්දැකීමක් ඒක. කොම කෝම හරි රු:600 දවසෙ වියදම හොයාගෙන කොටුවෙ බස්ටැන්ඩ එකෙන් පේලේන්ටියක් ගහල පාන්දර බස් එකක පිස්සුකෙලගෙන එලිවෙන 4.40ට විතර බෝඩිමට ආව. ඔන්න පුතේ එදා ඉදන් රාජ කුමාරයයි යාළුවො ටිකයි සන්තෝසෙන් සශ‍්‍රීකව ජීවත් වුනාළු. ( පිස්සු බමප්වෙනව ඔයි...... ස.හි.)
............සමාප්තයි. ( නැවත හමුවන තුරු )...........

Comments