ඇත්ත කථාවක්....

     ගිය 5 වෙනිදා අපි යාළුවෙත් එක්ක මූදෙ නාන්න හික්කඩු ගියා.මේ ගමන යන්න අපි නැග්ග ගාල්ල කොළඹ බස් එකේ අමුතුම තාලේ යාචකයෙක් නැංග. හරිනම් මේ වෙනකොට මේ විදියට බස් වල හිගා කෑමත් වෙළදම් කිරීමත් තහනම්. එත් මේ අපූරු පුද්ලයට බස් එකේ රියදුරු මහත්මය අවසර දීල තිබුන. රියදුරු අසුන ලගින් බස් එකේ හැමෝටම පේන විදියට හැරුනු මිනිහ මෙහෙම කථාවක් කිව්ව.
    ”මේ නොනල මහත් වරු ඉගෙන ගත්ත ලොකු නෝනල මහත්වරු උපාධි කාරයෝ, ලොකු කොම්පැනි වල මහත්වරු.මම මන්ද බුද්ධිකයෙක් !. මහත්තයෝ ඔය ගොල්ලන්ගෙ කවුරුවත් කවදාවත් මන් වගේ මන්ද බුද්ධික වෙන්න නම් එපා.මහත්තයෝ මන්ද බුද්ධික වුනාම කවුරුත් ගනන්ගන්නෙ නෑ.මට මේ බස්එකේ ඩ‍්‍රැයිවර් මහත්තය අවසර දුන්න, ඒ අයට වැඩි වැඩියෙන් ලැබෙන්න  ඕන.මම ගාව හැකියාවන් 5ක් තියෙනව.මම ඔයාලට ඒව පෙන්නන්නම්.”
        කියපු මේ මනුස්සය, ”එළුව කෑගහන්නෙ මෙහෙමයි...” කියල ”බෑ” කියල මිනිහගෙ ගොරෝසු හඩින් කෑගැහුවම,බස් එකේ මිනිස්සු වගේම මමත් හිනාව නවත්ත ගන්න ට‍්‍රයි කලා.මේ මනුස්සය කළු පාට දිග කලිසමට කී‍්‍රම් පාටට උඩින් දුබුරු පාට කොටු වැටුන අත්කොට කමිසයක් ඇදගත්ත කෙන්ඩෙ සුදුවේගෙන ඇවිත් තිබුන බොහොම ප‍්‍රිය මනාප පෙනුමක් මනුස්සයෙක්, කාටවත් මේ මනුස්සයට බනින්න නම් හිතෙන්නේ නෑ.ඊට පස්සෙ ”පූස කෑගහන්නෙ මෙහෙමයි...” කියල ”ඤව්” කියල පෙන්නුව.  ර්‍ණජහුග මේ  කබි සාත් සවේේර ... ර්‍ණ සින්දුව කෑගහල තාලයක් නැතුව කිව්ව මිනිහ, දිග හෑල්ලක් කියාගෙන මුදල් එකතු කරන්න හැමෝම ලගට ආව.ඒ එන ගමන් හැමෝටම මොකක් හරි කියන්නත් අමතක කලේ නෑ. මට නම් දෙන්න සල්ලියක් තිබුනෙත් නෑ අයෙ එන්න විතරයි මා ලග සල්ලි තිබුනෙ. මට යි මගේ පිටිපස්සේ ආසනේ වාඩිවෙලා උන්නු යාළුවටයි,”උපාධි කාර මහත්වරු කෙනෙක් වේවා!” කිව්වෙ අපි ගැන දැනගෙන නෙවෙයි. තව යාළුවෙක්ට ”ටෙලිකොම් එකේ මැනේජර් වෙන්න වාසනාව ලැබේවා !” කියපු මිනිහ එයාගෙ ගර්ල් ෆෙරෙන්ඞ් ට ”ජනිධිපති වෙන්න වාසනාව ලැබේවා !” යි කියාගෙන මුදල් ටික එකතු කරගත්ත. සෑහෙන පිරිසකුත් යහමින් ආධාර කළා.ඊට පස්සෙ චාමරගේ අළුත් සින්දුවක් කෑගහල තාලයක් නැතුව පිටිපස්සෙ ඉදන් කිව්ව මිනිහ,අර යාළුවගෙන්ම ”මේ ගාල්ලද?” කියල අහල ආසනයකින් වාඩිවෙලා හොදට හිටිය. අපි හික්කඩුවෙන් බැස්ස මිනිහව අමතක වෙලා ගියා.ඒත් මිනිහව මතක හිටින විශේෂ මතකයක් ඉතුරු කරල ගියා.
    මිනිහ කලේ ඇත්තක් ද බොරුවක්ද කියන එක පැත්තක දැම්මත්, මිනිහ කියපුව අහපුවාම අපියි මන්ද මානසිකයො කියල හිතුන. මතක් වෙන කොටත් හිනා යනව. මිනිහට මන්ද මානසිකත්වයක් නෑ අපටයි තියෙන්නෙ. හිගා කන්න විවිධ ක‍්‍රම පාවිච්චි කරනව හැමදාම දැකල මිනිස්සුන්ට යාචකයෙක් එච්චර ගානක් නෑ වගේම මුදල් දෙන්න තරම් සැලකිල්ලකුත් නෑ.උපාධිය ගත්ත  ඕනම කෙනෙක් සමාජයේ ඉහලම පුද්ගලයෙක් විදියට සලකල නෙ මේ මනුස්සය අර විදියට කිව්වෙ.ටිකක් හිතල බැලූවහම එහෙම කියපු එකේම සැගවුනු හාස්‍යක් තියෙනව.ටෙලිකොම් කථාව පැත්තක දැම්මත්, ජනාධිපති වෙන්න වරම් ලැබේවා කියන එකනම් ඇත්තටම කප්රුකක් පහල වීමක් තමයි.තමන්ටයි තමන්ගෙ සනුහරේ ගෑවුනු ගෑවුනු එකෙක් ගොඩයන හොදම වැඩපිළිවල තමයි මේක කියල ගියේ.උදාහරණ මම කියන්නම  ඕනේ නෑනෙ.ඒ මනුස්සයට පින්සිද්ධ වෙන්න අපිත් සමාජයේ පිළිගත්ත උන් වූනානේද?( හිනා *.

Comments

නදී said…
පව් ඒ මනුස්සයා