මම .....
නම ටී.එච්.සනත්.උපන්නේ 1986.10.14. ගාල්ලේ මහමෝදර රෝහලේ කියලයි උප්පැන්නෙ තිබුනෙ.මා,මානව සත්ව පරිනාමයේ තවත් ජෛව කියාවක් මගින් ටී.එච්.ආරියදාස සහ එච්.දීපා ද සිල්වා ට දාව මෙලොවට බිහිවුනා කියල කියන්නපුළුවන්.
         මම පොඩි කාලේ මීට වඩා සෑහෙන වෙනස් චරිතයක්.මගේ පවුලෙ මම විතරයි හැබැයි පොඩි කාලෙ ඉදල අපේ ගෙදර මට අක්ක කෙනෙක් හිටිය (අපේ බාප්පාගේ දුව).ඒ කාලේ ගොඩාක් නිහඩ චරිතයක් කීවොත් හරි.ගේ ඉස්සරහ තිබුන ස්කෝලෙ මගේ පාතමික විදුහල මොකද මම මෙන්ටිසෝරිය කියල එකකට ගිය එකෙක් නෙවෙයි.මුලින්ම ඉස්කෝලෙටයි ගියේ.ගා/රන්දෙණිගම ක.වි. මාත් එක්ක අවුරැද්දක් උගත්ත එවුන් 2 වසරට යද්දි මම අයෙත් 1 වසරේ තනිවෙලා හොදටම ඇඩුව මට මතකයි.ටිකක් විතර ලොකුවුනාමයි තේරැනේ මම මෙන්ටිසෝරිය වෙනුවට අවුරැද්දක් කලින් ස්කෝලෙ ගිය වග.ගොඩක් නිහඩ චරිතයක්.මගේ වැඩි පුරක් සෙල්ලම් තිබුනේ කැලේ.
        එයින් මෙයින් 4 වසර වෙනකන් ‍‍ගේ ඉස්සරහ ඉස්කොලෙට ගිය මම 5 වසර සදහා ගා/කරන්දෙණිය ක.වි. ට ආව. ශිෂ්‍යත්වෙන් අම්බලන්ගොඩ ධර්මාශෝකෙට ආවෙ කරන්දෙණිය සෙන්ටල් එකේ මාස 7ක් ඉදල.SOKIAN  වුනාට පස්සෙ ඒ ජීවිතේ එකම මතක හිටින කාලෙ මේ ඉස්කොල කාලේ.2002 කාලෙ Eastern Music Unit 1 සාමාජිකයෙක්.2002 සමස්ථ ලංකා නියෝජනයත් 2 ප්ලේස් ගැනීමත් ඒ කාලෙ කරපු කියපු දේවලුත් මාව වෙනස්ම එකෙක් කරන්න පාර කැපුව. 2002 O/L 2005 A/L කරල 2006 (Open University Of Sri lanka) විවෘතෙට ආවෙ.‍
               විවෘතෙ මගේ දෙවැනි උපත වගේ.මම විවෘතෙට එන්න කලින් වෙනස්ම චරිතයක්.සාම්පදායිකව හිතන නිහඩ පද්ගලයෙක්.ඒත් මේකට ආවම මම වෙනමම එකෙක් වෙලා.සමාජ ආසසරයක් ගෑවිලාවත් ‍නොතිබුන පසිද්ධියේ වචනයක් කියාගන්න බැරැව හිටපු එකෙක් මේකෙදි අමුතු සතෙක් වුනා. දැන් ඉන්නෙ උ තමයි.
                   ඉතින් ඉනින් තව තව වෙච්ච දේවල් කරන දේවල් හිතන දේවල් මේකෙ ලියනව........
                                                               
                                            බූමි‍තෙල් වගේද කළු දොදොල් ...!

Comments